Showing posts with label My Stuff. Show all posts
ආපසු ලියමි...
Rise of the සහන් සටහන්
අත්හැරලා දාලා හිටියත් හැමදාම මතක්වෙනවා, ඒ නිසා ඔන එකක් කියලා පරන එක ආපහු පටන්ගන්නවා....
සෑහෙන කාලයක් බ්ලොග් ලියන එකෙන් ඈත්වෙලා ඉඳලා ආපහු ආයේ හිතුනා මොනව හරි ලියන්න ඔන කියලා, ඒත් ඉස්සර තරඟෙට වගේ එකට බ්ලොග් ලියපු සහෝදර සහෝදරියෝ හුඟදෙනෙක් බ්ලොගිං අත්හැරලා. කාර්ය බහුලත්වය නිසාම මගහැරුන කියලා කීවත් මූනුපොතේ රස්තියාදු ගහන කාලෙ අඩු කරන්නත් දන්න කියන දේ හුවමාරු කරගන්නත් ආපහු blog එක සුද්ද කරලා මකුළුදැල් කඩලා මේ පැත්තට අඩිය තිබ්බා.
සහන්ගෙ ලැප්ටොප් කතන්දරේ...
රට වටේ රවුම් ගහලා දන්න කියන හැමෝගෙන්ම ( ටෙක් කතා ගූගල් සමූහයෙන්) අහලා , කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ලැප්ටොප් එක ගත්තා මේ මාසෙ (ඒ කියන්නෙ 2010 මාර්තු 26 වෙනිදා ). හුඟාක් දෙනෙකුගෙන් ලැබුනු ප්‍රතිචාර ගැන හෙව්වෙ අතේ තියන ගානට හොඳම එකක් ගන්න නේ , ඉතිං මේ තියෙන්නේ ඒ ගත්ත ලැප්ටොප් එක.
acer 4736z එකක් කීප දෙනෙක්ම කීවා acer හොඳයි කියලා ඒ නිසයි ඒකම ගත්තෙ අනිත් එක මේක හුඟක් ලස්සනයි කියල හිතුනා, compaq වගේ ලැප් වලට හුඟදෙනෙකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබුනෙ නෑ
ඇයි කියලනම් දන්නෙ නෑ.
ආ එතකොට ඔය පින්තූරෙ දකුණු පැත්තෙ තව ලැප්ටොප් එකක කෑල්ලක් පේන්නෙ ඒක තමා මගෙ මෙච්චර කාලයක් අව්වට වැස්සට පින්නට දූවිල්ලට ඔක්කොටම හිටපු Toshiba satellite එක. දැං ඒක ලෙඩ වෙලා
ඒ කියන්නෙ LCD එකේ යටින් තීරුවක් (අඟලක විතර)
ආ එතකොට ඔය පින්තූරෙ දකුණු පැත්තෙ තව ලැප්ටොප් එකක කෑල්ලක් පේන්නෙ ඒක තමා මගෙ මෙච්චර කාලයක් අව්වට වැස්සට පින්නට දූවිල්ලට ඔක්කොටම හිටපු Toshiba satellite එක. දැං ඒක ලෙඩ වෙලා
