Posted by : සහන් සටහන් Aug 6, 2009

අද උදේ ඉදන් ඒ කියන්නෙ උදේ 10.00 විතර ඉදන් රෑ 8.00 විතර වෙනකල් මම කලේ computer එකත් එක්ක දගලපු එක.මොකද අද දවසටම 3න් 4 වතාවක් Blue Screen ආවා මොකද කියලා බලනකොට අහුවුනේ මගේ 160GB HardDisk 2ක් තියනවා එකකට XP අනිකට Windows7 දාල තියෙන්නෙ, මට හිතුනේ ඒ දෙකේ මොකක් හරි නොගැලපීමක් නිසා තමයි BSOD ආවෙ. පස්සෙ තීරනය කලා XP වලින් සදහටම සමුගන්න. Windows 7 RC Image එක DVD එකකට ගහගෙන වැඩේ පටන් ගන්න කියල හදනකොටම තමා මතක් උනේ මම අතරමග නවත්තලා තිබුන Crysis ගේම් එක තියෙන්නෙ XP වලනේ කියලා. මම Crysis ගහන්න කියලා දැම්මට කවදාවත් ඕකට වෙලාවක් ලැබුනේ නෑ (මම මගේ ගේම් ගැන පස්සෙ දාන්නම්) පස්සෙ XP වලට ගිහින් ගේම් එක ඉවරම කලා ඊට පස්සෙ අලුතෙන්ම Win7 ට serial key එකක් අරගෙන windows 7 වලින් boot කරලා Win 7 තිබුන partition එකයි XP තිබුන partition එකයි format කලා Windows install වෙලා restart වෙනවනේ ඔන්න එතකොට කියපි BOOTMGR is missing කියලා ඉතිං කාටද කියන්නෙ මම ඕක හොයල දෙන්නැයි. දෙතුන් වතාවක් format කොලා ම්හ් එම..... පස්සෙ කාලිංග අයියට call එකක් දුන්න, කාලිංග අයිය කියපු විදිහට නම් BOOTMGR is missing කියලා එන්නෙ boot device එක අදුර ගන්න බැරි උනාමලු. පස්සෙ කරපු වැඩේ එහෙම්මම casing එක ඇතුලට අත දාල අනිත් Hard drive එකේ cable එක ගලවලා ආපහු boot කලා වැඩේ ගොඩ. දැන් තමයි අප්පිරිය වෙන වැඩේ softwares install කරන එක මොනව කරන්නද දැනට ඕනකරන softwares ටික විතරක් install කලා. දැන් printer එක ගන්නම බෑ කියනවා පස්සෙ laserJet P1005 vista drivers බාලා දැම්ම ඒකත් අල. පස්සෙ driver CD එකම දාල install වෙන අතරෙ Devices and Printers වලට ගිහින් printer එක manually දුන්නා එතකොට ඒකත් ගොඩ. වෙලාව 8.00ප.ව ත් පැනලා. දැන් ඉතිං ඒක ලියල ඉවර වෙලා film 1ක් බලන්නයි හදන්නෙ...

One Response so far.

  1. Anonymous says:

    නියමයි xp අයින් කරපු එක නම්..

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -