Posted by : සහන් සටහන් Mar 11, 2010


අද මට මේක ලියන්න හිතුනේ මෙන්න මේ නිසා... මම බැලුවනේ Antitrust ඒක ගැන විස්තර කියන්න ඕන නෑ මොකද ඔය ලින්ක් එකෙන් ඒගැන ඇන්ත්‍රැක්ස් සොහොයුරා බයිස්කෝප්.lk එකට ලියපු ලිපිය තියන නිසා. ඒ ෆිල්ම් එක බලනකොට මට හැගුන දෙයක් තමා මේක ලියන්න මුල් වෙච්ච කාරනේ,ලෝකේ වානිජ මෘදුකාංග නිපදවන්නෙක් සහ නිදහස් මෘදුකාංග ලෝලීන් අතර ගැටුමක් තමා යන්නේ... මෙතෙන්දී මට හැගුන දේ තමා මම ලියන්නේ මොකද දැං නිදහස් මෘදුකාංග හුගාක් ජනප්‍රිය වේගන යන නිසා අපේ රට වගේ ආර්ථික මට්ටමෙන් අඩු රටවල පරිගණක පරිශීලකයන්ට බොහෝ සතුටට කරුනක් ඒ නිසාම අපේ රටේත් FOSS rock ලා ගීක්ලා බිහිවෙලා...


ඒ අතරම වානිජ මෘදුකාංග වලට සමහරු පලු යන්න බනිනවා ඒවා නිශ්පාදන සමාගම්,නිශ්පාදකයින් හෙලාදකිනවා උදාහරනණයක් විදිහට ගත්තාම bill gates ට බැනීම සහ Mark Shuttleworth ට හොද කීම. මේ විදිහට මේ නිදහස් මෘදුකාංග සහ වානිජ මෘදුකාංග අතර සටනින් කව්ද දිනන්නේ කීවොත්?.....
අපේ කවුරුත් කියයි නිදහස් මෘදුකාංග කියලා මේකත් අර ධනවාදය සහ සමාජවාදය වගේම දෙයක් එහෙම කීවේ මොකද ඉදිරියේදී මුලු ලෝකයම නිදහස් මෘදුකාංග වලට හැරී අනික්වා අතහැරියොත් මොකද වෙන්නේ එහෙම වෙනවනම් හොදයි කියනවා ඒත් ඕකෙ තව පැත්තක් මතුවෙන්නෙ නැද්ද...... දැං Mark Shuttleworth උබුන්ටු නොමිලේ දෙන්නේ ඔහුට වෙනත් ආදායම් මාර්ගයක් තියෙන නිසා වීමට පුලුවන් ඒත් කවදා හරි ඔහු ඒක නවත්තන්න ඉඩ තියනවා, ඒ වගේම බිල් ගේට් මේ යන විදිහට වැඩේ පාඩුයි කියලා තියන සල්ලි ඇති හින්දා වැඩේ නවත්තන්න ඉඩ තියනවා, මේ ඔක්කොම පෙල ගැස්සුවොත් මුදල් ගෙවලා මෘදුකාංග සංවර්ධනය කරන්නන් තියාගෙන නිදහස් මෘදුකාංග හදලා නොමිලේ බෙදාහරින්න කව්ද ඉන්නේ එහෙමත් නැත්තං මෘදුකාංග සංවර්ධනය කරන්නන් නොමිලේ වැඩ කරන්න එයිද ?
තව දෙයක් විවිද ඉලෙක්ට්‍රොනික හෝ තාක්ෂණික මෙවලම් හි භාවිතාවන මෘදුකාංග නිදහස් ඒවා වෙන්න පුලුවන් ඒවා වුනත් එම උපකරනය මුදල් දී ලබා ගැනීමට සිදුවෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් අපි පාවිච්චි කරන ජංගම දුරකතන වල දුවන මෙහෙයුම් පද්ධතිය ගත්තත් ඒක නිදහස් මෘදුකාංගයක් වූ පලියට ජංගම දුරකතනය නොමිලේ ලැබෙන්නේ නෑ නේ......(එවැනි සමාගම් වලදී නම් මෘදුකාංග වැඩිදියුනු කරන්නන් හට වටිනාකමක් ලැබෙනවා )
අනිත් කාරනේ තමා අපි foss rock කියාගෙන හිටියත් මේ අය ඔක්කොම ෆොස් උනොත් වාසියක් නැති තැන මේ ඔක්කොම අතහරිනවා .........

15 Responses so far.

  1. ඒකනම් ඇත්ත මචෝ මම ඇත්තටම Foss ගැන මුකුත්ම නොදන්න තරම්. ඒ හින්ද මට කරුනු දන්නෙ නැතිව Foss විවේචනය කරන්න බෑ.

    ඒත් මම හිතන්නේ නෑ කිසිම Professional Developer කෙනෙක් පිනට වැඩ කරයි කියල කොහෙවත්.

  2. Unknown says:

    මමත් පූර්ණ කාලීනව FOSS පාවිච්චි කරන කෙනෙක්. මේ ලිපියෙ පොඩි අව්ලක් තියනවා.මේක කියවන කෙනෙක්ට හිතෙයි FOSS කියන්නෙ නොමිලේ දෙන මෘදුකාංග වලට කියල. නෑ ඇත්තටම එහෙම නෙමෙයි. FOSS වල Free කියන්නෙ නිදහස් කියන එක. ඒ කියන්නෙ මෘදුකාංගය මුදලට විකුණනවා වෙන්න පුළුවන් ඒත් ඒ මෘදුකාංගය පාවිච්චි කිරීමේ පූර්ණ නිදහස පරිශීලකයා වෙත ලැබෙන බවට FOSS සහතික වෙනවා. Ubuntu උනත් server version එක මුදලටයි ලබා දෙන්නෙ.

    අනික මේ කවද හරි FOSS නැතිවෙන එක හරි Proprietary නැති වෙන එක හරි වෙන්නෙ නෑ. හරියට අර Matrix film එකේ Oracle නුයි Architect නුයි වගේ. පද්ධතිය හරියට දුවන්න ඔය දෙකම ඕන. FOSS හැමෝටම නිදහස දෙන්න හදනවා Proprietary ඒක වලක්වලා තමන්ගෙ පැත්තට කට්ටිය ගන්න හදනවා.

    කොහොම උනත් FOSS ROXX තමයි. :D

    @සරදියෙල්

    පිනට වැඩ කරන Developers ලා ඕන තරම් ඉන්නවා. ඒකට කියන්නෙ පිනට වැඩකරනවා කියල නෙමෙයි. FOSS projects ගොඩක් කරන්නෙ community එකක් විදිහට. අනික FOSS වල තේරුම නොමිලේ කියන එක නෙමෙයි නිදහස් කියන එක. ඒ දෙක පටල ගන්න එපා.

  3. @ සුසිත රවින්ද සෙනරත්
    මම FOSS කියන එකේ තේරුම දන්නවා :D
    අපිත් FOSS එක්ක වැඩ නොකලට Community වලට Contribute කරනව.ඒත් ඒක මගෙ Primary Job එක විදියට නෙමේ.මම කිව්වෙ Professional Developer කෙනෙක් විදියට මට පිනට වැඩ කරන්න බෑ කියල. මොකද මම ජීවත් වන්නෙ එකෙන් නිසා . ඒකයි මම Professional(වෘත්තියමය) කියන වචනය පාවිච්චි කලේ.
    (මේක මගේ පුද්ගලික මතයක් බව සලකන්න)

    BTW
    මම මේ FOSS ගැන වැඩියෙ දන්නෙ නැති හින්දයි අහන්නේ. ඔයා කිව්වනෙ මෙහෙම

    "ඒ කියන්නෙ මෘදුකාංගය මුදලට විකුණනවා වෙන්න පුළුවන් ඒත් ඒ මෘදුකාංගය පාවිච්චි කිරීමේ පූර්ණ නිදහස පරිශීලකයා වෙත ලැබෙන බවට FOSS සහතික වෙනවා"

    මෙතෙන්දි Proprietary පරිශීලකයට වලට වඩා FOSS පරිශීලකයට ලැබෙන නිදහද කුමක්ද?? ඔබ එතන අදහස් කලේ Source Code Open කියන එකද?

  4. Unknown says:

    ලිපියෙ මතුකරලා තියන කාරණා වලට මම පිලිතුරු දෙන්න උවමනා නෑ කියල මම හිතනවා. :D

    @සරා,
    "Proprietary පරිශීලකයට වලට වඩා FOSS පරිශීලකයට ලැබෙන නිදහද කුමක්ද?"

    1. පරිශීලකයට උවමනා විදියට මෘදුකාංගය ධාවනය කරන්න ඇති නිදහස.
    'this application/resource is used by another program' කියන පනිවුඩයට ඔබතුමා අමුත්තෙක් නෙමෙයි නේද? ටාස්ක් මැනේජරය බාවිතා කරල තියන process ඔක්කොම killකලත් restart කරනකං ඔය පනිවුඩය ආපු අවස්ථා එමටයි නේද? එහෙම නැතුව පරිශීලකයට ඕන විදියට මෘදුකාංගය ධාවනය කරන්න නවත්තන්න තියන නිදහස තමා මේ.

    2. මෘදුකාංගය ලියල තියෙන්නෙ කොහොමද? memory management කරල තියෙන්නෙ කොහොමද? error handle කරලා තියෙන්නෙ කොහොමද කියල අධ්‍යනය කරන්න තියන නිදහස ලැබෙන්නෙ ඉතිං මෘදුකාංගය එක්ක කේතය දුන්නොත් විතරනෙ.

    3. තියන මෘදුකාංගය වෙනස් කරන්න, වැඩිදියුනු කරන්න එහෙම වෙනස් කරපු මෘදුකාංගෙ ඔයාගෙ යාලුවෙක් එක්ක බෙදාගන්න තියන නිදහස තමා අනික.

    4.ඔයා වැඩිදියුනු කරපු එක ඔයාට ඕනා විදියට බෙදාහරින්න තියන නිදහස තමා අනික. විකුනන්න උනත්. ඒකනෙ linux බෙදාහැරීම් හැඩ හුටාමාරක් තියෙන්නෙ.

    සාමාන්‍ය පරිශීලකයෙක්ට නිකං දෙන එක ඇරුනම අනිත් ඒවයින් සතපහකටවත් වැඩක් නැතිවුනාට ඔබතුමා වගේ මෘදුකාංග සංවර්ධණය කරන අයට ඔය නිදහස පාවිච්චි කරන්න පුලුවං විදි ගැන හිතල බැලුවනං.

  5. @ ඇන්ත
    ස්තූතියි ලොක්ක Reply එකට. උබ ඉතින් දන්නවනෙ මගෙ Foss දැනුමෙ තත්වෙට :P
    ගොඩක් දේවල් දැන ගත්ත.

    ඒත් මගෙ මෝඩ මොලේට තව ප්‍රශ්න ටිකක් ආව උබේ Reply එක දැකල.

    1.) දැන මචෝ මේකෙදි මේ System එකේ internal Architecture එක expose වුනාම ඒක Security Vulnerable එකක් වෙන්නෙ නැද්ද්?

    2.)අපි FOSS Software එකක් ගත්ත කියමුකො.එතකොටම Software එක එක්කම අපිට Source Code ලබාදෙනවද? නැත්තම අපි වෙනම ඉල්ලල ලබාගන්න ඕනෙද?

    3.) සාමාන්‍යයෙන් උබ දන්නා පරිදි FOSS පාවිච්චි කරන්නන්ගෙන කොපමණ ප්‍රතිශතයක් නොමිලේ දෙන Source Code පාවිච්චි කරල තමන්ට ඕනෙ විදියට Software එක Customize කරල අලුතෙන් හදල පාවිච්චි කරනවද??

  6. Unknown says:

    @සරා,
    1) වැදගත් ප්‍රශ්නයක්. කෙනෙක්ට එහෙම තර්ක කරන්න පුලුවන්. නමුත් හිතන්නකො OS එක building එකක් විදියට. ඕකෙ plan එක ඕන කෙනෙක්ට ලබාගන්න පුලුවන් කියල හිතන්න. (සහ වැඩිදියුනු කරන්න). නරක වැඩක් කරන අදහසින් කෙනෙක් මේක අධ්‍යනය කරලා මොකක් හරි විදියකට මේකෙ දුර්වල තැනකට exploit එකක් හැදුවමයි කියමුකො. තවත් කෙනෙක්ට බොහොම ඉක්මනට ඒකට පිලියම් කරන්නත් පුලුවන් නේද source එක open නිසා.

    2) ඒක එකින් එකට වෙනස් වෙනවා. source එකයි executable එකයි දෙකම එකට තියන එක පරිශීලකයට කරදරයක් නිසා (bandwidth) හුගක් වෙලාවට දෙක වෙන වෙනමයි තියෙන්නෙ.

    3)ප්‍රතිශතයක් විදියට සදහන් කරන්න නම් මම දන්නෙ නෑ, නමුත් මම දන්න programming ලාවට හරි කරපු හැම කෙනෙක් වගේම variable name එකක් හරි වෙනස් කරලා compile කරල බලල තියනවා. උදාහරණයක් විදියට lankanet එකෙන් දෙන ubuntu සංස්කරණයයි fedora වලිං හදපු hanthana සංස්කරණයයි ගැන හිතන්න. ;)

  7. ස්තූතියි මචෝ Reply එකට.
    FOSS ගැන යමක් දැන ගත්තා. :D:D

    විශේෂයෙන් තුන්වන පිලිතුරෙන් ;);)

  8. @සරදියල්: @සුසිත: @änthräX: හෝ හෝ යාලුවනේ මම මේ නිදහස් මෘදුකාංග හා වානිජ මෘදුකාංග අතර තාක්ෂනික පැත්ත ගැන නෙවෙයි කතා කලේ.....
    මම කතා කලේ මිනිස්සුන්ගේ ස්වභාවය ගැනයි, මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ මෘදුකාංග නිදහස් විදිහට නොදීම ගැන පලු යන්න බනින අතරේ ඔවුන් ෆොස් ප්‍රමෝට් කරනවා (ලාභ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි)
    උබුන්ටු වල "සැමට මනුෂ්‍යත්වය" කීවට
    මම නම් හිතන්නේ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් ඔවුන්ගේ මෘදුකාංග නිදහස් විදිහට නොදීම ගැන හා එම මෘදුකාංග වල මිල තියනාඅදිය පිළිබඳව තරහව තමා මේකට මුල කියලයි

  9. Unknown says:

    මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් ඔවුන්ගේ මෘදුකාංග නිදහස් විදිහට නොදුන්නට අපි නිදහසේ බෙදාහැරීම සහ බාගෙට නිදහසේ පාවිච්චි කිරීම සිදු කරනව නේද?

    මයික්‍රොසොෆ්ට් සමාගමට ඔවුන්ගේ මෘදුකාංග නිදහස් විදිහට නොදීම ගැන කවුරුත් බනින්නෙ නෑ. බනින්නෙ එයාලගෙ 'ඒකාධිපති' වැඩ වලටයි ජරාව වලට සව්කොල අලවල විකුනන එකටයි. තවත් දෙයක් මයික්‍රොසොෆ්ට් සමාගම එක්තරා කේත කොටස් open ව එලියට දෙනවා.

    තරහ කියන එක මේ සිද්ධිය විස්තර කරන්න සුදුසු‌වචනයක් නෙමෙයි. මොකද foss මෘදුකාංග උනත් හොද තත්වයේ තියන ඒවලට user support/subscription විකිනීමෙන් හොදට මුදල් හොයනවා.

    මිනිස්සුන්ගේ ස්වභාවය ගැන කතා කරන්න අපි පුංවි කාලෙ ගැන මතක් කරගන්න. 'ගෝපාල්' වලින් දත් මදින්න බෑ 'සිග්නල්' ඕන කියල නොකියපු ළමයෙක් ඉන්නවද? අපි හුග දෙනෙක් වෙලද ප්‍රවාරනයටනෙ හැමදේම කරන්නෙ. ඔයාලට මේ ඇඩ් එක මතකද දන්නෙ නෑ. MS Office එච්චර secure ලු :P

    foss කියල නිකං දෙන්නෙ කා එක්කවත් තරහ පිරිමහන්න නෙමේ. source code එක එලියට දෙනවනං ubuntu අරගෙන තව කැලි ටිකක් දාලා හැඩ කරලා 'සහන් OS' කියල "විකුනන්න" උනත් කිසිම තහනමක් නෑ.

  10. Unknown says:

    සොරි වෙන්න ඕන. හදිසි Assignment එකක් කරන්න වුන නිසා දැනුයි සාකච්චාව දැක්කේ. අවුලක් නැ ඉතින් මගෙන් අහපු ප්‍රශ්න වලට änthräX උත්තර දීල තියනවානේ.

    ලංකාවෙ වෙලා තියෙන්නේ අපේ අයට proprietary කියල කතාවක් නෑනෙ කොහොමත් රු 100 නිසා නොමිලේද නිදහසද කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. ඒත් ක්‍රමලේඛකයෙක් උනාම මේක අගේට තේරෙනවා. හිතමු මෙහෙයුම් පද්ධති ගැන ඉගන ගන්නවා කියල අනිවාර්යෙන් Linux වලට යන්න වෙනව නේද?

  11. @änthräX:
    වින්ඩෝස් කියන්නේ එක රාමුවකට පරිශීලකයන්ව කොටු කරන අතරේ මේකතමයි සියල්ලම කියල සරුව පිත්තල ලෝකයක් පෙන්නන කතාව නං සම්පූර්ණ ඇත්ත...
    "source code එක එලියට දෙනවනං ubuntu අරගෙන තව කැලි ටිකක් දාලා හැඩ කරලා 'සහන් OS' කියල "විකුනන්න" උනත් කිසිම තහනමක් නෑ"
    ඒත් මේ දේ වින්ඩෝස් වලට කරන්න බැරිකමත් හේතුවෙනව කියල හිතෙන්නෙ නැද්ද මචෝ
    (මම වින්ඩෝස් වලට කඩේ යනව කියලනම් හිතන්න එපා ගොයියෝ උදාහරණෙට ඒක ගත්තට ;) )

    @සුසිත: ඇත්තෙන්ම එකඟයි.

  12. @ සරා... සුසිත.... ඇන්ත්‍රැක්ස්.....
    ස්තුතී මේ දක්කවා කමෙන්ට් කරපු මචංලාට.. මට දැනගන්න අවෂ්‍ය ටික ලැබුනා ඒත් මේකට (මගේ ලිපියට විරුද්දව) මීට වඩා comments බලාපොරොත්තු උනා.

  13. Unknown says:

    සියලුදෙනාගෙම කථා මම දැක්කා, කියෙව්වා. Anthrax හුඟක් හොඳට මේ ගැන පැහැදිලි කරලා තිබ්බා.
    ඇත්තටම ලිපියේ තිබ්බ කාරණා බැලුවාම වානිජ මෘදුකාංග නිපදවන්නන් සහ නිදහස් විවෘත මෘදුකාංග පරිශීලනය කරන්නන් අතරයි නිතරම ඇතිවෙන ගැටුම් සඳහා ගොඩක් හේතු පෙන්න්න තිබ්බා. ඒක සුසිත සහ anthrax ගේ කමෙන්ට් වලින් තරමක් සම්පුර්ණ වෙලා තියෙනවා.
    මයිකොසොෆ්ට්ලාත් Opensource පැත්තට අත දැම්මට ඒක සද්භාවයෙන් කරන්නේ නෑ. ඒගොල්ලන්ගේ මෘදුකාංගවල source codes දෙනවා කිව්වට මතක තියාගන්න ඒවා දෙන්නේ ඒගොල්ලන්ට ඔන විධීයට එක එක කොටස් වලිනුයි. ඒගොල්ලන්ගෙ කිසිම මෘදුකාංගයක සම්පුර්ණ source code එක මේ වෙනකම් මම දන්න විධියට දිලා නෑ.
    source code එක වහලා දෙන මෘදුකාංගයක ඇතුලේ මොන මොන දේවල් වෙනවද කවුද දන්නේ? භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව ගැන මොනවිධියටද වගකියන්නේ?
    ඒත් අපි දන්නවා Open Source මෘදුකාංගයක මොනවගේ දේවල් අභ්‍යන්තර වශයෙන් සිදුවනවාද කියලා. ඒක මෙතනදී ගොඩක් වැදගත් වෙනවා.

    ඇත්තටම FOSS සහ Linux ප්‍රචලිත වීමට මයික්‍රොසොෆ්ට්ලාගේ වැඩත් යම් දුරකට හේතුවෙලා තියෙනවා.
    මේක බලන්න http://www.youtube.com/watch?v=Hrbx9_AY720
    මේකත් බලන්න http://tharaka-lankanet.blogspot.com/2009/12/ms-excel-2007.html

    අනිත් අතට Proprietary මෘදුකාංග වල අලුත් සංස්කරණ පාවිච්චි කරන්න කොච්චර resources ඕනෙද?
    හිතන්න වින්ඩෝස් පද්ධතියට විතරක් කොච්චර resources ඕනෙද? Adobe Photoshop? MS Office? Corel draw?

    කවුරුහරි මෙතන ඉන්නවද මයික්‍රොසොෆ්ට්ලත් iptables පාවිච්චි කළා කියලා දන්න? (iptables යනු Opensource firewall එකකි)

  14. @Tharaka:
    @මනුසත්:
    Thankz

  15. FOSS වලින් සල්ලි හොයන්න බෑ කියල කවුරුහරි තාමත් හිතාගෙන ඉන්නවද?

    http://en.wikipedia.org/wiki/Business_models_for_open_source_software

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -