- Back to Home »
- My Stuff »
- මල් ගැහිල්ල
මනුස්සයෙක් උනාම තියනවනෙ එක එක ජාතියෙ addictions ඒ කියන්නෙ ඇබ්බැහි වීම්, මම කියන්නෙ හැමෝටම නෙමෙයි සමහරුන්ට. මම මේ කියන්නෙ මමත් කාලයක් තිස්සෙ එහෙම ඇබ්බැහි වෙලා ඉන්න දෙයක් ගැන.
ඔන්න ඉස්සර මම හරිම අකමැති දෙයක් තමයි Trip හපෝ ඔය වචනෙ ඇහෙනකොට මම හෙමිහිට ලිස්සල යනව, ඒ ඉතිං හුගක් වෙලාවට යන පුත්ගලයො මත තමයි ඒක තීරනය උනේ. පස්සෙ උනත් ඒකෙ වෙනසක් නම් නෑ. ඔහොම ඉන්නකොට තමයි මම මල් ගැහිල්ලට පුරුදු උනේ ඒ කියන්නේ Trip ගිහින් කට්ටිය විනෝද වෙන අතරෙ මම කරන්නේ ෂේප් එකේ හෙමිනි හෙමින් එතනින් මාරුවෙලා මල් ගහනවා.
මේ තියෙන්නෙ ගහපු මල්
මේ මල (උඩ තියන මල) අපේ ගේ ලඟ පිපුනේ කොල නෑ අවුරුද්දකට සැරයක් පිපෙන්නෙ මම හිතන්නෙ අලේ ඇති
මලට බඹරෙකු සේ (මං ආසම එක)
තව නොදාපු මල් වගේම අමුතුම ජාතියෙ Photos ගොඩාක් තියනවා ටික ටික දාන්න................ ඔක්කොම එකපාර දැම්මම අගයක් නෑනේ. තව දෙයක් මේ ඔක්කොම පිංතූර මගෙ Sony Ericsson P990i එකෙන් ගත්ත ඒවා. ඒ කියන්නෙ මෙගා පික්සෙල් 2කින්
මමත් එක පාරක් මලක් ගැහුවා. මේ තියෙන්නෙ විස්තර
http://status-chanaka.blogspot.com/2008/12/blog-post_10.html
@ Chanaka අපි දෙන්න මල් ගහල තියෙන්නෙ ක්‍රම දෙකකට නේ.... :-) ඒක නෙවෙයි තව කව්ද මල් ගහන්නෙ කියල සෑහෙන අවධානෙන් වගේ ඉන්නෙ
තවත් මල් දාන්න.අලුත් ඒවා,
අපි නම් ට්‍රිප් ගියාම මල් නෙළනවා... පවුලේ අයත් එක්ක යන චාරිකාවක් නෙමෙයි නම් මල් දෙක තුනක් ෂුවර්. :P
@සහන්
හී හී, මල් ගහන ක්‍රම ගොඩක් තියෙනවානෙ.ඉතින් මල් ගහන අනිත් අයගෙ ක්‍රම සහ විධි ගැන ඉගෙන ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි අවධානයෙන් ඉන්නෙ