Posted by : සහන් සටහන් Aug 19, 2009

මට අද උදේ Matrix ‍ෆිල්ම් එකේ වෝල් පේපර් එකක් හම්බ උනා text efect එකකින් ලස්සනට හදපු. පොඩ්ඩක් හදන්න ට්‍රයිකරන්න ඕන කියල හිතුන නිසා අපි කවුරුත් දන කියන Adobe photoshop වලින් තමයි හදන්න උත්සාහ කලේ, ටිකක් දඟලනකොට පොඩ්ඩක් ඒ ෂේප් එකට image එකක් හදාගන්න පුලුවන් උනා. හුඟක් අය නම් මේක දන්නවත් ඇති. මේ විදිහට නැත්නම් වෙනත් ක්‍රමයකට (එහෙම කෙනෙක් ඉන්නව නම් මටත් කියන්න)


මේ තියෙන්නෙ Matrix ‍ෆිල්ම් එකේ image එක

මේන්න මේ විදිහට තමයි හැදුවෙ..


1. ඉස්සරලාම ටිකක් පැහැදිලි Image එකක් ‍තෝරගෙන Phtoshop වලින් open කරගෙන අනවශ්ය කොටස් Crop tool (c) එකෙන් Crop කරගන්න





2. Layer pallet එකට (F7) ගිහින් අලුත් layer එකක් ඇඩ් කරගන්න(Ctrl + Shift + n)

3. ඊලඟට foreground color එක set කරගන්න ඕන මම black ඒ කියන්නේ default color එක ගත්තෙ (D)

4. දැන් Edit > Fill එහෙමත් නැත්නම් (Shift + F5) ඔබල අලුතෙන් ගත්ත layer එක අපි ගත්ත foreground color එකෙන් fill කරගන්න ඕන

5. දැන් තමයි අකුරු type කරන්න තියෙන්නේ. ඒකට Type tool (T) අරගෙන Font එක Font color එක වගේම Font size එකත් අවශ්්‍ය ප්‍රමානෙට හදාගෙන සම්පූර්ණ image එකම select කරගන්න ඕන.

6. type tool එකෙන් select කර ගත්ත කොටස පිරෙන්නම අකුරු type කරල හරි copy කරල හරි දාගන්න මෙන්න මේ වගේ

7. Text layer එක select කරල vector mask එකක් දාගන්න ඕන මේ විදිහට

8. Text layer එක මතට Alt key එකත් සමග click කරල ඊලඟට අපි ‍තෝර ගත්ත background image එක ( Ctrl + a) select කරල Ctrl +c මගින් copy කරගෙන Text layer එක silect කරල past (Ctrl+v) කරල බලන්න කලු සුදු image එකක් පෙනෙයි මේ වගේ

9. Text layer එක මත ඇති කලු සුදු image thumbnail එක මත නැවත වතාවක් Alt key සමග click එකක් දැම්මම අපිට ඕන කරන විදිහට පිංතූරයක් ලැබෙනවා

මම හදපු sources file එක මෙතන තියනවා මේ ඉන්නේ මම කොහොමද ලස්සනයිද?

මම Adobe Photoshop සහ Adobe Flash සිංහලෙන් Tutorials ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා ලැබෙන ප්‍රතිචාර අනුව තමයි ඉතිං.......

15 Responses so far.

  1. Anonymous says:

    Ela ela

  2. මේ බ්ලොග් එක read more එකක් දාල post එක කඩාගන්න ට්‍රයිකරනවා ඊට පස්සෙ තව tutes දාන්න ඉන්නේ

  3. LishWish says:

    මචන් ඕක මෙහෙමත් කරන්න පුලුවන් නේද?

    අකුරු ටික ටයිප් කරලා ඉවර වෙලා. අපි තව ලේයර් එකක් අරගෙන ඒකට ඉමේජ් එක දානවා .
    පස්සේ තව ලේයර් එකක් අරගෙන අපි ඒකට පේන්ට් බකට් ටූල් එකෙන් කොල පාට ෆිල් කරනව.
    පස්සේ අර කොල පාට ලේයර් එක ට මල්ටිප්ලයි දීල ඒ ලේයර් දෙකම සිලෙක්ට් කරල රයිට් ක්ලික් කරල මර්ජ් ලේයර්ස් දීල එකක් කර ගන්නවා.
    පස්සෙ අපි කලින් කරපු ටෙක්ස්ට් ලේයර් එක අර ඉමේජ් ලේයර් එකේ උඩට ඩ්‍රැග් කරල අර ටෙක්ස්ට් ලේයර් එකටත් කලර් කමාන්ඩ් එක ඇප්ලයි කරනවා.

    පොඩ්ඩක් කරල බලන්න

  4. @ LishWish thanks මචං මම ඒ ක්‍රමයත් අනිවා ට්‍රයි කරල බලන්නම්.
    @ Dimuthu thanks මචං

  5. තෑන්කූ මචන්.
    මේක නං නියමයි දැං දේශීය මැට්රික්ස් හැදුවැහැකි

  6. @ අමිල : Try කරල බලන්න තව ක්‍රම ඇති ඒවත් බලන්න මටත් කියන්න

  7. හොද වැඩක්... ගුඩ් ලක්....
    පුලුවන් නම් මේ බ්ලොගර් ටෙම්ප්ලේට් එක ඩ්වුන්ලෝඩ් කරන්න පුලුවන් තැනක් කියන්ඩ..:)
    Its sweet and simple...

  8. @Madhawa Madhusanka ... ස්තූතී..
    actually Its sweet and simple... මෙන්න ලින්ක් එක

  9. Tilantha says:

    නියමයි, කොරල බලන්න ඕන. තෑන්කූ

  10. මේකනම් නිය...මයි...
    ඊලග එක ඉක්මනිම්ම ඔනෙ :D

  11. GNS says:

    Quality අඩු Photo එකක්, බැනර් (අඩි 2x3 විතර වත්) එකක ගහන්න මේ ක්‍රමේ මරු... ;)

  12. Photoshop ගැන දන්නේ මොනවද? දන්නේ ටිකයිද ගොඩයිද? තව ඉගෙන ගන්න ආසයිද? එහෙනම් එකතු වෙන්න PS Lanka එක්ක දැනුම බෙදා හදා ගන්න. ගැටළු නිරාකරණය කර ගන්න වැඩ පෙන්නන්න. http://www.pslanka.tk සහො ඔයාගෙනුත් සහයොගක් තියෙනවනම් මාර වටිනවා

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -