Latest Post

Sep 15, 2010

Click here........ How to create a animated button using flash

|1 comments
කාලෙකින් බ්ලොග් එකට ගොඩ උනා..... හැබැයි මේ ලියන එකනම් කවුරු දකීද දන්නෑ..... ම්ම් මොකක්ද ඒ හරුපෙ, ආ මම අලුත් ඩොමේන් එකක් ගත්තනේ, ඒක මේ බ්ලොග් එකට ඇමිණුව දැන් තිබ්බ ඩොමේන් එකත් නෑ දාපු එකත් නෑ.... බලමු තව ටිකකින් වැඩ කරන්නැතෑ. මේ පෝස්ට් එක දාන්න හේතුව කවුරුත් දන්න කියන බ්ලොගර්ල දෙන්නෙකුගෙ ඉල්ලීම් මත. Trix Hunter සහ මනුෂාන් කියන මල්ලිල දෙන්න තමා මට ෆ්ලෑශ් වලින් මොනවහරි කුප්පියක් දාන්න කියල හුඟක් දවස් ඉඳන් කරදර කරන්නේ.... . මොකක් ගැන ලියන්නද කියල හිතහිතා ඉද්දි තමා ට්‍රික්ස් කීවේ ෆ්ලෑශ් වලින් ඇනිමේටඩ් බටන්ස් හදන විදිහ දාන්න කියල, ඔන්න ඒ නිසා වෙබ් සයිට් වලට පොඩි පොඩි බටන් කෑලි කීපයක් හදල දාගන්න විදිහ ලියන්න හිතුව.....

How to create a animated buttons using flash CS 3 ........

මේකෙදි මම නම් බොහෝ වෙලාවට Adoebe Photoshop වලින් හදාගත්ත Button design එක Flash වලට ඉම්පෝට් කරල තමා ගන්නේ මොකද ඒකෙන් වැඩේ පොඩ්ඩක් වටේ ගියත් ලස්සනට කරගන්න පුලුවන්,

01. මුලින්ම එහෙනම් ඕපන් කරගන්නකෝ ෆ්ලෑශ් as 2.0.
02. පොටෝ ශොප් වලින් හදාගත්ත හෝ ෆ්ලෑශ් වලින්ම හදාගත් බටන් එක ෆ්ලෑශ් වලට අරගන්න
03. මෙන්න මේ වගේ....

කැමති පාටක් කැමති හැඩයක් දෙන්න ..........

04. ඊලඟට මේ හදපු object එක select කරල කීබෝඩ් එකේ F8 ඔබන්න

මේ පින්තූරෙ තියන විදිහටම කන්වර්ට් කරන්න Movie clip එකක් විදිහට (බටන් නෙවෙයි හරිද)
දැන් ok කරන්න.

05. හදාගත්ත මූවි ක්ලිප් එක ඩබල් ක්ලික් කරන්න එතකොට අපේ මූවි එකේ සීන් 1 ඇතුලට යයි. එතන මෙන්න මෙහෙමයි
පහලින් අපි හදාගත්ත බටන් එක තියනව... ඊට උඩින් ලේයර් (වල මම කලින් හදපු ලේයර්) තියනවා. දැන් මම හදල තියනව වගේම අමතර ලේයර් අරගන්න,
☺ Bg (background) කැමති බැක් ග්‍රවුන්ඩ් එකක් දාගන්න
☺ Project1_btn ඒක තමා අපේ බටන් එක
☺ Invisible_btn ඉන්විසිබල් බටන් එක තමා මොන ජාතියෙ බටන් එකක් හැදුවත් පිටිපස්සෙ ඉඳන් හැම වැඩේම කරන්නේ... ( මූ තමා පොර)
☺ Animation ලේයරේ තියෙන්නේ අපි බටන් එක උඩට කර්සර් එක ගෙනාවම වෙන්න ඕන ඇනිමේශන් එක.
☺ Action මෙතන තමා ෆ්ලෑශ් වල හැමදෙයක්ම පාලනය වෙන්නේ... (ඒව ඉස්සරහට )

හරිනේ එහෙනම් ඔන්න බටොං එක හදන්නයි යන්නේ............

☻ මෙතනදී බැක්ග්‍රවුන් ලේයරේයි බටන් එකේ ග්‍රැපික් ලේයරෙයි අවශ්‍ය ගානකට කීෆ්‍රේම් දෙන්න ඕන ඒකට ඕන කීෆ්‍රේම් එක ක්ලික් කරල F5,
☻ දැන් ඇනිමේශන් ලේයරේ පලවෙනි කී එක සිලෙකක්ට් කරල මෙහෙම මොකක් හරි වෙන්න ඕන දෙයක් හදන්න ඕන මම ගත්තෙ මේ ග්‍රේඩියන්ට් එක


(නිල් පාටින් සිලෙක්ට් වෙලා තියෙන්නේ ග්‍රේඩියන්ට් එක)

☻ දැන් ග්‍රේඩියන්ට් ලේයර් එක හරි මැදට කීෆ්‍රේම් දීල එක උඩ ඉඳන් පහල එන්නත්... එතන ඉඳන් ආපහු උඩට යන්න ඉතුරු ෆ්‍රේම් ටිකත් හදන්න ඕන.
☻ ctrl + enter ප්‍රෙස් කරල බලන්න හදපු ඇනිමේශන් එක, බටන් එක උඩ ග්‍රේඩියන්ට් එක නොකඩවා උඩපහල යයි
☻ ඒ නොකඩවා යන ඇනිමේශන් එක නවත්තන්නත් මවුස් එක ලඟට ගේනකොට විතරක් ඇනිමේට් වෙන්නත් හදන එක තමා දැන් කරන්න යන්නේ.
1. action කියල හදපු ලේයර් එකට් කී ෆ්‍රේම් එකක් ඇඩ් කරල ඒකට ක්ලික් එකක් දාල F9 ප්‍රෙස් කරන්න.
(දැන් එයි පොඩි වින්ඩෝවක් ඒකෙ තමා අපි ලියන ඇක්ශන් ස්ක්‍රිප්ට් දාන්නේ...) එතන

stop();

කියල ටයිප් කරන්න, වින්ඩෝව close කරන්න

☻ දැන් ඉන්විසිබල් බටන් එක... ඒකට කරන්න හියෙන්නේ අපේ invisible_btn ලේයරේ ක්ලික් එකක් දාල
1. ctrl+f8 හෝ insert--> new symbol
2.
3. Ok කරන්න එතකොට මෙහෙම එකක් එයි
ඒ එන එකේ ඔය විදිහට hit එකට ක්ලික් එකක් දාල F6 ඔබල කීෆ්‍රෙම් දෙන්න
4. ඒ දුන්නත් මැද කොටස නිකම්ම හිස් සුදු පසු බිමක් තියෙයි.... ඒ කොටසෙ අර මුලින් හදපු බටන් එකේ ප්‍රමානෙට පොඩි කොටුවක් අඳින්න.... ඇඳල ආපහු අපේ සීන් එක මුලට එන්න

5.
මේ විදිහට....

6. invisible_btn ලේයර් එක ක්ලික් කරල මුල් කීෆ්‍රේම් එකේ ඉඳන් ctrl+L (Library panel එක ඇතුලෙ ඇති හදපු invisible_btn බටන් එක ඒක ඩ්‍රැග් කරල දාන්න අපේ project1_btn එක උඩට)

අවශ්‍ය සයිස් එක දෙන්න හරියට බටන් දෙක එක උඩ තියෙන්න හදල

7. invisible_btn උඩ click එකක් දාල f9 ඔබන්න

on (rollOver) {
gotoAndPlay(2);

}

ටයිප් කරන්න

8. දැන් Ctrl+Enter ගහල බලන්න බටන් එක වැඩද කියල.....

☻ හම්මෝ........ පෝස්ට් එකේ දිග.......... බටන් වලට URL එකක් දෙන විදිහ සහ තව වැඩ සහ කිඩ දාපු බටන් එකක් හදන විදිහ ඊලඟ පෝස්ට් එකට දාන්න හිතුවෙ මේකෙ දිග දැක්කම.

☻ මේක තමා ඇනිමේශන් බටන් එකක සරලම අවස්ථාව, මේකම තමා තව තව ඇඩ්වාන්ස් වෙන්නෙ. sound එතකොට transition වගේ දේවල් එක්ක ලස්සන වින්ඩෝස් 7 ලුක් එකක් තියන බටන් සෙට් එකක් හදන ක‍්රමේ ඊලඟ පෝස්ට් එකෙන් (ඒක කවද දායිද කියන්න බෑ ඔන්න)

Aug 11, 2010

Essential Firefox add-ons (for every one)

|7 comments

මේ දවස් ටිකේ ඔන්න බ්ලොග් පෝස්ට් එකක් දෙකක් ලියන්න වෙලාව හදාගත්තා, ඒකත් ටිකක් ලියනවා සේව් කරනව ඔන්න ඔහොමයි වෙලාව හදාගන්නේ... මේ පෝස්ට් එකත කාලයක් තිස්සේ ලියල තිබිල අද ඉතුරු ටික ලියල අවසන් කලේ... [ඒ ලියල තිබ්බ කොටස් ටිකම දැම්මනම් ඔන්න අලුත් ඇඩෝන දෙකක් මිස් වෙනවා ] ඔන්න එහෙනං වල් පල් පැත්තක දාල මම වැඩිම වැඩ ගන්න ඇඩෝනෙ ඉඳන් අඩු එකට දාන්නම්....

1.qsFox


මේක ඉතිං කාටවත් කියන්න ඕන නෑනේ ලංකාවෙ වගේම සිංහල බ්ලොග් ලියන කවුරුත් දන්නව මේ ගැන, qsfox තමා මම වැඩියෙන්ම භාවිතා කරන්නෙ.








2. EnSi tip
අනික තමා එන්සි ටිප්.... වැඩේ කියන්නේ එන්සිටිප් අඩවිය නවත්තල දාලනේ .


ඒත් මොක නැත්තත් ඇඩෝන් එකනම් මටනම් අතිශය වැදගත් ඒ නිසා කෝකටත් කියල අවශ්‍ය අය විතරක් බාගන්න දැං මේක ගන්න එක හොර වැඩක් කියල හිතනවනම් ගන්න එපා .







3. Speedbit Video Downloader
යූ ටියුබ් වීඩියෝ බාන්න [ඒ විතරක් නෙවේ වීබ් පිටුවල තියන ඕනම ජාතියෙ වීඩියෝ බාන්න] කියාපු භාන්ඩෙ


මේක තියෙන්නෙ Speedbit Video Downloader පොඩි exe එකක් ඒක දැම්මම ෆයර් ෆොක්ස් ඇඩෝන් එක ඔටෝ ගන්නව. මෙතනින් Download කරගන්න.




4. FireFTP


මේකත් මේ ලඟදි මාට්ටු වෙච්ච එකක්.... ඒත් ඒ දවස් ටිකට මම ගොඩක් වැඩගත්තා, FileZila එහෙම වගේ නැතත් ලොකු වැඩක් හදිස්සියට කරගන්න පුලුවන් අනික ඉන්ටර්නෙට් කැෆේ එකකදි එහෙම මොකක් හරි අප්ලෝඩ් කරගන්න උනත් පහසුයි. අනික මම දැකපු ලස්සනම ලෝගෝ එක හරී හුරතල්






