ආපසු ලියමි...


Rise of the සහන් සටහන්
අත්හැරලා දාලා හිටියත් හැමදාම මතක්වෙනවා, ඒ නිසා ඔන එකක් කියලා පරන එක ආපහු පටන්ගන්නවා.... 
සෑහෙන කාලයක් බ්ලොග් ලියන එකෙන් ඈත්වෙලා ඉඳලා ආපහු ආයේ හිතුනා මොනව හරි ලියන්න ඔන කියලා, ඒත් ඉස්සර තරඟෙට වගේ එකට බ්ලොග් ලියපු සහෝදර සහෝදරියෝ හුඟදෙනෙක් බ්ලොගිං අත්හැරලා. කාර්ය බහුලත්වය නිසාම මගහැරුන කියලා කීවත් මූනුපොතේ රස්තියාදු ගහන කාලෙ අඩු කරන්නත් දන්න කියන දේ හුවමාරු කරගන්නත් ආපහු blog එක සුද්ද කරලා මකුළුදැල් කඩලා මේ පැත්තට අඩිය තිබ්බා.


Jan 11, 2015
Posted by සහන් සටහන්

සහන්ගෙ ලැප්ටොප් කතන්දරේ...

රට වටේ රවුම් ගහලා දන්න කියන හැමෝගෙන්ම ( ටෙක් කතා ගූගල් සමූහයෙන්) අහලා , කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ලැප්ටොප් එක ගත්තා මේ මාසෙ (ඒ කියන්නෙ 2010 මාර්තු 26 වෙනිදා ). හුඟාක් දෙනෙකුගෙන් ලැබුනු ප්‍රතිචාර ගැන හෙව්වෙ අතේ තියන ගානට හොඳම එකක් ගන්න නේ , ඉතිං මේ තියෙන්නේ ඒ ගත්ත ලැප්ටොප් එක.

acer 4736z එකක් කීප දෙනෙක්ම කීවා acer හොඳයි කියලා ඒ නිසයි ඒකම ගත්තෙ අනිත් එක මේක හුඟක් ලස්සනයි කියල හිතුනා, compaq වගේ ලැප් වලට හුඟදෙනෙකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබුනෙ නෑ ඇයි කියලනම් දන්නෙ නෑ.

ආ එතකොට ඔය පින්තූරෙ දකුණු පැත්තෙ තව ලැප්ටොප් එකක කෑල්ලක් පේන්නෙ ඒක තමා මගෙ මෙච්චර කාලයක් අව්වට වැස්සට පින්නට දූවිල්ලට ඔක්කොටම හිටපු Toshiba satellite එක. දැං ඒක ලෙඩ වෙලා ඒ කියන්නෙ LCD එකේ යටින් තීරුවක් (අඟලක විතර)

Jan 30, 2014
Posted by සහන් සටහන්

Click here........ How to create a animated button using flash

කාලෙකින් බ්ලොග් එකට ගොඩ උනා..... හැබැයි මේ ලියන එකනම් කවුරු දකීද දන්නෑ..... ම්ම් මොකක්ද ඒ හරුපෙ, ආ මම අලුත් ඩොමේන් එකක් ගත්තනේ, ඒක මේ බ්ලොග් එකට ඇමිණුව දැන් තිබ්බ ඩොමේන් එකත් නෑ දාපු එකත් නෑ.... බලමු තව ටිකකින් වැඩ කරන්නැතෑ. මේ පෝස්ට් එක දාන්න හේතුව කවුරුත් දන්න කියන බ්ලොගර්ල දෙන්නෙකුගෙ ඉල්ලීම් මත. Trix Hunter සහ මනුෂාන් කියන මල්ලිල දෙන්න තමා මට ෆ්ලෑශ් වලින් මොනවහරි කුප්පියක් දාන්න කියල හුඟක් දවස් ඉඳන් කරදර කරන්නේ.... . මොකක් ගැන ලියන්නද කියල හිතහිතා ඉද්දි තමා ට්‍රික්ස් කීවේ ෆ්ලෑශ් වලින් ඇනිමේටඩ් බටන්ස් හදන විදිහ දාන්න කියල, ඔන්න ඒ නිසා වෙබ් සයිට් වලට පොඩි පොඩි බටන් කෑලි කීපයක් හදල දාගන්න විදිහ ලියන්න හිතුව.....

Sep 15, 2010
Posted by සහන් සටහන්

Essential Firefox add-ons (for every one)


මේ දවස් ටිකේ ඔන්න බ්ලොග් පෝස්ට් එකක් දෙකක් ලියන්න වෙලාව හදාගත්තා, ඒකත් ටිකක් ලියනවා සේව් කරනව ඔන්න ඔහොමයි වෙලාව හදාගන්නේ... මේ පෝස්ට් එකත කාලයක් තිස්සේ ලියල තිබිල අද ඉතුරු ටික ලියල අවසන් කලේ... [ඒ ලියල තිබ්බ කොටස් ටිකම දැම්මනම් ඔන්න අලුත් ඇඩෝන දෙකක් මිස් වෙනවා ] ඔන්න එහෙනං වල් පල් පැත්තක දාල මම වැඩිම වැඩ ගන්න ඇඩෝනෙ ඉඳන් අඩු එකට දාන්නම්....

Aug 11, 2010
Posted by සහන් සටහන්

හාඩ් එකේ තියන ඉඩ මදිද?

හාඩ් ඩිස්ක් එකට තව අමතරව ගෙගාබයිට් 25ක් එකතුකරගන්න කැමති අය ඉන්නවනම් මේක බලන්න , වැඩේ මෙන්න මේකයි කස්ටිය දන්නවනේ ආ නෑ නෑ ඉස්සරවෙලා කියන්න ඕන මේක මේවනවිටත් දන්න අය ඉන්නවනම් වැඩේ තවත් ලේසී.... මොකද මුල ඉඳලම යන්න ඕන නෑනේ... මේ මුල ඉඳලම කියන්න යන්නේ කලින් මේගැන නොදැන හිටි අයට.

Aug 7, 2010
Posted by සහන් සටහන්

සහන් සටහන් - හරියටම අවුරුද්දයි.....

ඔන්න අද ඒකියන්නේ 2010.07.22 වන දින 6:55 ප.ව වෙනකොට මගෙ බ්ලොග් කෙරුවාවට හරියටම අවුරුද්දයි.





මුලින්ම "සහන්ගේ බ්ලොග් සටහන" කියල www.myblog,lk එකේ පටන් ගත්ත බ්ලොග් එක පස්සෙ බ්ලොගර් වලට ගෙනාවා... බ්ලොග් කෙරුවාව කීවට නං වැරදී මොකද බ්ලොග් ලියන්න ගත්තෙ හරියටම අවුරුද්දකට කලින්.... බ්ලොග් කියවන්න අරගත්තෙ ඊට කලින්.


Jul 22, 2010
Posted by සහන් සටහන්

My Phone History & what's next

ඔන්න කාලෙකිං මේ පැත්තේ ආවේ..... මොකද ලාංකීය සිතුවිලි එකෙන් වෝර්නිං එකක් දාල තිබ්බනේ . ඒ නිසාත් කාලෙකිං ගෙදර ඉඳං කරන්න දේකුත් නැතුව ඉද්දී හිතුනා මොකුත් ලියන්න ඕනෙ කියල, ඉතිං මොනවද ලියන්නෙ කියල ඉන්නකොට හිතුන මම කාලයක් තිස්සෙ පාවිච්චි කරපු මොබයිල් ෆෝන් ගැන ලියන්න ඕන කියල , ඒත් එක්කම දැනට පාවිච්චි කරන ෆෝන් එක දැකල දැකලම එපා වෙලා ඉන්න නිසා අලුතෙන් එකක් ගන්නත් කම්පනා කලා ඒකට අයිඩියාවක් දැනගන්නත් එක්ක ඕං මේ ලියන්නේ. එහෙනං ඉස්සරලම කියන්නං මට ෆෝන් පිස්සුව ගැහුවෙ කොහොමද කියල පලවෙනියටම ගත්තේ Motorola a130 එකක්
ඒක ගත්තෙ අප්පච්චි ඊට පස්සෙ Motorola Startac ⇙
Ericsson T10 එක මාස හයක් විතර ⇙
ඊලඟට Sony Ericsson T105 ⇙
5900ට තමා ගත්තේ . ඒ අස්සෙ තව කැමරා ෆෝන් බලන්න කඩවල් ගානෙ යන්නත් අමතක කොලේ නෑ. ඒ අතරේ ෆෝන් එක අවුරුද්දක් විතර තියං ඉඳලා 5600කට වික්කා. ඒත් කැමරා ෆෝන් එකක් ඒ දවස්වල රු 20000ක් විතර වෙනවනේ... ඒ වෙනකොට අතේ 4000ක්වත් නෑ. පස්සෙ ට්‍රිප් එකක් යන්න සෙට්වෙලා අප්පච්චිට කියල ඉතුරු සල්ලි ගෙන්නන්ගෙන ගත්තා
Samsung X620 එකක් ඒ වෙනකොට A/L ඉවර වෙලා සතියක් වත් නෑ..... ඒත් ගත්ත ෆෝන් එකේ (X620 උනාට යාලුවගෙ තිබ්බ X600 තරම්) ෆොටෝ පැහැදිලි නෑ. ඔන්න සති දෙකකට විතර පස්සෙ ගිහින් X620 ඒ කඩේටම දීල X640 එකක් ගත්ත , ඒක කියල වැඩක් නෑ නියමයි....... හැබැයි වීඩියෝ නෑ මෙමරි card නෑ ඒත් ෆොටෝ කොලිටියනම් නියමයි.

ඔය අතරෙ එකෙක් කියපි Nokia 6630 වගයක් තියනව වෙන රටකින් ගෙනැත් මෙහෙ අන්ලොක් කරල විකුනනව 9000ට කියල..... යකෝ ඒ දවස්වල 22000ක් වෙච්ච එක 9000ට තියනවනං ඉතිං කවර කතාද? මට දෙකක් ඕනෙ කියල ගියා අර මෑන්ස්ව මාට්ටු වෙන්න. මෙන්න බුවා කියපි මගෙ නෙවෙයි ෆෝන් මම දන්න කෙනෙක්ගෙ කියල පහුවෙනිද දෙන්නං කියල. ඔන්න පහුවෙනිද එලිවෙනකොට උගෙ ගේ ඉස්සරහ..... ඒපාර මූ කියපි අද පන්තියෙදි ෆෝන් ගේන කෙනා හම්බෙනව පන්තිය ඇරෙන වෙලාවට එන්න කියල. මක් කොරන්නද ආපහු ගෙදර ඇවිත් ගියා 4ට විතර අරූගෙ පන්තිය ලඟට. ඒපාර මූ කියනව යාලුව ආවෙ නෑ කියල............. පස්සෙ 9000හෙ 6630 පැත්තක දාල ආව ගෙදරට. ඒ වෙනකොට මට 6630ක් ඕනෙම වෙලා හිටියෙ ඒ නිසා Samsung X640 විකුනල කඩෙන්ම Nokia 6630ක් 20000කට.
ඒකත් perfect ෆෝන් එක මම කාලයක් ආසාවෙං පාවිච්චි කරා 😍. ඔන්න ඒ අතරෙ ආපහු වෙන ෆෝන් එකක් ගන්න හිතිල පින්තූර එකතු කරන්න පටන් අරගෙනයි තිබ්බේ...... ඒ අතරේ 6630 වික්කා යාලුවෙක්ගෙ අයිය කෙනෙකුට. ඒත් පිංතූර එකතුකොලාට කෝ සල්ලි අලුත් එකක් ගන්න. ඒ අතරේ එක එක ජල්ටොං නානාප්‍රකාර ෆෝන් පාවිච්චි කලා..... ඒ අතරෙ Nokia 3230 ⇙
එකක් තිබ්බා අකමැත්තෙන් හරි පාවිච්චි කලා (ඒත් ඒකෙ තිබ්බ මරු කාර් ගේම් එකක් මම ෆෝන් වල ගේම් ගහන්න කැමති නැති උනත් ඒකනම් මට අල්ලල ගියා). ඊලඟට Nokia 1100 හප්පා ගින්දර ෆෝන් එක වැටෙනව පොලවෙ ගහනව සින්ක් එකට වැටුන කිසි ලෙඩක් නෑ. නෑ බෑ කියන්නෑ එකපාරක්වත් කිසි කරදරයක් දුන්නෑ. ඔන්න ඒ අස්සෙ අර පින්තූර එකතුව සෑහෙන්න ලොකු වෙලා තිබුනෙ ඒකෙ N73, N93, W810i, K800i, K810i, වගේ ජාති ඒත් එක්කම කැෆේ එකක් පැත්තෙ ගියොත් www.gsmarena.com එකෙන් ටැබ් 5ක්වත් ඕපන් කරල තමා වෙන වැඩක් කරගන්නේ. ඒ අතරෙ යාලුවෙකුගෙ තිබ්බා Sony Ericsson P990i කියල එකක් පොඩ්ඩක් කරකවල එහෙම බැලුවම මාරයි කියල හිතුන ඔන්න පින්තූර කලෙක්ෂන් එකට තව සාමාජිකයෙක් සෙට් උනා........ පස්සෙ ඒ යලුවගෙන් එහෙම ඇහුවම කීව නියමයි කියල (ඒ වෙනකොට එයාගෙ ෆෝන් එක එකෙක් උස්සල). තීරනය කලා P990i එක ගන්න. ගියා ෆෝන් කඩේකට ඇහුව ගාන 47000යි කිව. හෆොයි තව තැනකින් ඇහුවම කීව 39000යි කියල ඔන්න එකක් දෙන්න කීවම සතියකින් දෙන්නම් කීව පස්සෙ සතියක් තිස්සෙ එතෙන්ට කෝල් දිදී ඉඳල ගියා ගත්ත. 2GB මෙමරි කාඩ් එකටත් එක්ක 42000ක් උනා ඔන්න ෆෝන් එක.
අවුරුද්දයි මාස ගානක් කිසි ලෙඩක් කරදරයක් නෑ බැස්ටිය සතියක් තියනව. ඕන්න ආපහු පින්තූර එකතු කරන්න ගත්තා මේ දවස්වල වෙන එකකට පනින්න............. මොකක්ද හොඳ ඇපල් iPhone 3Gs or 4, Samsung Omnia 2, Nokia වලටනම් දැං මම කැමති නෑ මොකද නොකිය ගෙයි චීන කොපි (චීන කීවට ඒව චීන නෙවෙයි අරාබි වගේ 😂 ) වලයි වෙනසක් නෑනේ. වැඩියෙන්ම කැමති Sony වලට මොකද කොපි නෑ ලෙඩ නෑ පහසුකම් අපරිමිතයි යූසර් ෆ්‍රෙන්ඩ්ලි, ඒ නිසා මේව ගැන පොඩ්ඩක් හොයනව Sony Ericsson satio,Vivaz,ඒ අතරින් හිත ගියෙ Sony XPERIA neo එකට (ඒ වෙනකොට Sony Eeicsson නෑ Sony වෙලා තිබුනෙ) ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකත් එක්ක ඉන්ටර්ෆේස් එක එහෙම මාරම මාරයි.
ඒ අතරෙ හොඳ Phone එකක් තියනව Googleලගෙ කියල මල්ලි කීව පස්සෙ බලද්දි Google nexus series එකේ Samsung device එක ඇවිල්ල Galaxy Nexus 🤗
ලංකාවට ආවම අලුත 65000/= කීවා.... කොහොම හරි ගත්ත ඒකත්. (තවමත් Phone එක වැඩ).... ඒ අතරෙ මට හිතුන මම ගත්ත Phone ආයෙ විකුණන්නෙ නෑ හැම එකම එකතු කරන්න ඕන කියල ඒ නිසා Nexus එක තියාගෙනම අලුත් ෆෝන් එකට යන්න තීරණය කලා, OnePlus One ආව මුල් කාලෙ නමත් අලුත් කා අතරත් ජනප්‍රිය නැති අමුතු ෆෝන් එකක්, මුලදි invitation වලට විතරයි ගන්න පුලුවන් උනේ, හැබැයි wow.lk එකෙන් credit card promotion එකක් දාල කැම්පස් එකේ මගෙ යාලුව Order එකක් දාල තිබුන දැක්ක,එවෙලෙම order කලා, සතියකින් device එක ආවා 😍.
Sandstone Black දැක්කම ආස හිතෙන දකින අය මොකක්ද මේ කියල අහන, පට්ට ෆෝන් එක cyanogenmod OS එකත් එක්ක ආවෙ (පස්සෙ oneplusම OS එකක් දුන්න Oxigen කියල මෙලෝ රහක් නැති... ඒ නිසාම ආයෙ OnePlus ගන්න අදහස නැති උනා ඒත් එක්කම ඉංදියාවෙ හදන්න අරගත්ත නිසා දැන් නම් දෙක පහට වැටිල වගේ ඒකත්. OnePlus One එකත් තවම මගෙ ලඟ තියනව (හිතාගෙන ඉන්නෙ ඒකෙන් Teardown Frame එකක් හදන්න
ඒකෙන් පස්සෙ ගන්න ෆෝන් එකක් බැලුව ඇපල් iphone 7 ඒ වෙද්දි තිබුනෙ 2017දී ඒක සෙට් උනේම නැති නිසා අන්තිමට තීරණය කලා Samsung Galaxy S8එක ගන්න, Release කලා විතරයි නිසා යාලුවො කීව ටිකක් බලල ඉන්න ලෙඩ තිබුනොත් හොයල ගන්න පුලුවන් කියල, ඒ නිසා iphone 8 ආව අලුත වගේ... ඒකත් බලල ගත්තෙ Samsung Galaxy S8 එක. 2017 November ඉඳන් තාමත් වැඩ දවසක් battery තියනව.... (ආ ඒකත් එක්කම වගේ ගත්ත Nokia 3310 අලුත් version එක,
පරණ 3310ට තිබුන ආසාවටතත් එක්ක, ඒකෙ sim detect කැන්නැති අවුලක් ඇවිල්ල හදන්න දුන්න දුන්නමයි phone එක මිසිං)...
අවුරුදු 6කුත් මාස 2ක් සුපිරියටම වැඩ ගත්ත S8 එක තියෙද්දිම S23 එක ගන්න හිතුන හැබැයි ඒකෙ කිසි වෙනසක් නෑ Ultra එක ලොකු වැඩි වගෙම කිසි හැඩයක් නෑ, ඒත් එක්කම ආයෙ සැරයක් ඇපල් දිහා බලන්න හිතුනේ යන්තමට ඇපල් ෆෝන් අනිත් ඒව ලඟට ඇවිල්ල නිසා අඩුගානෙ USB Type C port එකවත් ආවනෙ 🫢 ඉතිං ඔන්න ඔහෙ ගත්ත අයිපෝන් 15pro එකයි එයාපොඩ් pro 2nd gen එකයි, දැනට ඉතිං battery මදි එක තමයි කියන්න තියෙන්නෙ..... මේ තියෙන්නෙ ගත්ත ඒව ආයෙ විකුනන්නෑ කියල තීරණය කලාට පස්සෙ එකතු කරගත්ත ටික....
(පරන ඒව ටිකත් යොයල එකතුවක් හදාගන්න අසහසකුත් තියනව)...
Jun 14, 2010
Posted by සහන් සටහන්

Flash animation සහ ඒ ආශ්‍රිත වැඩ දමන්නන්ට

මේක මම ෆ්ලෑශ් ඉගෙන ගන්න කාලෙ දාපු පොඩි සෙල්ලමක්.... අනිත් කාරනේ තමා මේ දවස්වල මට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ වගේම මොන්ව ලියන්නද කියල හිතා ගන්න බැරුව හිටියේ ඒත් එක්කම මට මතක් උනා බ්ලොග් මැරතන් එකේ ලියපු පෝස්ට් වලින් කීපයක් පල කරන්න.... ඔන්න එහෙනම්...................

May 19, 2010
Posted by සහන් සටහන්

Im a FOSS rock සහ එතනින් ඔබ්බට


අද මට මේක ලියන්න හිතුනේ මෙන්න මේ නිසා... මම බැලුවනේ Antitrust ඒක ගැන විස්තර කියන්න ඕන නෑ මොකද ඔය ලින්ක් එකෙන් ඒගැන ඇන්ත්‍රැක්ස් සොහොයුරා බයිස්කෝප්.lk එකට ලියපු ලිපිය තියන නිසා. ඒ ෆිල්ම් එක බලනකොට මට හැගුන දෙයක් තමා මේක ලියන්න මුල් වෙච්ච කාරනේ,ලෝකේ වානිජ මෘදුකාංග නිපදවන්නෙක් සහ නිදහස් මෘදුකාංග ලෝලීන් අතර ගැටුමක් තමා යන්නේ... මෙතෙන්දී මට හැගුන දේ තමා මම ලියන්නේ මොකද දැං නිදහස් මෘදුකාංග හුගාක් ජනප්‍රිය වේගන යන නිසා අපේ රට වගේ ආර්ථික මට්ටමෙන් අඩු රටවල පරිගණක පරිශීලකයන්ට බොහෝ සතුටට කරුනක් ඒ නිසාම අපේ රටේත් FOSS rock ලා ගීක්ලා බිහිවෙලා...
Mar 11, 2010
Posted by සහන් සටහන්

Barn Buddy cheates - බාන්බඩියේ හොරවැඩ


මේකනම් කියන්න හිත හදාගත්තේ ටිකක් අමාරුවෙන් මොකද මේකෙන්නේ බඩගෝස්තරේ රැකගත්තේ :P . මම මේක ඔයාලට විතරයි කියන්නේ වෙන කාටවත්ම කියන්නේ නෑ ඔයගොල්ලොත් දන්න කියන හොදම යලුවෙකුට ඇරුනම මේක ප්‍රසිද්ධ කරන්න එපා :D
මම කියන්න යන්නේ කොහොමද බාන්බඩියෙ extra point (XP) වැඩිකරගන්නෙ කියන එකයි (ගොඩාක් නම් නෙවෙයි ශක‍්‍යතාව අනුව වෙනස් වෙනවා ;) අනික තමා කොහොමද බඩුමුට්ටුවලින් හේන වහගෙන ඉන්න අයගෙන් හොරෙන් කඩන්නේ කියලා....
නොමිලේ සීඩ් ගන්න විදිහත් කියන්නම් ඒකනම් ඔයගොල්ලො දන්නව ඇති

Feb 27, 2010
Posted by සහන් සටහන්

ගේම් දෙකක්, රටවල් දෙකක්, එක කතාවක්.........!!

එංගලන්තෙ Foot Ball (soccer) කන්ඩායමක්.......... ඉංදියාවෙ cricket කන්ඩායමක්....... මේ දෙකේ එක පොදු ලක්‍ෂණයක් තියනවා ඒ ගැන කියන්න තමා මේ හදන්නෙ.



කාලෙකට පස්සෙ බ්ලොග් එකේ මොනවද ලියන්නෙ කියල හිත හිතා ඉන්නකොට තමා අහම්බෙන් වගේ මේ කතා දෙක සෙට් උනේ.
Feb 25, 2010
Posted by සහන් සටහන්
Tag :

පෑනෙන් ජනෙල් සවි කිරීම Win to flash

Netbook එකකට හ‍රි optical drive එකක් නැති ප‍රිගණකයකට හ‍රි windows 7 (මොකක් හෝ OS එකක්) දාන්න උනොත් ? මොකද ක‍රන්නේ ඒසදහා microsoft ආයතනයෙන් නොමිලේ දෙන Windows 7 USB/DVD Download Tool යොදාගතහැකීයි. ඒත් පොඩි අවුලක් තියනවා ඒ සදහා windows 7 නම් එහි නියම ISO එකමයි යොදාගතයුත්තේ, අපි DVD එකේ කොපියක් දුන්නොත් කෙලින්ම බෑ කියනවා.
එතකොට කොහෙන්ද අපිට original windows 7 iso එකක්. ඒක ඉතිං හැමෝටම තියන ගැටලුවක්. ඔන්න ඔය පුරස්නෙට නැටි හලාගෙන උත්ත‍ර හොයනකොට තමයි මතක් උනේ කණියව මොකද කණිෂ්ක මීට කලින් ලියපු පෝස්ට් එකක් හ‍රහා තමා මම windows 7 බාගත්තේ, ඒත් ඒක දැං මගේ ලග නැති නිසා තමා කණියගෙන් ආපහු ඉල්ලගන්න හැදුවේ නමුත් ඒකත් USB/DVD Download Tool එකට හ‍රි ගියේ නෑ.....
පස්සෙ තමා මේ ගැජමැටික් එක ගැන කිව්වෙ.
Feb 22, 2010
Posted by සහන් සටහන්

Flash analog clock for blog widget



හුගක් අය තම තමන්ගෙ බ්ලොග් වලට ෆ්ලෑෂ් වලින් හදපු clock දාගෙන තියනවා නමුත් එම විජට්ටුවල දැක්ක අඩුපාඩුවක් නිසා තමා මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. අඩුපාඩුව තමයි ඒ ඔරලෝසුව ලගට cursor එක ලං කලාම එක එක ඇඩ් දාන එක. එහෙම නැතුව තමන්ගෙම flash clock එකක් හදාගෙන තමන්ගෙ බ්ලොග් එකේ පැත්තකින් තියාගන්න ඕන නම් මෙන්න ක්‍රමේ.
මේ සදහා මම බාවිතා කලේ Adobe Flash CS3 වෙලුම තුල එන Action Script 2.0 තමා. ඉස්ස‍රවෙලාම බලමු clock එක හදන විදිහ.
මුලින්ම ෆ්ලෑෂ්වල Action Script 2.0 file එකක් open ක‍රගෙන


ඔරලෝසු මුහුනතට තමන්ට ඕන ක‍රන සයිස් එකක් දෙන්න ඕන.
Jan 17, 2010
Posted by සහන් සටහන්
Tag : ,

This update will make you safer on the web.

ඔන්න අවුරුද්දකට පස්සෙ සහන් ආවා බ්ලොගේ පැත්තෙ (ඒකත් අහම්බෙන්) . හැමෝටම සුභ නව වස‍රක් කියල ප්‍රාර්ථනා ක‍රන ගමන් කියන්නම් මොකක්ද මේ Title එක කියලා, ආ මම මේ බ්ලොග් පෝස්ට් එක හිටිහැටියේ ලීවේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක් අත‍රමග නවත්තලා, ෆිල්ම් එක ගැන නම් පෝස්ට් එකක් ලියන්නම හිතෙනවා මොකද කියනව නම් ඒක මටම හදපු එකක් කියල හිතෙනවා... anyway කියන්න හිටපු එක නෙවෙයිනේ දැං මේකා කියවන්නේ කියල බලනව ඇති(බලන අය).
දැං එමු Title එකට මම මේ දැන් ෆිල්ම් එක pause ක‍රලා ගිනින‍රියට ක්ලික් එකක් දැම්මා මගේ හේනේ (barn buddy) පලදාව නෙලන්න කියලා මොකද අප්පා ඩිංග බැරි වෙනකොට කොලු රැල පනිනවනේ ඒකට .
ආපහු Title එකට........ ගිනින‍රියා open ක‍රනකොටම කියපි You’ve been updated to the latest version of Firefox . කියලා.. මම හිතන්නේ ඔයගොල්ලන්ගෙත් න‍රිය අප්ඩේට් වෙන්න ඇති. ඒ කියන්නේ 3.5.7 වෙලා මම නම් බලාගෙන ඉන්නේ ඕක කවදද 4.0 වෙන්නෙ කියල එතකොටනම් හුගාක් වෙනස්කම් වෙයි කියලයි කියන්නේ. Mozilla Firefox 4 Design challenge කියල තමයි ඒ අයනම් මේකට කියන්නේ.
බලන්නකෝ අලුත් ගිනින‍රියා එනවයි කියන්නේ මෙහෙමයි.

Jan 6, 2010
Posted by සහන් සටහන්
Tag :

අලුත් අවුරුද්දට අලුත් වැඩක්

අලුතෙන් Blog එකේ ක‍රන්න දෙයක් කල්පනාක‍ර ක‍ර ඉන්නකොට තමා මල්ලී මට මේ අදහස දුන්නේ, වැඩේ මේකයි මගේ බ්ලොග් එකේ පෙනුම ගැන කස්ටිය මොකද හිතන්නේ (මගේ දේශීය ක‍රණ වැඩේ). ඒ වගේ බ්ලොගර් තීම් ටිකක් අලුත් අවුරුද්ද වෙනුවෙන් කට්ටියට දෙන්න තමා හිතුවෙ..... වැඩේට ටික කාලයක් යයි මොකද ඉස්ස‍රවෙලාම ටිකක් වැඩිපුර දෙන්න ඕන නිසාත් (මලයට නිවාඩු කාලෙ නිසාත්) අපි දෙන්නට මේක ක‍රගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසාත් තමා මේ ගැන කලින් කියන්නෙ.



Dec 11, 2009
Posted by සහන් සටහන්

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -