Posted by : සහන් සටහන් Jul 22, 2010

ඔන්න අද ඒකියන්නේ 2010.07.22 වන දින 6:55 ප.ව වෙනකොට මගෙ බ්ලොග් කෙරුවාවට හරියටම අවුරුද්දයි.





මුලින්ම "සහන්ගේ බ්ලොග් සටහන" කියල www.myblog,lk එකේ පටන් ගත්ත බ්ලොග් එක පස්සෙ බ්ලොගර් වලට ගෙනාවා... බ්ලොග් කෙරුවාව කීවට නං වැරදී මොකද බ්ලොග් ලියන්න ගත්තෙ හරියටම අවුරුද්දකට කලින්.... බ්ලොග් කියවන්න අරගත්තෙ ඊට කලින්.




මුලදි කොම්පියුටරේ තිබුනේ XP ජංජාලෙ නෑ. ඔන්න ටික කාලෙකින් ගෙදර SLT ලයින් එකෙන් ජම්ප් එකක් දාල ප්‍රීපේයිඩ් කාඩ් වලින් ජාලගතවුනා ඒත් සිංහල ගැනවත් යුනිකෝඩ් ගැනවත් මෙලෝහසරක් දන්නෑ....  ඔන්න ටික කාලෙකට පස්සේ මුලු කොම්පීතරේම කෑලි මාරු කරලා අලුතෙන් ප්‍රොසෙක් එහෙම දාල මොඩිෆයි කලා, ඊටත් ටික කාලෙකින් ආපහු ජාල උණ හැදුනා... ඔන්න දැං ටවුම වටේ රවුම් ගහනවා SP කෙනෙක් හොයන්න, Dialog, Mobitel බැලුවා 3G නෑ, SLT ,Dialog Wi-Max දුර වැඩී කීවා.. පස්සෙ ලංකාබෙල් Wi-Max ගත්තා... මුල් කාලෙ යූටියුබ් එකේ වීඩියෝ බලන එකයි ටියුට් බාන එකයි තමා කලේ...

ඔහොම යනකොට Vista තිබුන නිසා එක සයිට් එකක සිංහල තියනව දැක්කා ඒ "සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ" ගූගල් සමූහයේ ගිය ත්‍රෙඩ් එකක් මේ තියෙන්නේ ඒක ඕක දැකපු වෙලේ ඉඳලා සිංහල ගැන පුදුම හෙවිල්ලකින් තමා හිටියේ ඒ අතරෙ SBU Google Group එකේ පේජ් එක HTML විදිහට සේව් කරගෙන ටික ටික කියවන්න ගත්තා. ඒ අතරෙම කාලිංග අයියගේ ඊමේල් ලිපිනය හොයාගෙන සිංහල වචන කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්ම කොපිකරල වාක්‍ය හදලා මේල් එකක් යැව්වා කොහොමද සිංහල ලියන්නේ, සහ බ්ලොග් එකක් පටන් ගන්නේ කියල (ඒත් එක්කම අර වචන කොපි කරපු එකත් කීවා). ඊට ටිකකට පස්සේ කාලිංග අයියගෙන් මේල් එකක් ආවා ඔන්න ඒකෙ තිබ්බේ "සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි" අඩවියට ලින්ක් එකකුයි "සිංහල බ්ලොග් කියවනය" ට ලින්ක් එකකුයි සහ අර වචන කොපි කරපු එක කාගෙන්ද කොපි කලේ කියල කියනවනම් ප්‍රශ්නයක් නෑ කියලයි තමා.....

