එකක් ගත්ත , ඒක කියල වැඩක් නෑ නියමයි....... හැබැයි වීඩියෝ නෑ මෙමරි නෑ ඒත් ෆොටෝ කොලිටියනම් නියමයි.ඔය අතරෙ එකෙක් කියපි Nokia 6630 වගයක් තියනව වෙන රටකින් ගෙනැත් මෙහෙ අන්ලොක් කරල විකුනනව 9000ට කියල..... යකෝ ඒ දවස්වල 22000ක් වෙච්ච එක 9000ට තියනවනං ඉතිං කවර කතාද? මට දෙකක් ඕනෙ කියල යාලුවයි තව අපේ ගෙදර ඉස්සර ගෙදර යාලුවෙකුයි ගියා අර මෑන්ස්ව මාට්ටු වෙන්න. මෙන්න බුවා කියපි මගෙ නෙවෙයි ෆෝන් මම දන්න කෙනෙක්ගෙ කියල පහුවෙනිද දෙන්නං කියල. ඔන්න පහුවෙනිද එලිවෙනකොට අපි උගෙ ගේ ඉස්සරහ..... ඒපාර මූ කියපි අද පන්තියෙදි ෆෝන් ගේන කෙනා හම්බෙනව පන්තිය ඇරෙන වෙලාවට එන්න කියල. මක් කොරන්නද ආපහු ගෙදර ඇවිත් ගියා 4ට විතර අරූගෙ පන්තිය ලඟට. ඒපාර මූ කියනව යාලුව ආවෙ නෑ කියල............. පස්සෙ 9000හෙ 6630 පැත්තක දාල ආව ගෙදරට. ඒ වෙනකොට මට 6630ක් ඕනෙම වෙලා හිටියෙ ඒ නිසා Samsung X640 විකුනල ගත්ත කඩෙන්ම Nokia 6630ක් 18000කට.
ඒකත් ශෝයියං ෆෝන් එක මම කාලයක් ආසාවෙං පාවිච්චි කරා. ඔන්න ඒ අතරෙ ආපහු වෙන ෆෝන් එකක් ගන්න හිතිල පින්තූර එකතු කරන්න පටන් අරගෙනයි තිබ්බේ...... ඒ අතරේ 6630 වික්කා යාලුවගෙ අයිය කෙනෙකුට (තාම එයා ලඟ ෆෝන් එක නියමෙටම වැඩ). ඒත් පිංතූර එකතුකොලාට කෝ සල්ලි අලුත් එකක් ගන්න. ඒ අතරේ එක එක ජල්ටොං දාල නානාප්‍රකාර ෆෝන් පාවිච්චි කලා..... ඒ අතරෙ Nokia 3230 එකක් තිබ්බා අකමැත්තෙන් හරි පාවිච්චි කලා (ඒත් ඒකෙ තිබ්බ මරු කාර් ගේම් එකක් මම ෆෝන් වල ගේම් ගහන්න කැමති නැති උනත් ඒකනම් මට අල්ලල ගියා). ඊලඟට Nokia 1100 හප්පා ගින්දර ෆෝන් එක වැටෙනව පොලවෙ ගහනව සින්ක් එකට වැටුන කිසි ලෙටක් නෑ. නෑ බෑ කියන්නෑ එකපාරක්වත් කිසි කරදරයක් දුන්නෑ. ඔන්න ඒ අස්සෙ අර පින්තූර එකතුව සෑහෙන්න ලොකු වෙලා තිබුනෙ ඒකෙ N73, N93, W810i, K800i, K810i, වගේ ජාති ඒත් එක්කම කැෆේ එකක් පැත්තෙ ගියොත් www.gsmarena.com එකෙන් ටැබ් 5ක්වත් ඕපන් කරල තමා වෙන වැඩක් කරගන්නේ. ඒ අතරෙ යාලුවෙකුගෙ තිබ්බා Sony Ericsson P990i කියල එකක් පොඩ්ඩක් කරකවල එහෙම බැලුවම මාරයි කියල හිතුන ඔන්න පින්තූර කලෙක්ෂන් එකට තව සාමාජිකයෙක් සෙට් උනා........ පස්සෙ ඒ යලුවගෙන් එහෙම ඇහුවම කීව නියමයි කියල (ඒ වෙනකොට එයාගෙ ෆෝන් එක එකෙක් උස්සල). තීරනය කලා P990i එක ගන්න. ගියා ෆෝන් කඩේකට ඇහුව ගාන 47000යි කිව. හෆොයි තව තැනකින් ඇහුවම කීව 39000යි කියල ඔන්න එකක් දෙන්න කීවම සතියකින් දෙන්නම් කීව පස්සෙ සතියක් තිස්සෙ එතෙන්ට කෝල් දිදී ඉඳල ගියා ගත්ත. 2GB මෙමරි කාඩ් එකටත් එක්ක 42000ක් උනා ඔන්න ෆෝන් එක.
දැනට අවුරුද්දයි මාස ගානක් කිසි ලෙඩක් කරදරයක් නෑ බැස්ටිය සතියක් තියනව. ඕන්න ආපහු පින්තූර එකතු කරන්න ගත්තා මේ දවස්වල වෙන එකකට පනින්නයි යන්නේ............. මොකක්ද හොඳ ඇපල් iPhone 3Gs or 4, Samsung Omnia 2, Nokia වලටනම් දැං මම කැමති නෑ මොකද නොකිය ගෙයි චීන කොපි (චීන කීවට ඒව චීන නෙවෙයි අරාබි) වලයි වෙනසක් නෑනේ. වැඩියෙන්ම කැමති Sony Ericsson වලට මොකද කොපි නෑ ලෙඩ නෑ පහසුකම් අපරිමිතයි යූසර් ෆ්‍රෙන්ඩ්ලි, ඒ නිසා මේව ගැන පොඩ්ඩක් හොයනව Sony Ericsson satio,Vivaz,ඒ අතරින් හිත ගියෙ XPERIA X10 එකට
ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකත් එක්ක ඉන්ටර්ෆේස් එක එහෙම මාරම මාරයි. ඒ අතරෙ හොඳ එකක් තියනවනම් කමෙන්ට් එකකින් කියන්න.....

හප්පා මෙහෙම පෝන් ගොඩක් දැක්කමයි :D කොල්ලා හෙන දතක් වගේ :D
අප්පච්චියෙ මෙකා ෆොන් කඩයක්නේවැ :P මම නම් ඔන්න ෆොන් 2 යි පාවිච්චි කලේ, එකක් චයිනිස් එකක්, ඒක තාත්තා අතින් වැටිලා ටච් ඉස්ක්‍රින් එක කැඩුනා, දෙවනි එක Nokia 6120c එකක් එකනම් තාම සිරාවට වැඩ :-D
@කණියා: කියලා වැඩක් නෑ මේ දවස්වල කතාකරද්දී හුලං පිටවෙන්නේ
@Bunny: කඩයක් කීවට පාඩුවටනේ ඔක්කොම විකුනල තියෙන්නේ :D
Nokia 6120c එකත් ෂෝයි හැන්ඩි ෆෝන් එකක්නේ
මමත් දැනට පාවිච්චි කරල තියෙන ෆෝන් වලින් හොදම brand එක තමයි Sony Ericsson.. ගින්දර..!!
හාවෙක් අල්ලගෙන---හාපෝ බං මොනවද ඔය ජරා වැඩ???
එල පෝං එකතුව.
SE නම් මල ජරාව k608i එකක් තිබ්බ මට ඒකේ වතුර ගියාම දාහඩියට අවුල් යනව.. අනික සිග්නල් චාටර්..
@ගයන්ත: හ්ම් නොකිය වල කොපි රට වටේ... අනික එකක් ගත්තම ඒක පහු කරල තව බ්‍රෑන්ඩ් 4ක් 5ක් ඇවිත් කිසි අගයක් නෑ
@Xpress :නෑ ඉතිං එයාම ගාන කියල ඉල්ලුවම අපි නිකං එහෙ මෙහෙ කරල නිකං එයාලගෙ ඩිමාන්ඩ් එක පහල දාන එක හරි මදිනේ :P
@Naveen Madhawa: දාඩියට මොකුත් වෙනවනං මගෙ ෆෝන් එක මේ වෙනකොට ඉවරයි, මොකද සමහර වෙලාවට ඩිස්ප්ලේ එකේ කෙල ගාල පිහලයි පැහැදිලි කරගන්නේ ඒ තරමට ලුණු බැඳෙනව. සිග්නල් නං ඉතිං නොකිය වගේ කන පැලෙන්න නෑ.... ඒත් දැං රට වටේ හැම තැනම සිග්නල් තියනවනේ
පුදුම PHONE අතීතය.නරකම නැ
මරු ෆොන් සීන් එක...ඔන්න මම නම් පහුගිය අවුරුදු අටටම ෆොන් තුනයි... motorola c200 අවුරුදු 5.. sony Ericson w200 අවුරුදු 1.. sony Ericson k530i අවුරුදු 2.. තවමත් k530i ම තමා.....
පිස්සු හැදෙයි. :O මාර ෆෝන් තොගයක්නේ., මං නං කිසිදා SE පාවිච්චි කර නැත. නොකියාම තමා. (3110c අඹ කැඩීමේ සිට සියළුම දේට ඔට්ටුයි :P )
iPhone 4G :D
ෂෑක් ... පට්ට ෆොන් නොවැ ....
@ පබලු:හ්ම් හ්ම්
@ Sampath: motorola c200 අවුරුදු 5ක්..!! අම්මියෝ පිස්සු හැදිල ආයෙත් හැදෙනව.
@ Thilina:නොකියාම SE එකක් පාවිච්චි කර වෙනස වටහාගන්න ;)
@ කාලිංග: Coming soon නේ අයියා....
SE Xperia 10 එකයි අයිෆෝන්4 එකයි අතරෙ පහසුකම් නම් සමානයි වගේ හැබැයි අයිෆෝන් එක ගාන වැඩීනේද අරකට වඩා.
@ වැප්: පට්ට ෆෝන් එකත් Coming soon ද කොහෙද :D
මරු ෆොන් එකතුව.Nokia N900 ෆොන් එකනම් පහර.....
මමනම් Nokia 1100 -> SE W200 -> Nokia 5320 XM -> ??? :D
මට නම් ඔච්හචර ෆෝන් පිස්සුවක් නැනේ නොවෑ !!!
@අසේල: අනේ.. නොකිය ගැන නොකියා හිටහං
@Dakshina: එලස්
@හිඟන්නා: ඒකත් හිඟාකන්න වෙන පිස්සුවක් එක අතකට.
xperia x10 නම් මැක්සා ෆෝන් එක මචන්!..
sony ericsson satio ඒකත් පොඩ්ඩක් බලපන්
12.1 කැම් එක :)
ගන්නවානම් ඒ දෙකෙන් එකක් තමා...
@Anuradhax3: අන්තිමේ තීරනය කලා Xperia X10 එකක් ගන්න.....
මම satio එක බැලුවා ඒකෙ කැමරා එක (ඉස්සරහත් එකක් තියනව නේ)
හොඳයි නමුත් ෆෝන් එක පෂ්ට ස්ලෝ.
හුඟදෙනෙක් කීවා X10 ඇන්ඩ්‍රොයිඩ් ස්පීඩ් කියලා සහ අලුත් ෆෝන් වලට front cam එක එන්නෑ කියල ඒනිසා X10ට තමා ඇහැ ගහගෙන ඉන්නේ....
X10 එක කීයක් විතර වෙනවද ?
@Hasitha ජයසූරිය: මචෝ මම බැලපු තැනේ නම් 51000ක් විතර
මාත හෙන ගොඩක් ෆොන් පාවිච්චි කරා
motorola c 169 > E tell P9 > SE K550 > Nokia 1200 > Nokia 1100 > SE K850 > LG kf 310 > Nokia 1615 ද කොහෙද එකක් > දැන් SE w 660
@මනුශාන් : ඇයි 850න් මාරු උනේ....
SE හොඳයි හොඳයි කීවට K850 අවුල් කියල අපේ ෆෝන් ටෙක්නීෂියන් කීවා...