Feb 27, 2010

Barn Buddy cheates - බාන්බඩියේ හොරවැඩ


මේකනම් කියන්න හිත හදාගත්තේ ටිකක් අමාරුවෙන් මොකද මේකෙන්නේ බඩගෝස්තරේ රැකගත්තේ :P . මම මේක ඔයාලට විතරයි කියන්නේ වෙන කාටවත්ම කියන්නේ නෑ ඔයගොල්ලොත් දන්න කියන හොදම යලුවෙකුට ඇරුනම මේක ප්‍රසිද්ධ කරන්න එපා :D
මම කියන්න යන්නේ කොහොමද බාන්බඩියෙ extra point (XP) වැඩිකරගන්නෙ කියන එකයි (ගොඩාක් නම් නෙවෙයි ශක‍්‍යතාව අනුව වෙනස් වෙනවා ;) අනික තමා කොහොමද බඩුමුට්ටුවලින් හේන වහගෙන ඉන්න අයගෙන් හොරෙන් කඩන්නේ කියලා....
නොමිලේ සීඩ් ගන්න විදිහත් කියන්නම් ඒකනම් ඔයගොල්ලො දන්නව ඇති

1. කතාවක් අහල ඇතිනේ හැමෝම අර රත්තරං බිත්තර දාපු කිකිළිගෙ බඩ පලලා වැඩියෙන් පෝසත් වෙන්න ගිය ගම රාළගේ කතාව... මේකත් ඒ ක්‍රමේමයි නමුත් සාර්ථකයි :D කරන්න තියෙන්නෙ අපේ කිකිළිට ක්ලික් කරනකොට අපිට 5 x 5 x 5 සමග බිත්තරේ වික්කම 50ක් XP ලැබෙනවනේ....

කිලිළි ට මුල් click දානකොට එයා බිත්තරේ දාන්න කූඩුවට එනවා එතකොට වැඩේ නවත්තන්න ඕන, ඊලඟට farm එකේ මැද right click කරලා Qulity > Low දෙන්න ඊට පස්සෙ My farm එකට ආපහු එන්න.(බාන් බඩී පිටුව පමණක් reload කරන්න) දැං කිකිළි ඉන්නෙ වෙනතැනකනේ,ඊටපස්සෙ ආයපාරක් කිකිළිට 3 පාරක් click කරන්න, කූඩුව ලඟට එද්දි click නවත්තන්න, ඊටපස්සෙ ආයෙත් බාන් බඩී පිටුව පමණක් reload කරන්න.දැං ආය පාරක් කිකිළිට click කරන්න, කූඩුව ලඟට එද්දිම නවත්තන්න. ආය පිටුව reload කරන්න. ආය කිකිළිට click කරන්න. ඔහොම කර කර ඉද්දින් ඔයාලට XP 15 එව්ව 4ක් 5ක් ගන්න පුලුවන්. (තව ඕනෙනම් තියෙන්නෙ තව තව click කරන එක:) දැං ඇති කියල හිතුනොත් හරි එපා වුනොත් හරි කිකිළි කූඩෙ ලඟට ආවම තව එක ක්ලික් එකක් දාල බිත්තරේ ඇහිඳ ගන්න.

2. ඔන්න එහෙනම් හොරුන්ගෙන් හොරකම් කරන්නෙ මෙහෙමයි...

කවුරුහෝ යාලුවෙක් හේන වහල දාල අනිත් අයගෙන් හොරෙන් කඩනවනම් මේකයි කරන්න ඕන, මුලින්ම වහපු හේනට යන්න ඊලගට අර මුලින් කීව විදිහටම හේනෙ මැද right click කරලා Qulity > Low දෙන්න ඊට පස්සෙ farm එක රීලෝඩ් කරන්න මේ විදිහට
ආපහු හේනට ඇවිල්ලා
Qulity > High දෙන්න එසැනින් කිකිළියි පාත්ති ටිකයි ඉතුරු වෙලා අනිත් item ටික අන්තරස්ධාන් වෙනවා දැං ඉතින් නිසි නින්දෙ කඩන්නයි තියෙන්නේ හැබැයි බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙලා :D

3. සීඩ් ගන්නනම් කරන්න තියෙන්නෙ FB හොර එකවුන්ට් එකක් හදලා ඒකෙත් හේනක් කොටන්න ඊටපස්සෙ ඒක අපේ එකවුන්ට් එකට ඇඩ් කර ගන්න ඕන... හොර එකවුන්ට් එක පටන් ගන්නකොටම BB credit එහෙමත් දෙනවනේ ඒවත් ගන්න පුලුවන් එත්කොට ඒ එකවුන්ට් එකෙන් සීඩ් අරගෙන අපේ එකට gifts විදිහට යවන්න පුලුවන්. හැබැයි දවසටම එකයිනේද යවන්න වෙන්නේ... ඔව් එකක් යවන්න පුලුවන් එක Browser Tab එකකින්නේ ;) ටැබ් ඕන තරමක් open කරලා එකකින් එක ගානෙ යවන්න පුලුවන්.....



ඔන්න ඕකයි මගේ Barn Buddy දියුනුවේ රහස...........

14 comments:

  • chanaka asela says:
    February 27, 2010 6:18 PM

    පච කෙලින්ඩ එපා යකො

  • chanaka asela says:
    February 27, 2010 6:32 PM

    පොඩ් වෑරදිමක් උනෙ.ලිපියේ තියන එක හරියටම හරි......

  • චතුරංග රූපසිංහ says:
    February 27, 2010 6:54 PM

    මේක හොර ගුහාවක්නේ මම g talk සම්බන්ද තාව වහාම නවත්තනවා බයේ බෑ

  • සහන් says:
    February 27, 2010 7:18 PM

    @chanaka asela: හා කියනව බලන්න මම පචයක් කීවෙ කවදද
    @චතුරංග රූපසිංහ:ස්තූතියි....
    උඹල වගේ හොරුන්ගෙන් හොරකම් කරන්නයි මේකෙ දාල තියෙන්නේ (ඒ අනුව බලනකොට මම නිකං රොබින්හුඩ් වගේ)

  • ගීතික says:
    February 27, 2010 9:31 PM

    thanks....

  • Kanishka | කණියා says:
    February 28, 2010 12:41 AM

    හොර ගෙඩියා :D

  • සහන් says:
    February 28, 2010 1:35 AM

    @ගීතික: ur welcome
    @කණියා: හී :D

  • Thilina says:
    February 28, 2010 8:04 AM

    මම ඔය Barn Buddy කියන එක කවදාවත් ප්ලේ කරලා නෑ.. අල සම්බන්ධතාවක් තිබිම කොච්චර හොඳද කියලා වෙලාවකට හිතෙනවා :P

  • සසීන්ද්‍ර වීරසිංහ says:
    February 28, 2010 10:52 AM

    අපෝ ඕක මම දැනගෙන හිටියා..
    ඒත් හොරකං ක‍රන එක අපේ ආගමට පටහැනි නිසා මම බාබ් බඩියේ එකම තැන

  • foxonfox says:
    February 28, 2010 11:57 AM

    ඔෆර්ස් තමයි මගේ ක්‍රමේ.මේ තියෙන්නේ ඒ ගැන
    http://goo.gl/sWGe
    (ඇඩ්වර්ටයිසින් කරනව කියල හිතන්න එපා.මෙච්චර දිග ක්‍රමයක් කියන්න් බැරි හින්දයි ලින්ක් එක දැම්මේ)

  • සහන් says:
    March 6, 2010 5:06 PM

    @ Thilina:
    මට මූණුපොතේ කරන්න වෙන වැඩකුත් නැති නිසා තමා බං මේකට පුරුදු උනේ ඒත් දැං ඒකත් රහ ගිය චුයිංගම් එකක් වගේ.

    @ සසීන්ද්‍ර වීරසිංහ:
    අනෙ පලයන් මලේ යන්න ආගම දහම ගැන හිතන එකා...
    @ foxonfox:
    ඔෆර්ස් ම් ම්
    නෑ නෑ කමක් නෑ ඇඩ් නෙවෙයි බලමු ඒකත් මොන වගේද කියලා.....

  • Mr.Lock says:
    June 6, 2010 5:55 AM

    apooo meyage pacha ehema right click karala qulity low click karannath be

  • සහන් says:
    June 7, 2010 9:01 AM

    ඇයි බැරි.... පුලුවන් ඒත් දැං ඒ වැඩේට කල් වැඩී බාන් බඩී කස්ටියට වැඩේ මාට්ටු වෙලා ඒ බග් එක ෆික්ස් කොරලනෙව........

  • Anuradhax3 says:
    June 21, 2010 11:22 PM

    සහන් අයියා පට්ට හොරෙක්නේ..හික්ස්