හුගක් අය තම තමන්ගෙ බ්ලොග් වලට ෆ්ලෑෂ් වලින් හදපු clock දාගෙන තියනවා නමුත් එම විජට්ටුවල දැක්ක අඩුපාඩුවක් නිසා තමා මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. අඩුපාඩුව තමයි ඒ ඔරලෝසුව ලගට cursor එක ලං කලාම එක එක ඇඩ් දාන එක. එහෙම නැතුව තමන්ගෙම flash clock එකක් හදාගෙන තමන්ගෙ බ්ලොග් එකේ පැත්තකින් තියාගන්න ඕන නම් මෙන්න ක්‍රමේ. මේ සදහා මම බාවිතා කලේ Adobe Flash CS3 වෙලුම තුල එන Action Script 2.0 තමා. ඉස්සරවෙලාම බලමු clock එක හදන විදිහ. මුලින්ම ෆ්ලෑෂ්වල Action Script 2.0 file එකක් open කරගෙන ඔරලෝසු මුහුනතට තමන්ට ඕන කරන සයිස් එකක් දෙන්න ඕන. ඊලගට මේ තියනව වගේ ලේයර් ටික හදාගන්න වෙනවා ඒත් එක්කම ඒ සදහා නම් දාගැනීමනම් අනිවාර්යෙන්ම කලයුතුයි.මොකද එහෙම නොකලොත් ඔක්කොම පැටලිලා ජංජාලයක් වෙලා අල වෙච්ච වාර අනන්තයි :D .හැම layer එකකටම frame 2 ගානෙ දෙන්න (F5)ඊගාවට තමා කටු සෙට් එක හදාගන්නෙ. ඒක තමන්ට ඕන විදිහකට කරගතහැකියි ලස්සන කටු ටිකක් පැය,මිනිත්තු සහ තත්පර කටු මම නම් ෆ්ලෑෂ් වලින්ම දාගත්ත lines තමා ගත්තෙ අවශ්‍ය දිගවල් වලට.(ලස්සන ඕනම නම් පොටෝෂොප් වලින් වැඩ කෑල්ලක් දාගන්න)ලයින් ටූල් එකන් ඇදගත්ත කටු (හදාගත්ත ඉමේජ් නම් ඒක ඉම්පෝට් ක්රගන්න ස්ටේජ් එකට) Movie clip කරගත යිතුයි ඒකට කී බෝඩ් එකේ F8 ඔබල එන වින්ඩෝවෙන් Name එක (තත්පර කටුව sec) විදිහටත් Type එක Movie Clip විදිහටත් දෙන්න. ඒත් එක්කම ඕකෙ තියන Registration කියන තැන මේ වගේ තියෙන්න ඕන (නැත්තං කටු ටික යකා නටන්න ගන්නවා ;) )ආ යට තියන Movie Clip properties හි තියන instant name එකට ඔරලෝසු කට්ටෙ නම දෙන්නඋදා:- තත්පර secමිනිත්තු minපැය hourවෙන්න ඕන අනික තමයි මේ ඔක්කොම ඊට අදාල ලේයර් වලම තියෙන්නත් වෙනවා.ඒත් එක්කම තව දෙයක්කටු ටික මේ වගේ center point එක පැත්තකට කරන්න ඕන ඒකට (Q)shortcut කී එක press කරල free transform tool එකෙන් පුලුවන් මේ විදිහටකටු වැඩ ඉවරයි නම් ඔන්න දැං තියෙන්නෙ script එක ලියන්න.මුලදි මම කියපු ලේයර් වල action කියල නම් කල ලේයර් එකට ගිහින් පලවෙනි key frame එක ක්ලික් කරල (F9) key එක press කලානම් හරි දැන් මේ script ටික ඒකට දාන්න.time=new Date();seconds = time.getSeconds()minutes = time.getMinutes()hours = time.getHours()hours = hours + (minutes/60);seconds = seconds*6;minutes = minutes*6;hours = hours*30;sec._rotation=seconds;min._rotation=minutes;hour._rotation=hours;දාල ඉවරවෙලා Ctrl+Enret ගහල බලන්න වැඩද කියලා.....දැං ඔරලෝසු මූන (මම නම් ගූගල් සෙවුමකින් ගත්තෙ)හදලා පිටිපස්සට දාන්න.doneදැං මේක දාමු බ්ලොග් විජටුවලට......මුලින්ම හදාගත්ත පිටි මිශ්‍රණය බේක් කරගන්න ඕන (හුටා වැරදුනා) clock.swf එක upload කරගන්න ඕන. මම දැම්මෙ fileden වලට.URL එක අරගෙන<embed src="http://www.fileden.com/files/2010/1/6/2715467/clock1%20%282%29.swf" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="150" width="150"></embed>අලුතෙන් widget (HTML/JavaScript Add ) එකක් ඇඩ් කරල උඩ තියන කෝඩ් ටික ඒකට දාන්න.පෝස්ට් එකේ උඩම තියෙන්නෙ සුදු background එක නැතුවනේ...!ඔව් ඒකට කරන්න තියෙන්නේ කෝඩ් එකේ embed tag එකේ පිටිපස්සට wmode="transparent" කෑල්ල දාන්න. දැං හරිsource file eka clock.fla මෙතනින් ගන්න
ෆ්ලෑෂ් වලින් හදපු ඔරලෝසුව නම් නියමයි.මාත් මේහෙම එකක් හොය හොයා හිට්යේ.ඔන්න් අද ඉතින් සහන් සහොදරයා නිසා ලෑබුනා.ගොඩාක් ස්තුති ඈ.....
එළ එළ ...අපේකම එක්ක අපේම ඔරලෝසුවක් හදපු එක වටිනවා....
man mekata asayi...but.....therenne ne......;)..eaka mage mati mole awulak!!!
ඒක නම් හොන්දයි තමා බලමුකෝ කරල
මමත් ඔක ගැන ලිව්වා හැබැයි සයිට් එකට දගන්න හැටි ලිව්වවේ නැhttp://pcteching.blogspot.com/2010/01/flash.html
@ අසේල: @දිලංක: ස්තූතියි කමෙන්ට් එකට.@ නීනු: මට කියන්න තියෙන්නෙත් ඔයා කියපු දේම අනිත් පැත්ත.. (ඔයාගෙ නිසඳැස් බ්ලොග් වලට)@ කරල බලන්න අවුල් ඇතොත් දැනුවත් කරන්නත් අමතක ක්රන්න එපා.@ Dayan Senavirathna:ඔයා ලියපු එක නියමයි, ඒත් මං දැනුයි දැක්කෙ. කමක් නෑනේ මේක දාපු එකට. (අනිත් එක මම Macromedia flash අල්ලවත් නෑ)
එළනේ.., කරලා බලන්න ඕනේ.. :)
එළනෙ මමනං ඔන්න add කලා...මගෙ බ්ලොග් එකට ගිහින් බලන්නකෝ
@Thilina: කරල බලන්න.... හොද නරක කියන්න කරලම බලන්න ඕනනේ.@සසීන්ද්‍ර: දැක්ක දැක්කා@madhu: තැංකූ මිස්
ෆ්ලැෂ් දැනුම බින්දුවයි... ඒහින්දා කියෙව්වා විචරයි ...
නියමයි.
මටත් ෆ්ලෑෂ් බෑ.. ඒත් ඉතින් ලිපිය නම් වටිනව. මම නම් ඉතින් බ්ලොග් එකට ඔරලෝසුවක් දාල ඒක ලෝඩ් වෙන්න යව වෙලාව අඩු කරගන්න කැමති නෑ.. ඔරලෝසුව කොහොමත් ටාස්ක් බාර් එකේ තියෙනවනෙ..
එළ එළ නියමයි.
මම මේ ඔරලෝසුවෙන් එකක් ඇනවුම් කරනවා මගෙ Portfoliio එක සදහා
Post a Comment
- Copyright © 2025 සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -
ෆ්ලෑෂ් වලින් හදපු ඔරලෝසුව නම් නියමයි.
මාත් මේහෙම එකක් හොය හොයා හිට්යේ.ඔන්න් අද ඉතින් සහන් සහොදරයා නිසා ලෑබුනා.ගොඩාක් ස්තුති ඈ.....
එළ එළ ...
අපේකම එක්ක අපේම ඔරලෝසුවක් හදපු එක වටිනවා....
man mekata asayi...but.....therenne ne......;)..eaka mage mati mole awulak!!!
ඒක නම් හොන්දයි තමා බලමුකෝ කරල
මමත් ඔක ගැන ලිව්වා හැබැයි සයිට් එකට දගන්න හැටි ලිව්වවේ නැ
http://pcteching.blogspot.com/2010/01/flash.html
@ අසේල: @දිලංක: ස්තූතියි කමෙන්ට් එකට.
@ නීනු: මට කියන්න තියෙන්නෙත් ඔයා කියපු දේම අනිත් පැත්ත.. (ඔයාගෙ නිසඳැස් බ්ලොග් වලට)
@ කරල බලන්න අවුල් ඇතොත් දැනුවත් කරන්නත් අමතක ක්රන්න එපා.
@ Dayan Senavirathna:ඔයා ලියපු එක නියමයි, ඒත් මං දැනුයි දැක්කෙ. කමක් නෑනේ මේක දාපු එකට. (අනිත් එක මම Macromedia flash අල්ලවත් නෑ)
එළනේ.., කරලා බලන්න ඕනේ.. :)
එළනෙ මමනං ඔන්න add කලා...මගෙ බ්ලොග් එකට ගිහින් බලන්නකෝ
@Thilina: කරල බලන්න.... හොද නරක කියන්න කරලම බලන්න ඕනනේ.
@සසීන්ද්‍ර: දැක්ක දැක්කා
@madhu: තැංකූ මිස්
ෆ්ලැෂ් දැනුම බින්දුවයි... ඒහින්දා කියෙව්වා විචරයි ...
නියමයි.
මටත් ෆ්ලෑෂ් බෑ.. ඒත් ඉතින් ලිපිය නම් වටිනව. මම නම් ඉතින් බ්ලොග් එකට ඔරලෝසුවක් දාල ඒක ලෝඩ් වෙන්න යව වෙලාව අඩු කරගන්න කැමති නෑ.. ඔරලෝසුව කොහොමත් ටාස්ක් බාර් එකේ තියෙනවනෙ..
එළ එළ නියමයි.
මම මේ ඔරලෝසුවෙන් එකක් ඇනවුම් කරනවා මගෙ Portfoliio එක සදහා