Showing posts with label Software. Show all posts

හාඩ් එකේ තියන ඉඩ මදිද?

හාඩ් ඩිස්ක් එකට තව අමතරව ගෙගාබයිට් 25ක් එකතුකරගන්න කැමති අය ඉන්නවනම් මේක බලන්න , වැඩේ මෙන්න මේකයි කස්ටිය දන්නවනේ ආ නෑ නෑ ඉස්සරවෙලා කියන්න ඕන මේක මේවනවිටත් දන්න අය ඉන්නවනම් වැඩේ තවත් ලේසී.... මොකද මුල ඉඳලම යන්න ඕන නෑනේ... මේ මුල ඉඳලම කියන්න යන්නේ කලින් මේගැන නොදැන හිටි අයට.

Aug 7, 2010
Posted by සහන් සටහන්

පෑනෙන් ජනෙල් සවි කිරීම Win to flash

Netbook එකකට හ‍රි optical drive එකක් නැති ප‍රිගණකයකට හ‍රි windows 7 (මොකක් හෝ OS එකක්) දාන්න උනොත් ? මොකද ක‍රන්නේ ඒසදහා microsoft ආයතනයෙන් නොමිලේ දෙන Windows 7 USB/DVD Download Tool යොදාගතහැකීයි. ඒත් පොඩි අවුලක් තියනවා ඒ සදහා windows 7 නම් එහි නියම ISO එකමයි යොදාගතයුත්තේ, අපි DVD එකේ කොපියක් දුන්නොත් කෙලින්ම බෑ කියනවා.
එතකොට කොහෙන්ද අපිට original windows 7 iso එකක්. ඒක ඉතිං හැමෝටම තියන ගැටලුවක්. ඔන්න ඔය පුරස්නෙට නැටි හලාගෙන උත්ත‍ර හොයනකොට තමයි මතක් උනේ කණියව මොකද කණිෂ්ක මීට කලින් ලියපු පෝස්ට් එකක් හ‍රහා තමා මම windows 7 බාගත්තේ, ඒත් ඒක දැං මගේ ලග නැති නිසා තමා කණියගෙන් ආපහු ඉල්ලගන්න හැදුවේ නමුත් ඒකත් USB/DVD Download Tool එකට හ‍රි ගියේ නෑ.....
පස්සෙ තමා මේ ගැජමැටික් එක ගැන කිව්වෙ.
Feb 22, 2010
Posted by සහන් සටහන්

ඇවිල්ලා ඇවිල්ලා.......!!

ඔන්න කාලෙකට පස්සෙ එක ලඟම post දෙකක්ම දැම්මා, මේක දාන්න හේතු උනේ මොකද මගේ පරිගණකෙ පිස්සුනටන්න ගත්තා (හේතුව Registry clean කරන්න යෑම) දැන් දවස් දෙක තුනක ඉඳලා, Format කරන්න තියන කම්මැලිකම නිසාම කල්දදා ඉඳලා අසාධ්‍යම උනාම ඔන්න අද දවල් format කරලා Windows 7 RC දැම්මා. වෙනද නම් PC එක format කරලා ඉස්සරවෙලාම මම ඉන්ස්ටෝල් කරන software තමයි AVG නමුත් මේපාර දැම්මේ අපේ බිල් මාමගේ Virus guard එක(Microsoft Security Essential). ඔන්න ඊලඟට AVG Download කරන්න කියලා ගියා මෙන්න බොලේ AVG 9.0 ඇවිල්ලා...!!




මට මාරම හැපී..... පස්සේ හැපි හැපී AVG Internet Security 9.0 (trial) බාගත්තා උනුවෙන්ම (හැබැයි හිතපු තරම් Interface එකේ නම් වැඩි වෙනසක් නෑ).

ඉන්ස්ටෝල් වෙන්න දාලා ඊලඟ වැඩේ තමයි මගේ AVG Internet Security 8.5 serial එක තවම 2010 මැයි වෙනකල් තියන නිසා ඒක මේ AVG 9.0 ට වැඩද බලන එක. ඒකත් ඇල් වතුරට උල්පිහියෙන් ඇන්නා වගේ හරි. මම දැනට AVG free 7.5 / AVG free 8.0 / AVG free 8.5 / AVG Internet Security 8.5 භාවිතා කරලා තියනවා 2006 අවුරුද්දෙ විතර ඉඳලා මේ වෙනතුරුත් Virus වලින් නම් කරදරයක් වෙලාම නෑ. දැන් ඉතින් බලමු අලුත් පොරගේ වැඩ සහ කිඩ.... ඒත් පොඩි අලයක් නම් තියනවා AVG Internet Security 8.5 වලදී memory usage එක 800MB වලට වඩා ගිහින් නෑ ඒත් VG Internet Security 9.0 වල නම් memory usage එක 1400MB විතර වෙනවා.

ඕන කස්ටියට මෙන්න ලින්ක් තියනවා බාගන්න


Oct 19, 2009
Posted by සහන් සටහන්
Tag :

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -