Posted by : සහන් සටහන් Aug 4, 2009

මම මේ කියන්න යන්නෙ මටයි මගෙ යාලුවෙකුටයි උන නියම වැඩක් ගැන.යාලුව තමයි ජරමරේ (අකිල ) නමටම ගැලපෙන වැඩ තමයි කරන්නේ. අපි දෙන්නම කලොත් කරන්නෙ ආයෙ කියලවැඩක් නැති වැඩ. ඔන්න ලගදි දවසක මම ගියා අකිලලගෙ ගෙදර අකිලත් එක්කමයි ගියෙ අපේ Flash Devoloping පන්තිය ඉවරවෙලා පහට විතර තමයි කුරුණෑගලින් පොළොන්නරු බස් එකට නැග්ගෙ 7විතර උනා ගෙදර යනකොට. ගෙදර තියෙන්නෙ දඹුල්ලත් හබරණත් අතර සීගිරියට ලග. ඉතින් කොහෙ ගියත් ගිය ගමන් කොරන්නෙ කොම්පීටරේ දාගන්න එකනේ, අකිලට හොදට 3G තියනවා මොකද එහෙ සන්චාරක ප්‍රදේසයක් නිසා, ඌ ඉන්ටනෙට් යන්නෙ Huawei මොඩම් එකට අතට අහුවෙන සිම් එකක් දාලා ඔන්න එදත් Kit Broad Band prepaid sim එකට 50/=ක් දාලා පැය දෙකක් නෙට් ගියා. රෑට කෑවෙත් කොම්පූටරේ දිහා බලාගෙන. ඔන්න දැන් මූට නාන්න මතක් වෙලා දගලනවා ඒපැත්තෙ හවස 6 පැනපු ගමන් ඉතින් අලිනේ. මමත් ඔන්න බයෙන් බයෙන් ගිහින් පට ගාලා නෑවා අකිලත් නාල එනකල් මම අපේ පොතේ ගුරා කියපු EuroTrip ෆිල්ම් එක බැලුවා, බලලා Tea පාරකුත් දාලා නිදාගත්තා. උදේ මූන හෝදන්න ආවම තමයි වැඩේ මාට්ටු උනේ අපි දෙන්න රෑ නාල තියෙන්නෙ



ගොටුකොල…….!! අකිලලගෙ අම්ම හවස ගොටුකොල ගලවලා මැලවෙන නිසා මිටි බැදලා නාපු ටැකියට දාලා අපි ටැකියෙන් බාගයක්ම නාලා. ඉතින් කාටද කියන්නෙ ඔක්කොම හොදටයි කියලා ඒකෙන්ම උදේ මූනත් හෝදලා නිකන් හිටියා. කොහොමද කට්ටිය කියනවනේ ගොටුකොල කෑවම ලස්සන වෙනවා කියලා ඉතින් අපි ගොටුකොල නෑවා.

One Response so far.

  1. Kanishka says:

    හික් හික්.... මරු සීන් එක :D :D :D

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -