Archive for June 2010

My Phone History & what's next

ඔන්න කාලෙකිං මේ පැත්තේ ආවේ..... මොකද ලාංකීය සිතුවිලි එකෙන් වෝර්නිං එකක් දාල තිබ්බනේ . ඒ නිසාත් කාලෙකිං ගෙදර ඉඳං කරන්න දේකුත් නැතුව ඉද්දී හිතුනා මොකුත් ලියන්න ඕනෙ කියල, ඉතිං මොනවද ලියන්නෙ කියල ඉන්නකොට හිතුන මම කාලයක් තිස්සෙ පාවිච්චි කරපු මොබයිල් ෆෝන් ගැන ලියන්න ඕන කියල , ඒත් එක්කම දැනට පාවිච්චි කරන ෆෝන් එක දැකල දැකලම එපා වෙලා ඉන්න නිසා අලුතෙන් එකක් ගන්නත් කම්පනා කලා ඒකට අයිඩියාවක් දැනගන්නත් එක්ක ඕං මේ ලියන්නේ. එහෙනං ඉස්සරලම කියන්නං මට ෆෝන් පිස්සුව ගැහුවෙ කොහොමද කියල පලවෙනියටම ගත්තේ Motorola a130 එකක් ඒක ගත්තෙ අප්පච්චි ඊට පස්සෙ Motorola Startac, Ericsson T10 (මාස හයක් විතර) ඊලඟට Sony Ericsson T105 5900ට තමා ගත්තේ . ඒ අස්සෙ තව කැමරා ෆෝන් බලන්න කඩවල් ගානෙ යන්නත් අමතක කොලේ නෑ. ඒ අතරේ හාවෙක් අල්ලගෙන 5900ට ගත්ත ෆෝන් එක අවුරුද්දක් විතර තියං ඉඳලා 5600කට වික්කා. ඒත් කැමරා ෆෝන් එකක් ඒ දවස්වල රු 20000ක් විතර වෙනවනේ... ඒ වෙනකොට අතේ 4000ක්වත් නෑ. පස්සෙ ට්‍රිප් එකක් යන්න සෙට්වෙලා අප්පච්චිට කියල ඉතුරු සල්ලි ගෙන්නන්ගෙන ගත්තා Samsung X620 එකක් ඒ වෙනකොට A/L ඉවර වෙලා සතියක් වත් නෑ..... ඒත් ගත්ත ෆෝන් එකේ (X620 උනාට යාලුවගෙ තිබ්බ X600 තරම්) ෆොටෝ පැහැදිලි නෑ. ඔන්න සති දෙකකට විතර පස්සෙ යාලුවගෙ අයිය (කඩේ බුවා එයාගෙ යාලුවෙක්) එක්ක ගිහින් X620 ඒ කඩේටම දීල X640 එකක් ගත්ත , ඒක කියල වැඩක් නෑ නියමයි....... හැබැයි වීඩියෝ නෑ මෙමරි නෑ ඒත් ෆොටෝ කොලිටියනම් නියමයි.

ඔය අතරෙ එකෙක් කියපි Nokia 6630 වගයක් තියනව වෙන රටකින් ගෙනැත් මෙහෙ අන්ලොක් කරල විකුනනව 9000ට කියල..... යකෝ ඒ දවස්වල 22000ක් වෙච්ච එක 9000ට තියනවනං ඉතිං කවර කතාද? මට දෙකක් ඕනෙ කියල යාලුවයි තව අපේ ගෙදර ඉස්සර ගෙදර යාලුවෙකුයි ගියා අර මෑන්ස්ව මාට්ටු වෙන්න. මෙන්න බුවා කියපි මගෙ නෙවෙයි ෆෝන් මම දන්න කෙනෙක්ගෙ කියල පහුවෙනිද දෙන්නං කියල. ඔන්න පහුවෙනිද එලිවෙනකොට අපි උගෙ ගේ ඉස්සරහ..... ඒපාර මූ කියපි අද පන්තියෙදි ෆෝන් ගේන කෙනා හම්බෙනව පන්තිය ඇරෙන වෙලාවට එන්න කියල. මක් කොරන්නද ආපහු ගෙදර ඇවිත් ගියා 4ට විතර අරූගෙ පන්තිය ලඟට. ඒපාර මූ කියනව යාලුව ආවෙ නෑ කියල............. පස්සෙ 9000හෙ 6630 පැත්තක දාල ආව ගෙදරට. ඒ වෙනකොට මට 6630ක් ඕනෙම වෙලා හිටියෙ ඒ නිසා Samsung X640 විකුනල ගත්ත කඩෙන්ම Nokia 6630ක් 18000කට. 


Jun 14, 2010
Posted by Sahan Weerasinghe

Popular Post

අලුත් ලිපි ගැන දැනගන්න

Followers

About Me

My Photo
Sahan Weerasinghe
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -