Archive for June 2010

My Phone History & what's next

ඔන්න කාලෙකිං මේ පැත්තේ ආවේ..... මොකද ලාංකීය සිතුවිලි එකෙන් වෝර්නිං එකක් දාල තිබ්බනේ . ඒ නිසාත් කාලෙකිං ගෙදර ඉඳං කරන්න දේකුත් නැතුව ඉද්දී හිතුනා මොකුත් ලියන්න ඕනෙ කියල, ඉතිං මොනවද ලියන්නෙ කියල ඉන්නකොට හිතුන මම කාලයක් තිස්සෙ පාවිච්චි කරපු මොබයිල් ෆෝන් ගැන ලියන්න ඕන කියල , ඒත් එක්කම දැනට පාවිච්චි කරන ෆෝන් එක දැකල දැකලම එපා වෙලා ඉන්න නිසා අලුතෙන් එකක් ගන්නත් කම්පනා කලා ඒකට අයිඩියාවක් දැනගන්නත් එක්ක ඕං මේ ලියන්නේ. එහෙනං ඉස්සරලම කියන්නං මට ෆෝන් පිස්සුව ගැහුවෙ කොහොමද කියල පලවෙනියටම ගත්තේ Motorola a130 එකක්
ඒක ගත්තෙ අප්පච්චි ඊට පස්සෙ Motorola Startac ⇙
Ericsson T10 එක මාස හයක් විතර ⇙
ඊලඟට Sony Ericsson T105 ⇙
5900ට තමා ගත්තේ . ඒ අස්සෙ තව කැමරා ෆෝන් බලන්න කඩවල් ගානෙ යන්නත් අමතක කොලේ නෑ. ඒ අතරේ ෆෝන් එක අවුරුද්දක් විතර තියං ඉඳලා 5600කට වික්කා. ඒත් කැමරා ෆෝන් එකක් ඒ දවස්වල රු 20000ක් විතර වෙනවනේ... ඒ වෙනකොට අතේ 4000ක්වත් නෑ. පස්සෙ ට්‍රිප් එකක් යන්න සෙට්වෙලා අප්පච්චිට කියල ඉතුරු සල්ලි ගෙන්නන්ගෙන ගත්තා
Samsung X620 එකක් ඒ වෙනකොට A/L ඉවර වෙලා සතියක් වත් නෑ..... ඒත් ගත්ත ෆෝන් එකේ (X620 උනාට යාලුවගෙ තිබ්බ X600 තරම්) ෆොටෝ පැහැදිලි නෑ. ඔන්න සති දෙකකට විතර පස්සෙ ගිහින් X620 ඒ කඩේටම දීල X640 එකක් ගත්ත , ඒක කියල වැඩක් නෑ නියමයි....... හැබැයි වීඩියෝ නෑ මෙමරි card නෑ ඒත් ෆොටෝ කොලිටියනම් නියමයි.

ඔය අතරෙ එකෙක් කියපි Nokia 6630 වගයක් තියනව වෙන රටකින් ගෙනැත් මෙහෙ අන්ලොක් කරල විකුනනව 9000ට කියල..... යකෝ ඒ දවස්වල 22000ක් වෙච්ච එක 9000ට තියනවනං ඉතිං කවර කතාද? මට දෙකක් ඕනෙ කියල ගියා අර මෑන්ස්ව මාට්ටු වෙන්න. මෙන්න බුවා කියපි මගෙ නෙවෙයි ෆෝන් මම දන්න කෙනෙක්ගෙ කියල පහුවෙනිද දෙන්නං කියල. ඔන්න පහුවෙනිද එලිවෙනකොට උගෙ ගේ ඉස්සරහ..... ඒපාර මූ කියපි අද පන්තියෙදි ෆෝන් ගේන කෙනා හම්බෙනව පන්තිය ඇරෙන වෙලාවට එන්න කියල. මක් කොරන්නද ආපහු ගෙදර ඇවිත් ගියා 4ට විතර අරූගෙ පන්තිය ලඟට. ඒපාර මූ කියනව යාලුව ආවෙ නෑ කියල............. පස්සෙ 9000හෙ 6630 පැත්තක දාල ආව ගෙදරට. ඒ වෙනකොට මට 6630ක් ඕනෙම වෙලා හිටියෙ ඒ නිසා Samsung X640 විකුනල කඩෙන්ම Nokia 6630ක් 20000කට.
ඒකත් perfect ෆෝන් එක මම කාලයක් ආසාවෙං පාවිච්චි කරා 😍. ඔන්න ඒ අතරෙ ආපහු වෙන ෆෝන් එකක් ගන්න හිතිල පින්තූර එකතු කරන්න පටන් අරගෙනයි තිබ්බේ...... ඒ අතරේ 6630 වික්කා යාලුවෙක්ගෙ අයිය කෙනෙකුට. ඒත් පිංතූර එකතුකොලාට කෝ සල්ලි අලුත් එකක් ගන්න. ඒ අතරේ එක එක ජල්ටොං නානාප්‍රකාර ෆෝන් පාවිච්චි කලා..... ඒ අතරෙ Nokia 3230 ⇙
එකක් තිබ්බා අකමැත්තෙන් හරි පාවිච්චි කලා (ඒත් ඒකෙ තිබ්බ මරු කාර් ගේම් එකක් මම ෆෝන් වල ගේම් ගහන්න කැමති නැති උනත් ඒකනම් මට අල්ලල ගියා). ඊලඟට Nokia 1100 හප්පා ගින්දර ෆෝන් එක වැටෙනව පොලවෙ ගහනව සින්ක් එකට වැටුන කිසි ලෙඩක් නෑ. නෑ බෑ කියන්නෑ එකපාරක්වත් කිසි කරදරයක් දුන්නෑ. ඔන්න ඒ අස්සෙ අර පින්තූර එකතුව සෑහෙන්න ලොකු වෙලා තිබුනෙ ඒකෙ N73, N93, W810i, K800i, K810i, වගේ ජාති ඒත් එක්කම කැෆේ එකක් පැත්තෙ ගියොත් www.gsmarena.com එකෙන් ටැබ් 5ක්වත් ඕපන් කරල තමා වෙන වැඩක් කරගන්නේ. ඒ අතරෙ යාලුවෙකුගෙ තිබ්බා Sony Ericsson P990i කියල එකක් පොඩ්ඩක් කරකවල එහෙම බැලුවම මාරයි කියල හිතුන ඔන්න පින්තූර කලෙක්ෂන් එකට තව සාමාජිකයෙක් සෙට් උනා........ පස්සෙ ඒ යලුවගෙන් එහෙම ඇහුවම කීව නියමයි කියල (ඒ වෙනකොට එයාගෙ ෆෝන් එක එකෙක් උස්සල). තීරනය කලා P990i එක ගන්න. ගියා ෆෝන් කඩේකට ඇහුව ගාන 47000යි කිව. හෆොයි තව තැනකින් ඇහුවම කීව 39000යි කියල ඔන්න එකක් දෙන්න කීවම සතියකින් දෙන්නම් කීව පස්සෙ සතියක් තිස්සෙ එතෙන්ට කෝල් දිදී ඉඳල ගියා ගත්ත. 2GB මෙමරි කාඩ් එකටත් එක්ක 42000ක් උනා ඔන්න ෆෝන් එක.
අවුරුද්දයි මාස ගානක් කිසි ලෙඩක් කරදරයක් නෑ බැස්ටිය සතියක් තියනව. ඕන්න ආපහු පින්තූර එකතු කරන්න ගත්තා මේ දවස්වල වෙන එකකට පනින්න............. මොකක්ද හොඳ ඇපල් iPhone 3Gs or 4, Samsung Omnia 2, Nokia වලටනම් දැං මම කැමති නෑ මොකද නොකිය ගෙයි චීන කොපි (චීන කීවට ඒව චීන නෙවෙයි අරාබි වගේ 😂 ) වලයි වෙනසක් නෑනේ. වැඩියෙන්ම කැමති Sony වලට මොකද කොපි නෑ ලෙඩ නෑ පහසුකම් අපරිමිතයි යූසර් ෆ්‍රෙන්ඩ්ලි, ඒ නිසා මේව ගැන පොඩ්ඩක් හොයනව Sony Ericsson satio,Vivaz,ඒ අතරින් හිත ගියෙ Sony XPERIA neo එකට (ඒ වෙනකොට Sony Eeicsson නෑ Sony වෙලා තිබුනෙ) ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකත් එක්ක ඉන්ටර්ෆේස් එක එහෙම මාරම මාරයි.
