Archive for November 2009

Google Wave

ඔන්න දැං සහන්ටත් පුලුවන් wave ආරාධනා යවන්න.



ඒත් මට නං පේන්නෙ රැල්ල දැන් ටිකක් අඩු වෙලා වගේ, මුල් දවස්වල තිබුණු කික් එක දැං බැහැල. ඒත් තාමත් wave නොලැබුණු අය ඉන්නවනම් මට කියන්න 16 දෙනෙකුට අවස්ථාව තියනවා,


Google wave ආවෙ නැති අය මට ඊ-මේල් ලිපිනය දෙන්න (comment එකකින්) මම ආරාධනාවක් එවන්නම්
Nov 27, 2009
Posted by සහන් සටහන්

Localization

හැමෝම දේශීයක‍රණය ගැන කතාක‍රන නිසා මටත් හිතුනා ඔන්න දේශීයක‍රණය වෙන්න. හැබැයි ඒ සිංහල Vista වත් සිංහල Office වත් දාලනං නෙවෙයි.අපි සිංහලෙන් බ්ලොග් ලියනවා ඒ වගේම මට හිතුනා මාත් නිකම්ම සම්පූරණයෙන්ම ඉන්ටර්නෙට් සිංහල වෙලා නේද කියලා, මොකද මම කාලෙකිං ඉංග්‍රීසි වෙබ් සයිට් එකකට ගිහින් නෑ, හේතුව නම් ඉගෙන ගන්න දෙයක් උනත් මට මේ බ්ලොග් අත‍රින් හොයාගන්න පුලුවන් උන නිසා ඒ ත‍රමටම අපේ කට්ටිය ලංකාවෙ සිංහල බ්ලොග් ප්‍රචලිත ක‍රල තියනවා.ඔන්න ඔය හේතූන් නිසා මට හිතුනා මගේ බ්ලොග් එකේ තීම එකත් අපිටම අනන්‍ය එකක් උනොත් මොකද කියලා
ඒ නිසා ඔන්න මම මගේ බ්ලොගේ තීම් එක වෙනස් කලා How is That අපේ කම සහ අපේ උරුමය තමා දැන් මගේ බ්ලොගේ පුරාවටම, ප‍රන තීම එක නිකං සුකුරුත්තං වැඩී කියල නිත‍රම හිතුනා ඒකත් හේතු උනා අලුත් තීම් එකට බහින්න, හොඳයිද කියල කියන්න.


Nov 26, 2009
Posted by සහන් සටහන්

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.

ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.

ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.

BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).

තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

(මගේ අදහස: මා අසා ඇති ආකාරයට සම්මානයක් සහතිකයක් ත්‍යාගයක් පිරිනමන්නේ ජයග්‍රහනයකදී හෝ සේවයක් ඇගයීමේදී වැනි අවස්ථාවකදීය, එහෙත් මා අසා නැති දෙයනම් සම්මානය සදහා සම්මාන ලාභියාගෙන් ඒ සඳහා මුදල් ලබාගැනීමයි. මෙය මහම මහ විලි ලැජ්ජා නැති ක්‍රියාවකි,විහිලුවකි, සම්මාන ලාභියාටත් කල අවමානයකි. එයට මාගේද බලවත් විරුද්ධත්වය)

Nov 18, 2009
Posted by සහන් සටහන්
Tag :

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -