Aug 11, 2010

Essential Firefox add-ons (for every one)


මේ දවස් ටිකේ ඔන්න බ්ලොග් පෝස්ට් එකක් දෙකක් ලියන්න වෙලාව හදාගත්තා, ඒකත් ටිකක් ලියනවා සේව් කරනව ඔන්න ඔහොමයි වෙලාව හදාගන්නේ... මේ පෝස්ට් එකත කාලයක් තිස්සේ ලියල තිබිල අද ඉතුරු ටික ලියල අවසන් කලේ... [ඒ ලියල තිබ්බ කොටස් ටිකම දැම්මනම් ඔන්න අලුත් ඇඩෝන දෙකක් මිස් වෙනවා ] ඔන්න එහෙනං වල් පල් පැත්තක දාල මම වැඩිම වැඩ ගන්න ඇඩෝනෙ ඉඳන් අඩු එකට දාන්නම්....

1.qsFox


මේක ඉතිං කාටවත් කියන්න ඕන නෑනේ ලංකාවෙ වගේම සිංහල බ්ලොග් ලියන කවුරුත් දන්නව මේ ගැන, qsfox තමා මම වැඩියෙන්ම භාවිතා කරන්නෙ.








2. EnSi tip
අනික තමා එන්සි ටිප්.... වැඩේ කියන්නේ එන්සිටිප් අඩවිය නවත්තල දාලනේ .


ඒත් මොක නැත්තත් ඇඩෝන් එකනම් මටනම් අතිශය වැදගත් ඒ නිසා කෝකටත් කියල අවශ්‍ය අය විතරක් බාගන්න දැං මේක ගන්න එක හොර වැඩක් කියල හිතනවනම් ගන්න එපා .







3. Speedbit Video Downloader
යූ ටියුබ් වීඩියෝ බාන්න [ඒ විතරක් නෙවේ වීබ් පිටුවල තියන ඕනම ජාතියෙ වීඩියෝ බාන්න] කියාපු භාන්ඩෙ


මේක තියෙන්නෙ Speedbit Video Downloader පොඩි exe එකක් ඒක දැම්මම ෆයර් ෆොක්ස් ඇඩෝන් එක ඔටෝ ගන්නව. මෙතනින් Download කරගන්න.




4. FireFTP


මේකත් මේ ලඟදි මාට්ටු වෙච්ච එකක්.... ඒත් ඒ දවස් ටිකට මම ගොඩක් වැඩගත්තා, FileZila එහෙම වගේ නැතත් ලොකු වැඩක් හදිස්සියට කරගන්න පුලුවන් අනික ඉන්ටර්නෙට් කැෆේ එකකදි එහෙම මොකක් හරි අප්ලෝඩ් කරගන්න උනත් පහසුයි. අනික මම දැකපු ලස්සනම ලෝගෝ එක හරී හුරතල්






5. Profile password
මේක දැම්මෙ ඊයෙ.... මොකද trixhunter මල්ලි දාල තිබ්බනේ, ගුගල් Chrome ඕපන් වෙද්දි පාස්වර්ඩ් එකක් දාන හැටි. ඒ දැක්කම මට හිතුන ක්‍රෝම් වලට තියනවනං, මෙච්චර ඇඩෝන් තියන ෆයර් ෆොක්ස් වලට පාස්වර්ඩ් දාන්න ඇඩෝන් නැතිවෙන්න බෑනේ ...... ඔන්න හොයාගත්ත එකක් දාලම බලන්න නියමෙට වැඩ.
කරන්න තියෙන්නෙ ඇඩෝනෙ දාල අපිට අවශ්‍ය පාස්වර්ඩ් එක දෙන එක විතරයි. ෆයර් ෆොක්ස් ඕපන් වෙනකොට අපි දුන්න පාස්වර්ඩ් එක ඉල්ලනව (වැදගත්ම දේ මේකෙදි ක්‍රෝම් වල වගේ අපි දෙන පාස්වර්ඩ් එක ටෙක්ස්ට් විදිහට පෙන්නන්නෑ)




6. Xmarks



තව ඩිංගයි අමතක වෙනවා මේක නැත්තං ඉඳල වැඩක් නෑ.... මොකද මෙච්චරකල් තියාගෙන කියවපු යාලු බ්ලොග් [ඇඩ්‍රස් මතක තියාගන්නව කියල කීයක් ද අප්පේ]. මේ xmarks නං මොසිල්ලා විතරක් නෙවෙයි දැනට තියන හැම බ්‍රවුසරේකටම තියන එක්ස්ටේන්ශන් එකක්.
අනිත් දේ තමා මගේ බුක්මාක්ස් වෙනත් ඕනම තැනකදී ඕනම කම්පියුටර් එකක ඕනම බ්‍රවුසර් එකකට ගන්න පුලුවන් වීම.




7. Nightly Tester tool



මෙක තමා මේ ඔක්කොම වගේ ඇඩෝන් එක්ක සෙල්ලං දාන ඇඩෝන් එක මොකද Firefox version එක අලුත් වෙනකොට සමහර ඇඩොන් ඒ සමග අප්ඩේට් වෙනව අඩුයි (එන්සිටිප් එක එහෙමනං කොහොමටවත් නැතිවෙයි ) ඒ වගේ අවස්ථාවලදී මේ ටූල් එක හරහා ඒ ඉන්කම්පැටිබල් ඇඩෝන බලෙන් ඉන්ස්ටෝල් කලහැකීයි.



දැනට මේව විතරයි මම භාවිතා කරන්නෙ, තව අලුතෙන් හම්බවුනොත් ඒවත් දාන්නම්........
මේ ගැන ඔයාලගෙ අදහස් වගේම තව වැඩ සහ කිඩ දාන්න පුලුවන් add-ons තියනවනම් ඔය පහල තියන comments කියන තැන ඒව දාන්න පුලුවන්

7 comments:

  • Kanishka | කණියා says:
    August 11, 2010 7:54 PM

    ඇයි බං Xmarks.. මට මාර විදිහට වැදගත් Addon එකක්..

  • Bunny ! says:
    August 11, 2010 7:59 PM

    මේකනම් මරු...මාත් මෙතන තියෙන 2-3ක්ම පාවිච්චි කරනවා :) එළ ලිපිය...

  • සහන් says:
    August 11, 2010 8:10 PM

    @කණියා: හත්වලාමේ..... ඇත්ත නේන්නං මේ දැන් දානවා තැංකූ මට අමතක උනා....

    @බනියා: එල එල... එතකොට මෙතන නැති ඒව මොනවද?

  • Bunny ! says:
    August 11, 2010 8:44 PM

    මෙන්න තව ඇඩොන් කට්ටක් තියෙනවා අපේ ටිවිට් කරන නංගිලා මල්ලිලා අක්කලා අයියලාට TwitterFox කියලා :D

    https://addons.mozilla.org/en-US/firefox/addon/5081/

  • Admin : Trix Hunter says:
    August 11, 2010 8:48 PM

    ක්‍රොම් වල තියෙන එකම අවුල පාස්වර්ඩ් එක ටෙක්ස්ට් එකක් විදිහට පෙන්නන ඒක තමයි...මොනවා කරන්නද? පොස්ට් එකනම් මරු..අයියේ!!

  • Hasitha ජයසූරිය says:
    August 11, 2010 9:02 PM

    නියමයි මාත් මෙතනින් 3 ක් පාවිච්චි කරනව...අනිත් ඒව දැන් දැනගත්තෙ...තෑන්ක්ස් අයියෙ මේක ලිව්වට

  • වැප් says:
    August 12, 2010 8:32 AM

    එලනේ .... ඔය තියෙන්නේ එල භාන්ඩ ටිකක්