5. Profile password
මේක දැම්මෙ ඊයෙ.... මොකද trixhunter මල්ලි දාල තිබ්බනේ, ගුගල් Chrome ඕපන් වෙද්දි පාස්වර්ඩ් එකක් දාන හැටි. ඒ දැක්කම මට හිතුන ක්‍රෝම් වලට තියනවනං, මෙච්චර ඇඩෝන් තියන ෆයර් ෆොක්ස් වලට පාස්වර්ඩ් දාන්න ඇඩෝන් නැතිවෙන්න බෑනේ ...... ඔන්න හොයාගත්ත එකක් දාලම බලන්න නියමෙට වැඩ.
කරන්න තියෙන්නෙ ඇඩෝනෙ දාල අපිට අවශ්‍ය පාස්වර්ඩ් එක දෙන එක විතරයි. ෆයර් ෆොක්ස් ඕපන් වෙනකොට අපි දුන්න පාස්වර්ඩ් එක ඉල්ලනව (වැදගත්ම දේ මේකෙදි ක්‍රෝම් වල වගේ අපි දෙන පාස්වර්ඩ් එක ටෙක්ස්ට් විදිහට පෙන්නන්නෑ)




6. Xmarks



තව ඩිංගයි අමතක වෙනවා මේක නැත්තං ඉඳල වැඩක් නෑ.... මොකද මෙච්චරකල් තියාගෙන කියවපු යාලු බ්ලොග් [ඇඩ්‍රස් මතක තියාගන්නව කියල කීයක් ද අප්පේ]. මේ xmarks නං මොසිල්ලා විතරක් නෙවෙයි දැනට තියන හැම බ්‍රවුසරේකටම තියන එක්ස්ටේන්ශන් එකක්.
අනිත් දේ තමා මගේ බුක්මාක්ස් වෙනත් ඕනම තැනකදී ඕනම කම්පියුටර් එකක ඕනම බ්‍රවුසර් එකකට ගන්න පුලුවන් වීම.




7. Nightly Tester tool



මෙක තමා මේ ඔක්කොම වගේ ඇඩෝන් එක්ක සෙල්ලං දාන ඇඩෝන් එක මොකද Firefox version එක අලුත් වෙනකොට සමහර ඇඩොන් ඒ සමග අප්ඩේට් වෙනව අඩුයි (එන්සිටිප් එක එහෙමනං කොහොමටවත් නැතිවෙයි ) ඒ වගේ අවස්ථාවලදී මේ ටූල් එක හරහා ඒ ඉන්කම්පැටිබල් ඇඩෝන බලෙන් ඉන්ස්ටෝල් කලහැකීයි.



දැනට මේව විතරයි මම භාවිතා කරන්නෙ, තව අලුතෙන් හම්බවුනොත් ඒවත් දාන්නම්........
මේ ගැන ඔයාලගෙ අදහස් වගේම තව වැඩ සහ කිඩ දාන්න පුලුවන් add-ons තියනවනම් ඔය පහල තියන comments කියන තැන ඒව දාන්න පුලුවන්

Aug 7, 2010

හාඩ් එකේ තියන ඉඩ මදිද?

|5 comments
හාඩ් ඩිස්ක් එකට තව අමතරව ගෙගාබයිට් 25ක් එකතුකරගන්න කැමති අය ඉන්නවනම් මේක බලන්න , වැඩේ මෙන්න මේකයි කස්ටිය දන්නවනේ ආ නෑ නෑ ඉස්සරවෙලා කියන්න ඕන මේක මේවනවිටත් දන්න අය ඉන්නවනම් වැඩේ තවත් ලේසී.... මොකද මුල ඉඳලම යන්න ඕන නෑනේ... මේ මුල ඉඳලම කියන්න යන්නේ කලින් මේගැන නොදැන හිටි අයට.

එහෙනං වැඩේ මේකයි... හැමෝම දන්නවනේ "මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ලයිව්" හොට් මේල් හරි ලයිව් ID හරි තියන අයට වැඩේ තවත් ලේසීයි, Microsoft Windows Live තියන අය දන්නව ඇති ඒ සමග ලබාදෙන SkyDrive පහසුකම 25GB නොමිලේ...!!





Live ID එකක් නැත්තං ඔය දුන්න ලින්ක් වලින් එකක් හදාගන්න මුලින්ම, ඊලඟට ඔය ස්කයි ඩ්‍රයිව් එකට ගිහින් පොඩ්ඩක් බලන්න රවුමක් දාල..

ඊටපස්සෙ මෙන්න මේ වගේ ඕක අපේ PC එකේ My Computer වලට මැප් කරගන්න ඕන.




ඒකට කරන්න තියෙන්නේ
SD Explorer එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න එක තමා..... (ඕකෙ BASE කියල එක වෙලුමකුත් PRO )

SDExplorer ඉන්ස්ටෝල් කරගත්තම පොඩි අයිකනයක් එනව මයි කොම්පියුටර් වලට ඒක ඩබල් ක්ලික් කලාම මෙන්න මේ වගේ Login window එකක් එනව


ඒකට අපේ Live ID එක දෙන්නයි තියෙන්නේ.....

සිම්පල් ප්ලෑන් එකක්............
කියල තව වැඩි පහසුකම් සහිත වෙලුමකුත් තියනව, මම නම් ඉතින් BASE එක තමා අපි ඔය හොර බඩු ලඟ තියාගන්නෑනේ










Jul 22, 2010

සහන් සටහන් - හරියටම අවුරුද්දයි.....

|20 comments
ඔන්න අද ඒකියන්නේ 2010.07.22 වන දින 6:55 ප.ව වෙනකොට මගෙ බ්ලොග් කෙරුවාවට හරියටම අවුරුද්දයි.



මුලින්ම "සහන්ගේ බ්ලොග් සටහන" කියල www.myblog,lk එකේ පටන් ගත්ත බ්ලොග් එක පස්සෙ බ්ලොගර් වලට ගෙනාවා... බ්ලොග් කෙරුවාව කීවට නං වැරදී මොකද බ්ලොග් ලියන්න ගත්තෙ හරියටම අවුරුද්දකට කලින්.... බ්ලොග් කියවන්න අරගත්තෙ ඊට කලින්.

මුලදි කොම්පියුටරේ තිබුනේ XP ජංජාලෙ නෑ. ඔන්න ටික කාලෙකින් ගෙදර SLT ලයින් එකෙන් ජම්ප් එකක් දාල ප්‍රීපේයිඩ් කාඩ් වලින් ජාලගතවුනා ඒත් සිංහල ගැනවත් යුනිකෝඩ් ගැනවත් මෙලෝහසරක් දන්නෑ....  ඔන්න ටික කාලෙකට පස්සේ මුලු කොම්පීතරේම කෑලි මාරු කරලා අලුතෙන් ප්‍රොසෙක් එහෙම දාල මොඩිෆයි කලා, ඊටත් ටික කාලෙකින් ආපහු ජාල උණ හැදුනා... ඔන්න දැං ටවුම වටේ රවුම් ගහනවා SP කෙනෙක් හොයන්න, Dialog, Mobitel බැලුවා 3G නෑ, SLT ,Dialog Wi-Max දුර වැඩී කීවා.. පස්සෙ ලංකාබෙල් Wi-Max ගත්තා... මුල් කාලෙ යූටියුබ් එකේ වීඩියෝ බලන එකයි ටියුට් බාන එකයි තමා කලේ...

ඔහොම යනකොට Vista තිබුන නිසා එක සයිට් එකක සිංහල තියනව දැක්කා ඒ "සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ" ගූගල් සමූහයේ ගිය ත්‍රෙඩ් එකක් මේ තියෙන්නේ ඒක ඕක දැකපු වෙලේ ඉඳලා සිංහල ගැන පුදුම හෙවිල්ලකින් තමා හිටියේ ඒ අතරෙ SBU Google Group එකේ පේජ් එක HTML විදිහට සේව් කරගෙන ටික ටික කියවන්න ගත්තා. ඒ අතරෙම කාලිංග අයියගේ ඊමේල් ලිපිනය හොයාගෙන සිංහල වචන කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්ම කොපිකරල වාක්‍ය හදලා මේල් එකක් යැව්වා කොහොමද සිංහල ලියන්නේ, සහ බ්ලොග් එකක් පටන් ගන්නේ කියල (ඒත් එක්කම අර වචන කොපි කරපු එකත් කීවා). ඊට ටිකකට පස්සේ කාලිංග අයියගෙන් මේල් එකක් ආවා ඔන්න ඒකෙ තිබ්බේ "සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි" අඩවියට ලින්ක් එකකුයි "සිංහල බ්ලොග් කියවනය" ට ලින්ක් එකකුයි සහ අර වචන කොපි කරපු එක කාගෙන්ද කොපි කලේ කියල කියනවනම් ප්‍රශ්නයක් නෑ කියලයි තමා.....

එතනින් තමා ඔන්න sahan.myblog.lk පටන් ගත්තේ, ඊටපස්සෙ ඒක ඇඩ්කලා සිංහල බ්ලොග් කියවනයට, පස්සෙ තමා මේ බ්ලොගර් එකට පැන්නේ ඕං. ඔය අතරේ ටෙක් කතා එහෙම ජීවිතයේ එක අංගයක් වෙලා තිබ්බේ සතියකට අහන්න ප්‍රශ්න එකතු කරගෙන ටෙක් කතාවලට දාන්නත් මග නොඇර සතිපතා අහන්නත් අමතක කරන්නෑ... එතකොට බයිස්කෝප්lk .... ඔහොම යද්දී බ්ලොග් කියවනය හරහා තව බ්ලොග් ලියන අය හුඟාක් අදුරගන්න පුලුවන් උනා ඒ අතර "දිලංක"  Thilina බුවා  "ක්ෂිතිජ සහන්" (නම =නිසා ) "මනුශාන්" (මූනු පොතෙන්) "බනියා" (මේ ගූගල් වේව්) "කණියා"  (කණියව සෙට් උනේ වින්7 දන්න ගිහින්නේ) "බිඟුවා"  "ත‍රිඳු" කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා"(සයිබර් යාය)   "පබළු"  "නීනු"  ඕ ඕ කව්ද අමතක උනේ..... අප්පට සිරි "නදුන්" එතකොට "චතු" මේකව සෙට් උනේ අර ගූගල් වේව් අමාරුව හැදුන කාලෙ වේව් තියන කෙනෙක් හොයන්න දඟලනකොට.... ඒ කතාව මෙහෙමයි ඔන්න දවසක් මම තව කවුරුහරි සිංහල බ්ලොගර් කෙනෙකුට කමෙන්ට් එකක් දැම්මා මටත් වේව් එකක් එවන්න කියලා ටික දවසක් යනකොට මෙන්න පොරක් මට චැට් එකේ ඉන්විටේෂන් එකක් එවලා.. මම කව්ද කියල ඇහුවම කියපි මම තමා ඔයාට ගූගල් වේව් ආරාධනාව එව්වෙ කියලා...

ඊට පස්සේ ඔහොම බ්ලොග් ලියන කියවන අතරෙ තිබ්බ බ්ලොග් පෝස්ට් එකක් සිංහල ඉංග්‍රීසි ශබ්ධකෝශයේ Data Base එක ඕන අය ඉන්නවනම් ඉල්ලන්න කියල.... ඔන්න ඕකෙන් තමා අර "වැප්" සෙට් උනේ..... ටික කාලෙකින් "චතුරංග" චැට් එකෙන් කියල තිබ්බ ලෝගෝ එකක් හදන්න පුලුවන්ද කියලා, ඉතින් විභාගයක්ද මොකක්ද අස්සේ කීපයක්ම හදලා යැව්වා ටිකදවසකින් කියපි මෙන්න අලුතෙන් එන යන බ්ලොග් කියවනයට මේක හදන්නේ කියල. ඒ තමා මේ තියෙන්නේ..... lankeeya sithuwili ඔන්න දැං මම ලාංකීය සිතුවිල්ලේ තවත් එක සාමාජිකයෙක්.

ඔය අතරේ බ්ලොග් මැරතන් දීවා එතකොට කවිමඩුවෙ කවි ලීවා ඔන්න ඔහොමයි මගේ වසරක බ්ලොග් ජීවිතේ ......... ඒ අතරේ නම් නොකීව තව සිය ගනනක් බ්ලොග් ලියන යාලුවො ඉන්නව......