ඒ අතරෙ හොඳ Phone එකක් තියනව Googleලගෙ කියල මල්ලි කීව පස්සෙ බලද්දි Google nexus series එකේ Samsung device එක ඇවිල්ල Galaxy Nexus 🤗
ලංකාවට ආවම අලුත 65000/= කීවා.... කොහොම හරි ගත්ත ඒකත්. (තවමත් Phone එක වැඩ).... ඒ අතරෙ මට හිතුන මම ගත්ත Phone ආයෙ විකුණන්නෙ නෑ හැම එකම එකතු කරන්න ඕන කියල ඒ නිසා Nexus එක තියාගෙනම අලුත් ෆෝන් එකට යන්න තීරණය කලා, OnePlus One ආව මුල් කාලෙ නමත් අලුත් කා අතරත් ජනප්‍රිය නැති අමුතු ෆෝන් එකක්, මුලදි invitation වලට විතරයි ගන්න පුලුවන් උනේ, හැබැයි wow.lk එකෙන් credit card promotion එකක් දාල කැම්පස් එකේ මගෙ යාලුව Order එකක් දාල තිබුන දැක්ක,එවෙලෙම order කලා, සතියකින් device එක ආවා 😍.
Sandstone Black දැක්කම ආස හිතෙන දකින අය මොකක්ද මේ කියල අහන, පට්ට ෆෝන් එක cyanogenmod OS එකත් එක්ක ආවෙ (පස්සෙ oneplusම OS එකක් දුන්න Oxigen කියල මෙලෝ රහක් නැති... ඒ නිසාම ආයෙ OnePlus ගන්න අදහස නැති උනා ඒත් එක්කම ඉංදියාවෙ හදන්න අරගත්ත නිසා දැන් නම් දෙක පහට වැටිල වගේ ඒකත්. OnePlus One එකත් තවම මගෙ ලඟ තියනව (හිතාගෙන ඉන්නෙ ඒකෙන් Teardown Frame එකක් හදන්න
ඒකෙන් පස්සෙ ගන්න ෆෝන් එකක් බැලුව ඇපල් iphone 7 ඒ වෙද්දි තිබුනෙ 2017දී ඒක සෙට් උනේම නැති නිසා අන්තිමට තීරණය කලා Samsung Galaxy S8එක ගන්න, Release කලා විතරයි නිසා යාලුවො කීව ටිකක් බලල ඉන්න ලෙඩ තිබුනොත් හොයල ගන්න පුලුවන් කියල, ඒ නිසා iphone 8 ආව අලුත වගේ... ඒකත් බලල ගත්තෙ Samsung Galaxy S8 එක. 2017 November ඉඳන් තාමත් වැඩ දවසක් battery තියනව.... (ආ ඒකත් එක්කම වගේ ගත්ත Nokia 3310 අලුත් version එක,
පරණ 3310ට තිබුන ආසාවටතත් එක්ක, ඒකෙ sim detect කැන්නැති අවුලක් ඇවිල්ල හදන්න දුන්න දුන්නමයි phone එක මිසිං)...
අවුරුදු 6කුත් මාස 2ක් සුපිරියටම වැඩ ගත්ත S8 එක තියෙද්දිම S23 එක ගන්න හිතුන හැබැයි ඒකෙ කිසි වෙනසක් නෑ Ultra එක ලොකු වැඩි වගෙම කිසි හැඩයක් නෑ, ඒත් එක්කම ආයෙ සැරයක් ඇපල් දිහා බලන්න හිතුනේ යන්තමට ඇපල් ෆෝන් අනිත් ඒව ලඟට ඇවිල්ල නිසා අඩුගානෙ USB Type C port එකවත් ආවනෙ 🫢 ඉතිං ඔන්න ඔහෙ ගත්ත අයිපෝන් 15pro එකයි එයාපොඩ් pro 2nd gen එකයි, දැනට ඉතිං battery මදි එක තමයි කියන්න තියෙන්නෙ..... මේ තියෙන්නෙ ගත්ත ඒව ආයෙ විකුනන්නෑ කියල තීරණය කලාට පස්සෙ එකතු කරගත්ත ටික....
(පරන ඒව ටිකත් යොයල එකතුවක් හදාගන්න අසහසකුත් තියනව)...
Jun 14, 2010
Posted by සහන් සටහන්

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -