Posted by : සහන් සටහන් Feb 25, 2010

එංගලන්තෙ Foot Ball (soccer) කන්ඩායමක්.......... ඉංදියාවෙ cricket කන්ඩායමක්....... මේ දෙකේ එක පොදු ලක්‍ෂණයක් තියනවා ඒ ගැන කියන්න තමා මේ හදන්නෙ.



කාලෙකට පස්සෙ බ්ලොග් එකේ මොනවද ලියන්නෙ කියල හිත හිතා ඉන්නකොට තමා අහම්බෙන් වගේ මේ කතා දෙක සෙට් උනේ.




මම දැන් දවස් කීපයකට කලින් බාගත කලා හින්දි චිත්‍රපටයක් නම Dil Bole Hadippa ඒකෙ කතාව කෙටියෙන් මෙහෙමයි. ක්‍රිකට් උන්මාදයකින් පෙලෙන කෙල්ලක් වීරා ඒ ප්‍රදේෂයේ ක්‍රිකට් කන්ඩායමකට බැ‍ඳෙන්න යනවා නමුත් ඇයව ප්‍රතික්ෂේප වෙනවා, ඒ ඇය කාන්තාවක් නිසා. නමුත් ඇය පිරිමියෙක් විදිහට වෙස්වලාගෙන ක්‍රිකට් කන්ඩායමට තෝරාගැනීමේ ප‍රීක්‍ෂණයට සහභාගී වෙනවා,ඉන් කන්ඩායමට එක් වෙන වීර් කන්ඩායමේ නායකයා පුහුණු කරුගේ පුතා (ප්‍රධාන නළුවා)ගේ හිත දිනාගන්න අත‍ර ඇය සාමාන්‍ය වීරා ලෙසද පෙනීසිටිනවා. අන්තිමේ දී ත‍රඟය පවත්වන අවස්ථාවේදී මේ සිද්දිය එලිවෙනවා.

මේ Film එක බැලුවට පස්සෙ මට තේරුනා මේ කතාවෙම වගේ ඉංග්‍රීසි Film එක මම මීට කලින් බලල තියනවනෙ කියලා.



පොතේගුරා baiscopelk සයිට් එකේ ටික කාලෙකට කලින් දාපු මේ She's the Man කියන Film එකෙත් කතාව මීට හැම අතින්ම වගේ සමානයි නමුත් මේකෙ තියෙන්නෙ පාපන්දු කන්ඩායමක් ගැන, අර කීව වගේම මේකෙත් ඉන්නවා Foot Ball පිස්සුවෙන් ඉන්න කෙල්ලක් Viola, පාසලේ පාපන්දු කන්ඩායමක ඉන්නවා නමුත් පුහුණුකරු විසින් ගැහැනු ළමුන්ගේ කන්ඩායම නවත්වා දමා ත‍රග වලින් ඉවත් ක‍රනවා මීට විරුද්ධ වෙන ඇය තම සහෝදරයා සේ වෙස්වලාගෙන ඔහුගේ පාසලේ පාපන්දු කන්ඩායමට එක්වෙනවා.. ඒ අත‍ර මාර සිද්දි වෙනවා ඔක්කොම කියන්න බෑ වගේ වැඩි විස්ත‍්රත් එක්ක ලින්ක් තියනවා බලනව නම් බාගත ක‍රගෙන බලන්න.

She's the Man
Dil Bole Hadippa

(ආ කියන්න ඕනම ක‍රන දේ කියන්න බැරි උනානේ....!! මේකයි මම මීට කලින් පෝස්ට් එකකිනුත් නිර්මාණ පිටපත් කිරීම ගැන කීවා "ඉස්සර කාලෙ ඉදලම වෙන රටවල (ඉන්දියාවෙ) නිර්මාණ නිර්දය ලෙස අනුකරණය ලංකාවෙ කලාකරුවන් කියාගන්නා පිරිසක් විසින් කරන දෙයක්" කියලා. බලාගෙන ගියාම ඉංදියාවත් ක‍රන්නේ ඒකමනේ :D )

4 Responses so far.

  1. Thilina says:

    මමත් මේ හින්දි ෆිල්ම් එක බලලා තියෙනවා. මෙලෝ රහක් නෑ..

  2. @Thilina:කිසිම රහක් නම් නෑතමා මචෝ මම කියන්න හැදුවේ කොපි කිරීම ගැන
    තවත් මේ වගේම කොපි තියනවා මම ඒවත් හොයල දාන්නයි බලාපොරොත්තුව

  3. ඉන්දියාව කියන්නෙ කොපි කීරීමටම උපන් ජාතියක්.
    යුරෝප් කට්ටිය පොතක් ගැහුවොත් ඒක කොපි කරලා ගහනවා, බේත් වර්ගයක් නිපඳුවොත් ඒක අඩු ගානට කොපිකරලා ගහනවා, සිංහුවක් ගැහුවොත් ඒක ගහනවා, හැම දේම කොපි කරනවා. ඉතින් ඔය ෆිල්ම් එකක් කොපි කරන එකත් මහ කජ්ජක්ද ?

  4. @ රොකියා: ඕකෙ හොදම සීන් එක ඒක නෙවෙයිනේ ඉන්දියාව කොපිකරලා ෆිල්ම් එකක් ගැහුවයි කියමුකෝ......
    අපේඋනුත් (ඉංදියාවෙ කොපිය) ඒකම කොපි කොරන එකනේ විහිලුව

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -