Feb 22, 2010

පෑනෙන් ජනෙල් සවි කිරීම Win to flash

Netbook එකකට හ‍රි optical drive එකක් නැති ප‍රිගණකයකට හ‍රි windows 7 (මොකක් හෝ OS එකක්) දාන්න උනොත් ? මොකද ක‍රන්නේ ඒසදහා microsoft ආයතනයෙන් නොමිලේ දෙන Windows 7 USB/DVD Download Tool යොදාගතහැකීයි. ඒත් පොඩි අවුලක් තියනවා ඒ සදහා windows 7 නම් එහි නියම ISO එකමයි යොදාගතයුත්තේ, අපි DVD එකේ කොපියක් දුන්නොත් කෙලින්ම බෑ කියනවා.
එතකොට කොහෙන්ද අපිට original windows 7 iso එකක්. ඒක ඉතිං හැමෝටම තියන ගැටලුවක්. ඔන්න ඔය පුරස්නෙට නැටි හලාගෙන උත්ත‍ර හොයනකොට තමයි මතක් උනේ කණියව මොකද කණිෂ්ක මීට කලින් ලියපු පෝස්ට් එකක් හ‍රහා තමා මම windows 7 බාගත්තේ, ඒත් ඒක දැං මගේ ලග නැති නිසා තමා කණියගෙන් ආපහු ඉල්ලගන්න හැදුවේ නමුත් ඒකත් USB/DVD Download Tool එකට හ‍රි ගියේ නෑ.....
පස්සෙ තමා මේ ගැජමැටික් එක ගැන කිව්වෙ.
ඒ තමා Wintoflash මේකෙදී අපිට disk image එකක් mount ක‍ර හෝ DVD drive එක හ‍රහා USB pen drive එකට windows 7 රිංගවන්න පුලුවන්, හොදම දේ තමා මේක දෙන්නෙත් නොමිලේ වීමත් මේක microsoftලගෙ එක වගේ ඉන්ස්ටෝල් ක‍රන්න දෙයක් නැති portable වීමත්. අනිත් කාරනේ තමා මෙමගින් ඕනෑම bootable software (live cd එහෙමත්) pen drive වලට ගතහැකිවීම.මම දැම්මේ windows 7 එකයි Xp sp2 යි දෙකම හොදටම වැඩ, මම ප‍රීක්ෂාකලේනම් windows 7 ඒත් Xp එකත් ක‍රද‍රයක් නැතුවම load වුන නිසා ඒකත් අවුලක් වෙයි කියල හිතන්න බෑ.
මේ වැඩේ ක‍රන්නෙ කොහොමද කියන එක මේ screen shots වලින් බලාගන්න
මේකෙ හ‍රියට ක්ලික් එකක් දැම්මම ඊලග වින්ඩෝව
මෙතනින් තමා අපි වින්ඩෝස් තියන DVD එක තියන drive එකයි අපේ pen drive එකයි තෝරල දෙන්නේ

අපිට පෙන් එකට දාන්න ඕන os එක මොකක්ද?

වැඩේ හ‍රි...... දැං DVD එකෙන් Pen එකට, හැබැයි ටිකක් වෙලා යයි....

මෙතනින් Torrent එක බාගන්න
(ආ කියන්න අමතක උනානේ මේගොල්ලො මේ software එක දෙන්නෙත් Torrent වලින්තමයි)

6 comments:

  • Kanishka | කණියා says:
    February 22, 2010 8:47 PM

    ඇති යන්තම් වැඩේ ගො‍ඩ ගියා.. :D බැරි උනානම් එහෙම වෙන සීන් දන්නෙ අපිනේ... :D :D

  • වැප් says:
    February 22, 2010 9:00 PM

    ඒලස් ඒලස් මාත් දැම්මා හැබැයි දැන් ටික දවසක් උනා ඒත් ක්‍රමය ඔක තමයි

  • සහන් says:
    February 22, 2010 9:46 PM

    @ කණියා:බැරි උනානම් එහෙම :D
    @ WAP: එලස් එලස්

  • chanaka asela says:
    February 22, 2010 10:43 PM

    එලම තමා.මාත් එහෙනම් 7 පෙන් එකෙන් දලා බලන්නම්කො.

  • gamerala says:
    February 22, 2010 11:33 PM

    ela ela thankuu thankuu math mee hoya hoya hitiye mokoo dannawada mage come ekata holmanak ringala maara weda thamaa koranne mata CD walin boot wenna puluwan DVD bee boot wenneth nee on wenneth nee kotinma kiyanwanam ehaata yannama bee mama 7 demme XP Dala ekata udin den mata pen eken puluwan ela

  • සහන් says:
    February 26, 2010 10:15 AM

    @gamerala: එල එල