Archive for August 2009

අකුරු වලින් Image එකක් හදමුද - "Photoshop සිංහලෙන්"

මට අද උදේ Matrix ‍ෆිල්ම් එකේ වෝල් පේපර් එකක් හම්බ උනා text efect එකකින් ලස්සනට හදපු. පොඩ්ඩක් හදන්න ට්‍රයිකරන්න ඕන කියල හිතුන නිසා අපි කවුරුත් දන කියන Adobe photoshop වලින් තමයි හදන්න උත්සාහ කලේ, ටිකක් දඟලනකොට පොඩ්ඩක් ඒ ෂේප් එකට image එකක් හදාගන්න පුලුවන් උනා. හුඟක් අය නම් මේක දන්නවත් ඇති. මේ විදිහට නැත්නම් වෙනත් ක්‍රමයකට (එහෙම කෙනෙක් ඉන්නව නම් මටත් කියන්න)


මේ තියෙන්නෙ Matrix ‍ෆිල්ම් එකේ image එක
මේන්න මේ විදිහට තමයි හැදුවෙ..


1. ඉස්සරලාම ටිකක් පැහැදිලි Image එකක් ‍තෝරගෙන Phtoshop වලින් open කරගෙන අනවශ්ය කොටස් Crop tool (c) එකෙන් Crop කරගන්න





2. Layer pallet එකට (F7) ගිහින් අලුත් layer එකක් ඇඩ් කරගන්න(Ctrl + Shift + n)

3. ඊලඟට foreground color එක set කරගන්න ඕන මම black ඒ කියන්නේ default color එක ගත්තෙ (D)

4. දැන් Edit > Fill එහෙමත් නැත්නම් (Shift + F5) ඔබල අලුතෙන් ගත්ත layer එක අපි ගත්ත foreground color එකෙන් fill කරගන්න ඕන

5. දැන් තමයි අකුරු type කරන්න තියෙන්නේ. ඒකට Type tool (T) අරගෙන Font එක Font color එක වගේම Font size එකත් අවශ්්‍ය ප්‍රමානෙට හදාගෙන සම්පූර්ණ image එකම select කරගන්න ඕන.

6. type tool එකෙන් select කර ගත්ත කොටස පිරෙන්නම අකුරු type කරල හරි copy කරල හරි දාගන්න මෙන්න මේ වගේ

7. Text layer එක select කරල vector mask එකක් දාගන්න ඕන මේ විදිහට

8. Text layer එක මතට Alt key එකත් සමග click කරල ඊලඟට අපි ‍තෝර ගත්ත background image එක ( Ctrl + a) select කරල Ctrl +c මගින් copy කරගෙන Text layer එක silect කරල past (Ctrl+v) කරල බලන්න කලු සුදු image එකක් පෙනෙයි මේ වගේ

9. Text layer එක මත ඇති කලු සුදු image thumbnail එක මත නැවත වතාවක් Alt key සමග click එකක් දැම්මම අපිට ඕන කරන විදිහට පිංතූරයක් ලැබෙනවා

මම හදපු sources file එක මෙතන තියනවා මේ ඉන්නේ මම කොහොමද ලස්සනයිද?

මම Adobe Photoshop සහ Adobe Flash සිංහලෙන් Tutorials ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා ලැබෙන ප්‍රතිචාර අනුව තමයි ඉතිං.......
Aug 19, 2009
Posted by සහන් සටහන්
Tag :

අනතුරක් නැතිව ඉවත් කරමු

සමහර විට මේක හුගක් අය දන්න software එකක් වෙන්නත් ඇති, ඒඋනාට මට හිතුනා මේක Blog එකට දාන්න(මම මීට පෙර මේ post එක මගේ ඉවත් කල sahan.myblog.lk වලත් පල කලා), මොකද මට නම් මේක සෑහෙන ප්‍රයෝජනවත් software එකක්. සමහර වෙලාවට pendrive එකක් හරි memory card reader එකක් default windos වලින් remove කලාම නැවත මොනවා හරි දාන්න හරි ගන්න උනොත් ගලවල ආපසු ගහන්න වෙනවා මේකෙන් ඒ ප්‍රස්නෙ විසදෙනවා .
මේක Win XP, Vista, 7 යන ඕන එකක හොදින් වැඩ කරනවා, අනිත් කාරනය තමයි memory card reader එකක memory card එක තියන slot එක විතරයි පෙන්නන්නේ අනිත් ටික hide කරගන්නවා.











ටොරන්ට් එක මෙතනින් බාගන්න

(හොදනම් comment දාන්න)

Aug 15, 2009
Posted by සහන් සටහන්
Tag :

ප්‍රභලයා විසින් දුබලයා මැඩලීම හෙවත් WinXP ඉවත් කර Win 7 ඉන්ස්ටෝල් කිරීම

අද උදේ ඉදන් ඒ කියන්නෙ උදේ 10.00 විතර ඉදන් රෑ 8.00 විතර වෙනකල් මම කලේ computer එකත් එක්ක දගලපු එක.මොකද අද දවසටම 3න් 4 වතාවක් Blue Screen ආවා මොකද කියලා බලනකොට අහුවුනේ මගේ 160GB HardDisk 2ක් තියනවා එකකට XP අනිකට Windows7 දාල තියෙන්නෙ, මට හිතුනේ ඒ දෙකේ මොකක් හරි නොගැලපීමක් නිසා තමයි BSOD ආවෙ. පස්සෙ තීරනය කලා XP වලින් සදහටම සමුගන්න. Windows 7 RC Image එක DVD එකකට ගහගෙන වැඩේ පටන් ගන්න කියල හදනකොටම තමා මතක් උනේ මම අතරමග නවත්තලා තිබුන Crysis ගේම් එක තියෙන්නෙ XP වලනේ කියලා. මම Crysis ගහන්න කියලා දැම්මට කවදාවත් ඕකට වෙලාවක් ලැබුනේ නෑ (මම මගේ ගේම් ගැන පස්සෙ දාන්නම්) පස්සෙ XP වලට ගිහින් ගේම් එක ඉවරම කලා ඊට පස්සෙ අලුතෙන්ම Win7 ට serial key එකක් අරගෙන windows 7 වලින් boot කරලා Win 7 තිබුන partition එකයි XP තිබුන partition එකයි format කලා Windows install වෙලා restart වෙනවනේ ඔන්න එතකොට කියපි BOOTMGR is missing කියලා ඉතිං කාටද කියන්නෙ මම ඕක හොයල දෙන්නැයි. දෙතුන් වතාවක් format කොලා ම්හ් එම..... පස්සෙ කාලිංග අයියට call එකක් දුන්න, කාලිංග අයිය කියපු විදිහට නම් BOOTMGR is missing කියලා එන්නෙ boot device එක අදුර ගන්න බැරි උනාමලු. පස්සෙ කරපු වැඩේ එහෙම්මම casing එක ඇතුලට අත දාල අනිත් Hard drive එකේ cable එක ගලවලා ආපහු boot කලා වැඩේ ගොඩ. දැන් තමයි අප්පිරිය වෙන වැඩේ softwares install කරන එක මොනව කරන්නද දැනට ඕනකරන softwares ටික විතරක් install කලා. දැන් printer එක ගන්නම බෑ කියනවා පස්සෙ laserJet P1005 vista drivers බාලා දැම්ම ඒකත් අල. පස්සෙ driver CD එකම දාල install වෙන අතරෙ Devices and Printers වලට ගිහින් printer එක manually දුන්නා එතකොට ඒකත් ගොඩ. වෙලාව 8.00ප.ව ත් පැනලා. දැන් ඉතිං ඒක ලියල ඉවර වෙලා film 1ක් බලන්නයි හදන්නෙ...
Aug 6, 2009
Posted by සහන් සටහන්

ගොටුකොල කනවට වඩා හොඳනැද්ද නාන එක

මම මේ කියන්න යන්නෙ මටයි මගෙ යාලුවෙකුටයි උන නියම වැඩක් ගැන.යාලුව තමයි ජරමරේ (අකිල ) නමටම ගැලපෙන වැඩ තමයි කරන්නේ. අපි දෙන්නම කලොත් කරන්නෙ ආයෙ කියලවැඩක් නැති වැඩ. ඔන්න ලගදි දවසක මම ගියා අකිලලගෙ ගෙදර අකිලත් එක්කමයි ගියෙ අපේ Flash Devoloping පන්තිය ඉවරවෙලා පහට විතර තමයි කුරුණෑගලින් පොළොන්නරු බස් එකට නැග්ගෙ 7විතර උනා ගෙදර යනකොට. ගෙදර තියෙන්නෙ දඹුල්ලත් හබරණත් අතර සීගිරියට ලග. ඉතින් කොහෙ ගියත් ගිය ගමන් කොරන්නෙ කොම්පීටරේ දාගන්න එකනේ, අකිලට හොදට 3G තියනවා මොකද එහෙ සන්චාරක ප්‍රදේසයක් නිසා, ඌ ඉන්ටනෙට් යන්නෙ Huawei මොඩම් එකට අතට අහුවෙන සිම් එකක් දාලා ඔන්න එදත් Kit Broad Band prepaid sim එකට 50/=ක් දාලා පැය දෙකක් නෙට් ගියා. රෑට කෑවෙත් කොම්පූටරේ දිහා බලාගෙන. ඔන්න දැන් මූට නාන්න මතක් වෙලා දගලනවා ඒපැත්තෙ හවස 6 පැනපු ගමන් ඉතින් අලිනේ. මමත් ඔන්න බයෙන් බයෙන් ගිහින් පට ගාලා නෑවා අකිලත් නාල එනකල් මම අපේ පොතේ ගුරා කියපු EuroTrip ෆිල්ම් එක බැලුවා, බලලා Tea පාරකුත් දාලා නිදාගත්තා. උදේ මූන හෝදන්න ආවම තමයි වැඩේ මාට්ටු උනේ අපි දෙන්න රෑ නාල තියෙන්නෙ



ගොටුකොල…….!! අකිලලගෙ අම්ම හවස ගොටුකොල ගලවලා මැලවෙන නිසා මිටි බැදලා නාපු ටැකියට දාලා අපි ටැකියෙන් බාගයක්ම නාලා. ඉතින් කාටද කියන්නෙ ඔක්කොම හොදටයි කියලා ඒකෙන්ම උදේ මූනත් හෝදලා නිකන් හිටියා. කොහොමද කට්ටිය කියනවනේ ගොටුකොල කෑවම ලස්සන වෙනවා කියලා ඉතින් අපි ගොටුකොල නෑවා.
Aug 4, 2009
Posted by සහන් සටහන්
Tag :

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -