Posted by : සහන් සටහන් May 19, 2010

මේක මම ෆ්ලෑශ් ඉගෙන ගන්න කාලෙ දාපු පොඩි සෙල්ලමක්.... අනිත් කාරනේ තමා මේ දවස්වල මට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ වගේම මොන්ව ලියන්නද කියල හිතා ගන්න බැරුව හිටියේ ඒත් එක්කම මට මතක් උනා බ්ලොග් මැරතන් එකේ ලියපු පෝස්ට් වලින් කීපයක් පල කරන්න.... ඔන්න එහෙනම්...................



මේක ෆ්ලෑශ් ඇනිමේශන් කරගන්න පුලුවන්පොඩ් සොෆ්ට්වෙයාර් එකක් මම මේක බාල තියාගෙන මේකෙන් දානවා වැඩ කෑලි, ඒවා ගෙනිහින් පෙන්නනවා පන්තියේ අනිත් උන්ට....
ඒ යක්කු හිතාගෙන ඉන්නේ මම මාර පොරක් කියලා...
ඒත් දවසක් රෙදි ගැලවෙන්න ගිහින් යාංතං ගැලවුනා....

මුලින් කියන්නත් බැරි උනානේ මොකෙන්ද මේක කරන්නේ කියලා...
මෙන්න මේකෙන් තමා ඒ වැඩ දැම්මේ...
ඒ තමා සෝතින්ක් SWF Easy කියන්නේ.ඕකෙන් නිකං MS PowerPoint වල වගේ ෆ්ලෑශ් ඇනිමේෂන් හදන්න පුලුවන්...
මුලින්ම බාගෙන බලන්න.. පොඩි පොඩි ඇඩ් එතකොට වෙබ් බැනර් වගේ අයිටම් දාන්න නියම භාන්ඩේ.
(ඒ වගේම මේ sothink වල තව තව ජල්ටොං තියනවා වෙබ් ඩිසයින් වලටත් පොඩි වැඩ දාන්න පුලුවන්)
මම පන්තියෙ කස්ටියට මම ඇඩෝබි ෆ්ලෑශ් වලින් හදන ඒවා කියලා කියලා මේවා තමා ගෙනිහිල්ල පෙන්නන්නේ.....

මේකයි අර කියපු රෙදි ගැලවෙන්න ගිය සීන් එක.....



පන්තියෙදී දුන්නා ෆ්ලෑශ් ඇනිමේටඩ් වෙබ් බැනර් එකක් හදාගෙන එන්න කියලා මෙතෙක් කල දේවලින්.
මට ඉතිං පන්තියෙ උගන්න ෆ්ලෑශ් වලට වඩා කවුරුත් වැඩිය නොදන මේ සෝතින්ක් එකනේ හුරු...
හැදුවා පොටෝෂොප් වලින් පින්තූර ටිකක් ඇදල ගත්තා SWF Easy එකට දුන්නා slide transition තුන හතරක්....
මේ තියෙන්නේ ප්‍රොෆිශනල් වෙබ් බැනර් එකක්... ලස්සනට ඩේලිය මල් අත්තකට පිණි බින්දු වැටිල ගලාගෙන ගිහින් කැමරාවෙ වීදුරුව දිගෙත් ගලාගෙන ගිහින් දාරෙන් ලිස්සල වැටෙන්න... ඒ කියන්නේ ඩේලිය අත්ත කැමරාවකින් දකින සීන් එකක් හැදුවේ.....
පන්තියට ගෙනිච්චම මෙන්න බොලේ ලස්සනම සහ හොඳම එක මේක...
සර් කියපි කොහොමද කියන්න මේ අයටත් මේක හැදුවෙ කියල... ඔයාලත් බලාගන්න සහන් මේක ආපහු පාරක් හදල පෙන්නයි කියල..... ඔන්න දැං මගෙ කං දෙක එහෙම රත්වේගන එනවා ඒ මදිවට දාඩියත් දානවා, පන්තියේ කොච්චර පන්ඩිතකම් කීවත් දැං කතා කරගන බෑ පැටලෙනවා,
මක් කරන්නද හැදුවා ඒකම ෆ්ලෑශ් වලිනුත්.... ඒ වගේම



ඔය තියෙන පින්තූරෙ කපුටගෙන් උස්සල තමා ඇනිමේට් කරල හැදුවේ. ඇනිමේශන් එකේනම් දැං කෑලිත් නෑ.. ඒක හදපු කොම්පියත් නෑ.

(අනිත් කාරනේ තමා මේ ලිපිය මම උපුටාගත්තේ මම සිංහල බ්ලොග් මැරතන් එකේ ලියපු මැර-සහන් බ්ලොග් එකෙන්. ඒකෙනම් මේක සලාක ක්‍රමේට දැම්මේ මෙකෙ පොඩි පොඩි වෙනස්කම් කීපයක් කලා එච්චරයි)

One Response so far.

  1. ආ..මාත් ඔය වගේ එකක් හොය හොය හිටියේ. නියමයි.ස්තුතියි මේ ගෙන කිව්වට.

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -