Posted by : සහන් සටහන් Jan 6, 2010

ඔන්න අවුරුද්දකට පස්සෙ සහන් ආවා බ්ලොගේ පැත්තෙ (ඒකත් අහම්බෙන්) . හැමෝටම සුභ නව වස‍රක් කියල ප්‍රාර්ථනා ක‍රන ගමන් කියන්නම් මොකක්ද මේ Title එක කියලා, ආ මම මේ බ්ලොග් පෝස්ට් එක හිටිහැටියේ ලීවේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක් අත‍රමග නවත්තලා, ෆිල්ම් එක ගැන නම් පෝස්ට් එකක් ලියන්නම හිතෙනවා මොකද කියනව නම් ඒක මටම හදපු එකක් කියල හිතෙනවා... anyway කියන්න හිටපු එක නෙවෙයිනේ දැං මේකා කියවන්නේ කියල බලනව ඇති(බලන අය).
දැං එමු Title එකට මම මේ දැන් ෆිල්ම් එක pause ක‍රලා ගිනින‍රියට ක්ලික් එකක් දැම්මා මගේ හේනේ (barn buddy) පලදාව නෙලන්න කියලා මොකද අප්පා ඩිංග බැරි වෙනකොට කොලු රැල පනිනවනේ ඒකට .
ආපහු Title එකට........ ගිනින‍රියා open ක‍රනකොටම කියපි You’ve been updated to the latest version of Firefox . කියලා.. මම හිතන්නේ ඔයගොල්ලන්ගෙත් න‍රිය අප්ඩේට් වෙන්න ඇති. ඒ කියන්නේ 3.5.7 වෙලා මම නම් බලාගෙන ඉන්නේ ඕක කවදද 4.0 වෙන්නෙ කියල එතකොටනම් හුගාක් වෙනස්කම් වෙයි කියලයි කියන්නේ. Mozilla Firefox 4 Design challenge කියල තමයි ඒ අයනම් මේකට කියන්නේ.
බලන්නකෝ අලුත් ගිනින‍රියා එනවයි කියන්නේ මෙහෙමයි.








ලස්සනයි නේද...?

ඒත් එක්කම කියන්න තියෙන්නේ Thanks for your time! කියලා තමයි. මොකද හ‍රිහමං වැදගත් දෙයක් ලියන්න බැරිඋනාට ඔයාලාගේ කාලෙනේ නේද.

3 Responses so far.

  1. අයියා මාර ලස්සනයි නේද ඊළඟ firefox වෙබ් බ්රව්සරය...
    එළ ලිපියක් ගොඩක් ස්තූතියි මේ ලිපිය දැම්මට

  2. අයියා හැබැයි බාන් බඩී ගහන එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි....
    කාලය කන වැඩක්...
    මම නම් ඒ ගේම් එක දැන් ගහන්නේ නෑ...

  3. @ සහන්
    firefox වල ඔය කියන ලස්සන එනකල් බලා ඉමු නේ....
    නිකන් ලැබෙන වෙලාවෙන් තමා මල්ලියෝ ඔය ගේම් එක ගහන්නේ ඒකටම කියල නෑ.....
    (අනික මගේ මූනුපොතේ දෙතුන්දාහ නොදන්න යාලුවො නෑ ඔක්කොම මම දන්න කියන අය විත‍රයි ඉන්නේ ඒ අයත් එක්ක ඔය වගේ ගේම් එකක්වත් ගහන්න පොඩි වෙලාවක් ගත්තට මොකෝ)

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -