Oct 19, 2009

ඇවිල්ලා ඇවිල්ලා.......!!

ඔන්න කාලෙකට පස්සෙ එක ලඟම post දෙකක්ම දැම්මා, මේක දාන්න හේතු උනේ මොකද මගේ පරිගණකෙ පිස්සුනටන්න ගත්තා (හේතුව Registry clean කරන්න යෑම) දැන් දවස් දෙක තුනක ඉඳලා, Format කරන්න තියන කම්මැලිකම නිසාම කල්දදා ඉඳලා අසාධ්‍යම උනාම ඔන්න අද දවල් format කරලා Windows 7 RC දැම්මා. වෙනද නම් PC එක format කරලා ඉස්සරවෙලාම මම ඉන්ස්ටෝල් කරන software තමයි AVG නමුත් මේපාර දැම්මේ අපේ බිල් මාමගේ Virus guard එක(Microsoft Security Essential). ඔන්න ඊලඟට AVG Download කරන්න කියලා ගියා මෙන්න බොලේ AVG 9.0 ඇවිල්ලා...!!




මට මාරම හැපී..... පස්සේ හැපි හැපී AVG Internet Security 9.0 (trial) බාගත්තා උනුවෙන්ම (හැබැයි හිතපු තරම් Interface එකේ නම් වැඩි වෙනසක් නෑ).

ඉන්ස්ටෝල් වෙන්න දාලා ඊලඟ වැඩේ තමයි මගේ AVG Internet Security 8.5 serial එක තවම 2010 මැයි වෙනකල් තියන නිසා ඒක මේ AVG 9.0 ට වැඩද බලන එක. ඒකත් ඇල් වතුරට උල්පිහියෙන් ඇන්නා වගේ හරි. මම දැනට AVG free 7.5 / AVG free 8.0 / AVG free 8.5 / AVG Internet Security 8.5 භාවිතා කරලා තියනවා 2006 අවුරුද්දෙ විතර ඉඳලා මේ වෙනතුරුත් Virus වලින් නම් කරදරයක් වෙලාම නෑ. දැන් ඉතින් බලමු අලුත් පොරගේ වැඩ සහ කිඩ.... ඒත් පොඩි අලයක් නම් තියනවා AVG Internet Security 8.5 වලදී memory usage එක 800MB වලට වඩා ගිහින් නෑ ඒත් VG Internet Security 9.0 වල නම් memory usage එක 1400MB විතර වෙනවා.

ඕන කස්ටියට මෙන්න ලින්ක් තියනවා බාගන්න


6 comments:

  • උෂාන් කෝදාගොඩ says:
    October 19, 2009 9:06 AM

    මටනංම් Avira තරම් avg හරි නෑ

  • මම දුෂාන් says:
    October 19, 2009 12:33 PM

    AVG ත් නරකම නෑ ඉතින්.හැබැයි වෛරස් කරදර වලින්නමි අඩුවක් නෑ මටනමි.බිල් මාමගෙ එක මාත් දාගෙන ඉන්නෙ මේ දවස්වල.වෛරස්නම් අල්ලනෙ නැ හැබයි. හැබැයි මැෂින් එකනම් තවම අවුලක් නෑ

  • සහන් says:
    October 19, 2009 10:42 PM

    @උෂාන් කෝදාගොඩ ...
    @මම දුෂාන් ...
    මමත් දන්න කියන ගොඩක් අය AVG වලට කැමති නෑ හේතුව නොදනිමි. Avira ගැනනම් කියන්න දන්නේ නෑ නමුත් microsoft ලගේ එකනම් හොඳටම හොඳයි වගේ.

  • යූත්මැක්ස් says:
    November 13, 2009 5:33 PM

    සහන්, ෙව්ව් තියනවා ෙන්ද? මටත් අාරාධනාවක් ඒවන්න. ඔයාෙග් ඊෙම්ල් ඒක ෙහායාගන්න බැරි උණ නිසා ෙකාෙමන්ට් ඒකක් දැම්ෙම්.

    uthmax@gmail.com

  • අයියා.... avg දැම්මම පොඩ්ඩක් පරිගණකය slow වෙනවා. ඒත් avg නියමයි...
    එල ලිපිය

  • සහන් says:
    January 10, 2010 9:32 PM

    ඔය කීවට මාත් ටික ටික AVG වලින් ඈත් වෙලා...
    මමත් දැං Microsoft Security Essential වෙලා දැන් බැලුවම.