එතනින් තමා ඔන්න sahan.myblog.lk පටන් ගත්තේ, ඊටපස්සෙ ඒක ඇඩ්කලා සිංහල බ්ලොග් කියවනයට, පස්සෙ තමා මේ බ්ලොගර් එකට පැන්නේ ඕං. ඔය අතරේ ටෙක් කතා එහෙම ජීවිතයේ එක අංගයක් වෙලා තිබ්බේ සතියකට අහන්න ප්‍රශ්න එකතු කරගෙන ටෙක් කතාවලට දාන්නත් මග නොඇර සතිපතා අහන්නත් අමතක කරන්නෑ... එතකොට බයිස්කෝප්lk .... ඔහොම යද්දී බ්ලොග් කියවනය හරහා තව බ්ලොග් ලියන අය හුඟාක් අදුරගන්න පුලුවන් උනා ඒ අතර "දිලංක"  Thilina බුවා  "ක්ෂිතිජ සහන්" (නම =නිසා ) "මනුශාන්" (මූනු පොතෙන්) "බනියා" (මේ ගූගල් වේව්) "කණියා"  (කණියව සෙට් උනේ වින්7 දන්න ගිහින්නේ) "බිඟුවා"  "ත‍රිඳු" කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා"(සයිබර් යාය)   "පබළු"  "නීනු"  ඕ ඕ කව්ද අමතක උනේ..... අප්පට සිරි "නදුන්" එතකොට "චතු" මේකව සෙට් උනේ අර ගූගල් වේව් අමාරුව හැදුන කාලෙ වේව් තියන කෙනෙක් හොයන්න දඟලනකොට.... ඒ කතාව මෙහෙමයි ඔන්න දවසක් මම තව කවුරුහරි සිංහල බ්ලොගර් කෙනෙකුට කමෙන්ට් එකක් දැම්මා මටත් වේව් එකක් එවන්න කියලා ටික දවසක් යනකොට මෙන්න පොරක් මට චැට් එකේ ඉන්විටේෂන් එකක් එවලා.. මම කව්ද කියල ඇහුවම කියපි මම තමා ඔයාට ගූගල් වේව් ආරාධනාව එව්වෙ කියලා...

ඊට පස්සේ ඔහොම බ්ලොග් ලියන කියවන අතරෙ තිබ්බ බ්ලොග් පෝස්ට් එකක් සිංහල ඉංග්‍රීසි ශබ්ධකෝශයේ Data Base එක ඕන අය ඉන්නවනම් ඉල්ලන්න කියල.... ඔන්න ඕකෙන් තමා අර "වැප්" සෙට් උනේ..... ටික කාලෙකින් "චතුරංග" චැට් එකෙන් කියල තිබ්බ ලෝගෝ එකක් හදන්න පුලුවන්ද කියලා, ඉතින් විභාගයක්ද මොකක්ද අස්සේ කීපයක්ම හදලා යැව්වා ටිකදවසකින් කියපි මෙන්න අලුතෙන් එන යන බ්ලොග් කියවනයට මේක හදන්නේ කියල. ඒ තමා මේ තියෙන්නේ..... lankeeya sithuwili ඔන්න දැං මම ලාංකීය සිතුවිල්ලේ තවත් එක සාමාජිකයෙක්.

ඔය අතරේ බ්ලොග් මැරතන් දීවා එතකොට කවිමඩුවෙ කවි ලීවා ඔන්න ඔහොමයි මගේ වසරක බ්ලොග් ජීවිතේ ......... ඒ අතරේ නම් නොකීව තව සිය ගනනක් බ්ලොග් ලියන යාලුවො ඉන්නව......

20 Responses so far.

  1. සුබපැතුම්... මමනම් අලුත්කෙනෙක්...

    blog.geeth.info

  2. Kanishka says:

    ආ මේ මාත් අස්සෙ ඉන්නේ... :D දිගු ගමනක් යන්න ලැබේවායි පතනවා.. වින්ඩෝස් 8 ආපු කාලෙකත් අපි හම්බෙයිනේ.. :P

  3. Anonymous says:

    එළ එළ
    ඔන්න බ්ලොග් එකට කිව්වා
    දිගටම කරගෙන යන්න සුබ පැතුම්
    ඉස්සරහට ෆ්ලැශ් පාඩම් ටිකක් දන්න පුලුවන්නම් ලොකු උදව්වක්

  4. ලාංකීය සිතුවිලි කට්ටියේ එකෙක් හැටියටත්, සහෝදර බ්ලොග් කරුවෙක් හැටියටත් මගේ උණුසුම් සුභ පැතුම්. වර්ෂ පූර්ණ පාටිය හබරණ ට්‍රිප් එකේදි ගන්නම් හොඳේ :-)

  5. Thilina says:

    අඩේ මමත් ඉන්නව නෙවැ. :D :P බ්ලොගයේ පළවෙනි උපන්දිනයට සුභපැතුම්. තව දිගුකාලයක් බ්ලොග් ලිවීමට ලැබේවායි පතනවා

  6. Anonymous says:

    සුභ පැතුම් ඔයාට දිගටම ලියන්න ලැබේවා මම නදුන්

  7. @ගීත් | Geeth: තැකූ මචං....

    @Kanishka | කණියා: 8 එනකොට බොහෝදුරට මම ජනේලෙං පැනලා........ :D

    @මනුශාන්: තෑන්ක්ස් මල්ලී.... ෆ්ලෑශ් ද... ඊලඟ post එකෙන් බලමු නේ.... ;)

    @ත‍රිඳු: හ හබරණ.... ආ ඔව්නේ... හා හා දෙන්නම්....

    @Thilina: තැංකූ තැංකූ.....

    @නදුන්: තැංකූ මචෝ

  8. සුබ පැතුම්


    ගත්ත ඩික්ෂනරියෙන් වැඩක් ගන්න ඇති නේද? :D

  9. @ වැප්: ගත්ත ගත්තා....
    මම ඒ ඩීබී එක එක්පෑන්ඩ් කොලා.....
    ඒක නෙමේ විස් එකට තැංකූ.

  10. Anonymous says:

    සුභ පැතුම් සහෝදරයා දිගු ගමනකට ආසිරි !!!

  11. අඩෝ කොල්ලෝ මරුනේ බන්. එල එල . දන්නවානේ මේ දවස්වල මම ටිකක් බිසී. සමාවෙන්න ඔන දැක්කේ මේක දැන්. මගේ එන් ලයින් යාලුවන්ගෙන් වැඩියෙන්ම හිතවත් නෙලා ඉන්නේ උඔට කියලා උඔ දන්නේත් නැතුව ඇති සුබ ගමන් සහොදරයා දගටම ලියමු

  12. @ Confiuzd ප්‍රෝග්‍රැමර්: බොහෝම ස්තූතීයි සහෝදරයා
    @ චතුරංග: මොකෝ මම නොදන්නේ....
    හීහී... තෑන්ක්ස් සහෝ,

  13. Anonymous says:

    උණුසුම් සුබ පැතුම් මචෝ... දිගටම ලියන්න. :)

  14. Bunny says:

    අප්පච්චියේ මේ මමත් ඉන්නෙ අස්සෙන් :D ඔන්න ඉතින් මේ හා බොක්කෙන්ම සුභ පැතුම්..තව වැඩි වැඩියෙන් ලියන්න ඔය අත්දෙකට හා කි බොඩ් එකට ශක්තිය දයිරිය ලැබෙන්ට ඔනෙ..

    (මොකක්ද මන්දා දයිරි්‍ය හරියට ටයිප් වෙන්නෙ නැ :D)

  15. උණුසුම් සුභ පැතුම් යාලුවාදිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  16. Jay says:

    සුභ පැතුම්..
    දිගටම කරගෙන යන්න.

  17. @roylyfernando: ආ රොයිලි අයියේ.. ස්තූතී කමෙන්ට් එකට.........

    @වැම්පයර්: Thankz Bro....

    @Bunny: දහිරිය කියලහරි කියමුකෝ.... අත් දෙකටනම් ඒක තියනවා... වැඩේ කියන්නෙ කීබෝඩ් එක තව කොච්චර කාලයක් අල්ලල හිටීද කියන එක :D

    @පබලු: බොහෝම ස්තූතීයි....

    @Ansh Lucky Sri Jay: අයියද අක්කද නංගිද මල්ලිද දන්නෑ, කොහොමත් යාලුවෙක් නේ... ස්තූතීයි සුභපැතුමට, අනිවා දිගටම ලියනවා

  18. සුබ පැතුම් . . .!!

    දිගටම කරගෙන යන්න . . . !!

  19. සුභ පැතුම්... දිගු ගමනකට ආසිරි..

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -