Im a FOSS rock සහ එතනින් ඔබ්බට


අද මට මේක ලියන්න හිතුනේ මෙන්න මේ නිසා... මම බැලුවනේ Antitrust ඒක ගැන විස්තර කියන්න ඕන නෑ මොකද ඔය ලින්ක් එකෙන් ඒගැන ඇන්ත්‍රැක්ස් සොහොයුරා බයිස්කෝප්.lk එකට ලියපු ලිපිය තියන නිසා. ඒ ෆිල්ම් එක බලනකොට මට හැගුන දෙයක් තමා මේක ලියන්න මුල් වෙච්ච කාරනේ,ලෝකේ වානිජ මෘදුකාංග නිපදවන්නෙක් සහ නිදහස් මෘදුකාංග ලෝලීන් අතර ගැටුමක් තමා යන්නේ... මෙතෙන්දී මට හැගුන දේ තමා මම ලියන්නේ මොකද දැං නිදහස් මෘදුකාංග හුගාක් ජනප්‍රිය වේගන යන නිසා අපේ රට වගේ ආර්ථික මට්ටමෙන් අඩු රටවල පරිගණක පරිශීලකයන්ට බොහෝ සතුටට කරුනක් ඒ නිසාම අපේ රටේත් FOSS rock ලා ගීක්ලා බිහිවෙලා...
Mar 11, 2010
Posted by සහන් සටහන්

Barn Buddy cheates - බාන්බඩියේ හොරවැඩ


මේකනම් කියන්න හිත හදාගත්තේ ටිකක් අමාරුවෙන් මොකද මේකෙන්නේ බඩගෝස්තරේ රැකගත්තේ :P . මම මේක ඔයාලට විතරයි කියන්නේ වෙන කාටවත්ම කියන්නේ නෑ ඔයගොල්ලොත් දන්න කියන හොදම යලුවෙකුට ඇරුනම මේක ප්‍රසිද්ධ කරන්න එපා :D
මම කියන්න යන්නේ කොහොමද බාන්බඩියෙ extra point (XP) වැඩිකරගන්නෙ කියන එකයි (ගොඩාක් නම් නෙවෙයි ශක‍්‍යතාව අනුව වෙනස් වෙනවා ;) අනික තමා කොහොමද බඩුමුට්ටුවලින් හේන වහගෙන ඉන්න අයගෙන් හොරෙන් කඩන්නේ කියලා....
නොමිලේ සීඩ් ගන්න විදිහත් කියන්නම් ඒකනම් ඔයගොල්ලො දන්නව ඇති

Feb 27, 2010
Posted by සහන් සටහන්

ගේම් දෙකක්, රටවල් දෙකක්, එක කතාවක්.........!!

එංගලන්තෙ Foot Ball (soccer) කන්ඩායමක්.......... ඉංදියාවෙ cricket කන්ඩායමක්....... මේ දෙකේ එක පොදු ලක්‍ෂණයක් තියනවා ඒ ගැන කියන්න තමා මේ හදන්නෙ.



කාලෙකට පස්සෙ බ්ලොග් එකේ මොනවද ලියන්නෙ කියල හිත හිතා ඉන්නකොට තමා අහම්බෙන් වගේ මේ කතා දෙක සෙට් උනේ.
Feb 25, 2010
Posted by සහන් සටහන්
Tag :

පෑනෙන් ජනෙල් සවි කිරීම Win to flash

Netbook එකකට හ‍රි optical drive එකක් නැති ප‍රිගණකයකට හ‍රි windows 7 (මොකක් හෝ OS එකක්) දාන්න උනොත් ? මොකද ක‍රන්නේ ඒසදහා microsoft ආයතනයෙන් නොමිලේ දෙන Windows 7 USB/DVD Download Tool යොදාගතහැකීයි. ඒත් පොඩි අවුලක් තියනවා ඒ සදහා windows 7 නම් එහි නියම ISO එකමයි යොදාගතයුත්තේ, අපි DVD එකේ කොපියක් දුන්නොත් කෙලින්ම බෑ කියනවා.
එතකොට කොහෙන්ද අපිට original windows 7 iso එකක්. ඒක ඉතිං හැමෝටම තියන ගැටලුවක්. ඔන්න ඔය පුරස්නෙට නැටි හලාගෙන උත්ත‍ර හොයනකොට තමයි මතක් උනේ කණියව මොකද කණිෂ්ක මීට කලින් ලියපු පෝස්ට් එකක් හ‍රහා තමා මම windows 7 බාගත්තේ, ඒත් ඒක දැං මගේ ලග නැති නිසා තමා කණියගෙන් ආපහු ඉල්ලගන්න හැදුවේ නමුත් ඒකත් USB/DVD Download Tool එකට හ‍රි ගියේ නෑ.....
පස්සෙ තමා මේ ගැජමැටික් එක ගැන කිව්වෙ.
Feb 22, 2010
Posted by සහන් සටහන්

Flash analog clock for blog widget



හුගක් අය තම තමන්ගෙ බ්ලොග් වලට ෆ්ලෑෂ් වලින් හදපු clock දාගෙන තියනවා නමුත් එම විජට්ටුවල දැක්ක අඩුපාඩුවක් නිසා තමා මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. අඩුපාඩුව තමයි ඒ ඔරලෝසුව ලගට cursor එක ලං කලාම එක එක ඇඩ් දාන එක. එහෙම නැතුව තමන්ගෙම flash clock එකක් හදාගෙන තමන්ගෙ බ්ලොග් එකේ පැත්තකින් තියාගන්න ඕන නම් මෙන්න ක්‍රමේ.
මේ සදහා මම බාවිතා කලේ Adobe Flash CS3 වෙලුම තුල එන Action Script 2.0 තමා. ඉස්ස‍රවෙලාම බලමු clock එක හදන විදිහ.
මුලින්ම ෆ්ලෑෂ්වල Action Script 2.0 file එකක් open ක‍රගෙන


ඔරලෝසු මුහුනතට තමන්ට ඕන ක‍රන සයිස් එකක් දෙන්න ඕන.
Jan 17, 2010
Posted by සහන් සටහන්
Tag : ,

This update will make you safer on the web.

ඔන්න අවුරුද්දකට පස්සෙ සහන් ආවා බ්ලොගේ පැත්තෙ (ඒකත් අහම්බෙන්) . හැමෝටම සුභ නව වස‍රක් කියල ප්‍රාර්ථනා ක‍රන ගමන් කියන්නම් මොකක්ද මේ Title එක කියලා, ආ මම මේ බ්ලොග් පෝස්ට් එක හිටිහැටියේ ලීවේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක් අත‍රමග නවත්තලා, ෆිල්ම් එක ගැන නම් පෝස්ට් එකක් ලියන්නම හිතෙනවා මොකද කියනව නම් ඒක මටම හදපු එකක් කියල හිතෙනවා... anyway කියන්න හිටපු එක නෙවෙයිනේ දැං මේකා කියවන්නේ කියල බලනව ඇති(බලන අය).
දැං එමු Title එකට මම මේ දැන් ෆිල්ම් එක pause ක‍රලා ගිනින‍රියට ක්ලික් එකක් දැම්මා මගේ හේනේ (barn buddy) පලදාව නෙලන්න කියලා මොකද අප්පා ඩිංග බැරි වෙනකොට කොලු රැල පනිනවනේ ඒකට .
ආපහු Title එකට........ ගිනින‍රියා open ක‍රනකොටම කියපි You’ve been updated to the latest version of Firefox . කියලා.. මම හිතන්නේ ඔයගොල්ලන්ගෙත් න‍රිය අප්ඩේට් වෙන්න ඇති. ඒ කියන්නේ 3.5.7 වෙලා මම නම් බලාගෙන ඉන්නේ ඕක කවදද 4.0 වෙන්නෙ කියල එතකොටනම් හුගාක් වෙනස්කම් වෙයි කියලයි කියන්නේ. Mozilla Firefox 4 Design challenge කියල තමයි ඒ අයනම් මේකට කියන්නේ.
බලන්නකෝ අලුත් ගිනින‍රියා එනවයි කියන්නේ මෙහෙමයි.

Jan 6, 2010
Posted by සහන් සටහන්
Tag :

අලුත් අවුරුද්දට අලුත් වැඩක්

අලුතෙන් Blog එකේ ක‍රන්න දෙයක් කල්පනාක‍ර ක‍ර ඉන්නකොට තමා මල්ලී මට මේ අදහස දුන්නේ, වැඩේ මේකයි මගේ බ්ලොග් එකේ පෙනුම ගැන කස්ටිය මොකද හිතන්නේ (මගේ දේශීය ක‍රණ වැඩේ). ඒ වගේ බ්ලොගර් තීම් ටිකක් අලුත් අවුරුද්ද වෙනුවෙන් කට්ටියට දෙන්න තමා හිතුවෙ..... වැඩේට ටික කාලයක් යයි මොකද ඉස්ස‍රවෙලාම ටිකක් වැඩිපුර දෙන්න ඕන නිසාත් (මලයට නිවාඩු කාලෙ නිසාත්) අපි දෙන්නට මේක ක‍රගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසාත් තමා මේ ගැන කලින් කියන්නෙ.



Dec 11, 2009
Posted by සහන් සටහන්

Google Wave

ඔන්න දැං සහන්ටත් පුලුවන් wave ආරාධනා යවන්න.



ඒත් මට නං පේන්නෙ රැල්ල දැන් ටිකක් අඩු වෙලා වගේ, මුල් දවස්වල තිබුණු කික් එක දැං බැහැල. ඒත් තාමත් wave නොලැබුණු අය ඉන්නවනම් මට කියන්න 16 දෙනෙකුට අවස්ථාව තියනවා,


Google wave ආවෙ නැති අය මට ඊ-මේල් ලිපිනය දෙන්න (comment එකකින්) මම ආරාධනාවක් එවන්නම්
Nov 27, 2009
Posted by සහන් සටහන්

Localization

හැමෝම දේශීයක‍රණය ගැන කතාක‍රන නිසා මටත් හිතුනා ඔන්න දේශීයක‍රණය වෙන්න. හැබැයි ඒ සිංහල Vista වත් සිංහල Office වත් දාලනං නෙවෙයි.අපි සිංහලෙන් බ්ලොග් ලියනවා ඒ වගේම මට හිතුනා මාත් නිකම්ම සම්පූරණයෙන්ම ඉන්ටර්නෙට් සිංහල වෙලා නේද කියලා, මොකද මම කාලෙකිං ඉංග්‍රීසි වෙබ් සයිට් එකකට ගිහින් නෑ, හේතුව නම් ඉගෙන ගන්න දෙයක් උනත් මට මේ බ්ලොග් අත‍රින් හොයාගන්න පුලුවන් උන නිසා ඒ ත‍රමටම අපේ කට්ටිය ලංකාවෙ සිංහල බ්ලොග් ප්‍රචලිත ක‍රල තියනවා.ඔන්න ඔය හේතූන් නිසා මට හිතුනා මගේ බ්ලොග් එකේ තීම එකත් අපිටම අනන්‍ය එකක් උනොත් මොකද කියලා
ඒ නිසා ඔන්න මම මගේ බ්ලොගේ තීම් එක වෙනස් කලා How is That අපේ කම සහ අපේ උරුමය තමා දැන් මගේ බ්ලොගේ පුරාවටම, ප‍රන තීම එක නිකං සුකුරුත්තං වැඩී කියල නිත‍රම හිතුනා ඒකත් හේතු උනා අලුත් තීම් එකට බහින්න, හොඳයිද කියල කියන්න.


Nov 26, 2009
Posted by සහන් සටහන්

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.

ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.

ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.

BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).

තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

(මගේ අදහස: මා අසා ඇති ආකාරයට සම්මානයක් සහතිකයක් ත්‍යාගයක් පිරිනමන්නේ ජයග්‍රහනයකදී හෝ සේවයක් ඇගයීමේදී වැනි අවස්ථාවකදීය, එහෙත් මා අසා නැති දෙයනම් සම්මානය සදහා සම්මාන ලාභියාගෙන් ඒ සඳහා මුදල් ලබාගැනීමයි. මෙය මහම මහ විලි ලැජ්ජා නැති ක්‍රියාවකි,විහිලුවකි, සම්මාන ලාභියාටත් කල අවමානයකි. එයට මාගේද බලවත් විරුද්ධත්වය)

Nov 18, 2009
Posted by සහන් සටහන්
Tag :

ඇවිල්ලා ඇවිල්ලා.......!!

ඔන්න කාලෙකට පස්සෙ එක ලඟම post දෙකක්ම දැම්මා, මේක දාන්න හේතු උනේ මොකද මගේ පරිගණකෙ පිස්සුනටන්න ගත්තා (හේතුව Registry clean කරන්න යෑම) දැන් දවස් දෙක තුනක ඉඳලා, Format කරන්න තියන කම්මැලිකම නිසාම කල්දදා ඉඳලා අසාධ්‍යම උනාම ඔන්න අද දවල් format කරලා Windows 7 RC දැම්මා. වෙනද නම් PC එක format කරලා ඉස්සරවෙලාම මම ඉන්ස්ටෝල් කරන software තමයි AVG නමුත් මේපාර දැම්මේ අපේ බිල් මාමගේ Virus guard එක(Microsoft Security Essential). ඔන්න ඊලඟට AVG Download කරන්න කියලා ගියා මෙන්න බොලේ AVG 9.0 ඇවිල්ලා...!!




මට මාරම හැපී..... පස්සේ හැපි හැපී AVG Internet Security 9.0 (trial) බාගත්තා උනුවෙන්ම (හැබැයි හිතපු තරම් Interface එකේ නම් වැඩි වෙනසක් නෑ).

ඉන්ස්ටෝල් වෙන්න දාලා ඊලඟ වැඩේ තමයි මගේ AVG Internet Security 8.5 serial එක තවම 2010 මැයි වෙනකල් තියන නිසා ඒක මේ AVG 9.0 ට වැඩද බලන එක. ඒකත් ඇල් වතුරට උල්පිහියෙන් ඇන්නා වගේ හරි. මම දැනට AVG free 7.5 / AVG free 8.0 / AVG free 8.5 / AVG Internet Security 8.5 භාවිතා කරලා තියනවා 2006 අවුරුද්දෙ විතර ඉඳලා මේ වෙනතුරුත් Virus වලින් නම් කරදරයක් වෙලාම නෑ. දැන් ඉතින් බලමු අලුත් පොරගේ වැඩ සහ කිඩ.... ඒත් පොඩි අලයක් නම් තියනවා AVG Internet Security 8.5 වලදී memory usage එක 800MB වලට වඩා ගිහින් නෑ ඒත් VG Internet Security 9.0 වල නම් memory usage එක 1400MB විතර වෙනවා.

ඕන කස්ටියට මෙන්න ලින්ක් තියනවා බාගන්න


Oct 19, 2009
Posted by සහන් සටහන්
Tag :

මේ කොපිකිරීමේ කලාවද? නැත්නම් කලාව කොපි කිරීමද?

මට මීට හුඟක් කාලෙකට ඉස්සර (දැනට අවුරුදු දෙකකට වගේ කලින්) හම්බුනා ලස්සන video song එකක්.






(K.I.S.S. LIVE Peformance on KMTV's )

මේක කොරියාවෙ එකක්, මේකෙ නම තමයි because i'm a girl K.I.S.S එහෙමත් නැත්නම් KISS කියන කොරියානු සංගීත කන්ඩායමක Mini,Jini සහ Umji කියන තුන්දෙනා තමයි මේ සිංදුව කියන්නේ. මේ සිංදුවම භාෂා 9 කින් තියනවා (නමුත් කොපි නෙමෙයි එකම සින්දුව) මේ තියෙන්නේ ඒවා.

1.English version : "Because I'm A Girl" by Jini (Kiss member)
2.Mandarin version :(Mei You Ni De Mei Yi Tian) ("Days Without You")
3.Cantonese version : (Yi Chong Zhi) ("Wild Seed") by Bobo Chan
4.Tagalog (Philippines) version : "Kung Alam Mo Lang" by Roxanne "Roxie" Barcelo
5.Vietnamese version : "Noi Dau Muon Mang" by Anh Tie
6.Portuguese version : "Se você disser que sim"
7.Japanese version : "Onna Da Kara" by Azuki
8.Turkish version : "Görmez Olsun(bizim şarkımız)"
9.Spanish version : "Because I'm A Girl"


නමුත් මේ ඊයෙ පෙරේදා අපේ මල්ලී මට youtube වල පෙන්නුවා අර මුලින් කියපු වීඩියෝ එක අනුකරනය කරල හදපු කොපියක්. හැබැයි ඒක කරල තියෙන්නෙ නම් තමන්ගේම නිර්මාණයක් විදිහට සමහරවිට මේකෙ ඔරිජිනල් වීඩියෝ එක ලංකාවෙ වැඩිය ජනප්‍රිය නැති නිසා බලන අය හිතන්නේ හැමදාම ෂාරුක් ඛාන්ගේ ‍ෆිල්ම් වල කෑලි කොපි කරකර ඉඳල දැන්වත් තමන්ගෙම නිර්මාණයක් කොලා කියලා. කව්ද දන්නේ මේක කොරියාවෙන් කොපි කලා කියලා...(උඩින්ම තියන වීඩියෝ එකයි මේකයි හොඳින් බලන්න වෙනස පෙනෙයි)



මේ post එක කිසිවෙකුට පහර ගැසීමක් නෙමෙයි. මේ වගේ තව ගොඩාක් තියනවා ඉස්සර කාලෙ ඉදලම වෙන රටවල (ඉන්දියාවෙ) නිර්මාණ නිර්දය ලෙස අනුකරණය ලංකාවෙ කලාකරුවන් කියාගන්නා පිරිසක් විසින් කරන දෙයක්, මේ එක් උදාහරණයක් විතරයි.
Oct 16, 2009
Posted by සහන් සටහන්
Tag :

කාටවත් දැන් මාව අල්ලන්න වෙන්නෑ මම දැන් කෝටිපතියෙක්

අද ඒකියන්නෙ 2009.සැප්තැම්බර්.18. සිකුරාදා. මට මේ වාසනාව පෑදුනේ. කියවලම බලන්නකො
මං වගෙ වාසනාවන්තයන්ට මේ වගේ චාන්ස් ලැබෙන්නෙ


____________________________________________________________________
ATTN : CONGRATULATIONS YOUR EMAIL HAS WON THE 2009 SHELL LOTTERY PROMO.
Friday, September 18, 2009 9:01:40 PMFrom: SHELL LOTTERY PROMO
To:
--------------------------------------------------------------------------------
FROM: THE DESK OF THE VICE PRESIDENT INTERNATIONAL PROMOTIONS/PRIZE AWARDS DEPARTMENT SHELL LOTTERY INTERNATIONAL SWEEPSTAKES LOTTERY CORPORATION
REF: 475061725
Batch: 7056490902/188
Winning no: GB8701/LPRC
Date:19th of September 2009.
Dear Sir/Madam,
We are delighted to inform you of your prize which was released on 12th of September 2009. from the Shell International Lottery programmer, which is fully based on an electronic selection of winners using their e-mail addresses from some sites,was carried out through random selection in Our computerized email selection system (ess) from a database of over 21,000 e-mail addresses drawn from which you were selected.Your email address was attached to:
ticket number; 4703172547056990107
serial number 7741134222.
This batch draws the lucky numbers as follows 51-13-33-37-42 and
bonus number 17,which consequently won the lottery in
the second category.
You hereby have been approved a lump sum pay of US$1.3,000.000
(ONE MILLION THREE HUNDRED THOUSAND DOLLARS) in cash credit
file ref: ILP/HW 47501/09 from the total cash prize shared
amongst eight lucky winners in this category.
This Lottery was promoted and sponsored by a conglomerate of some multinational companies as part of their social responsibility to the citizens in the communities where they have an operational base. Furthermore, your details (e-mail address) falls within our African regional office in ACCRA, GHANA as indicated in your play coupon and your prize of US$1.3 MILLION will be released to you from this regional branch office in GHANA, To file for your claim, please contact our director of finance. Contact the claim agent with this information below
PLEASE NOTE THAT YOU ARE TO SEND THE BELOW
INFORMATION REQUIRED TO CLAIM YOU’RE WINNING PRIZE:
1. Full Name: .........................
2. Address: ........................
3. Nationality: ....................
4. Age: ........................Date of Birth: ......
5. Occupation: ......................
6. Phone: ..........Fax: ......................
7. State of Origin: .........Country: ................
8: Gender: ......................................
9:DELIVERY OPTIONS
DELIVERY OPTIONS:
(1): BANK SWIFT WIRE TRANSFER
(2): COME TO OUR OFFSHORE PAYMENT CENTER IN GHANA
(3): BY OUR COURIER FIRM,
THE CLAIMS AGENT CONTACT
Name: HAFIZ IBRAHIM
EMAIL: hafizibrahim@yahoo.com
Please quote your reference, batch and winning number which can be found on the top left corner of this notification as well as your full name, address and telephone number to help locate your file easily. For security reasons, we advice all winners to keep this information confidential from the public until your claim is processed and your prize released to you.
This is part of our security protocol to avoid double claiming and unwarranted taking advantage of this program by non-participants or unofficial personnel.
Note: all winnings MUST be claimed before two weeks, otherwise all funds will be returned as unclaimed and eventually donated to charity organizations.
YOURS SINCERELY,
Mr.John William
________________________________________________________________________________
රුපියල් බිලියන 1.49219467 කියන්නෙ කජු ඇටද කොස් ඇටද හප්පා........
ඔය කියන විදිහට දුන්නොත් ඔන්න මං ගානෙ SBU එකෙ සෙට් වෙන එකේ වියදම. මං කිවොත් කීවා
Sep 18, 2009
Posted by සහන් සටහන්
Tag :

මල් ගැහිල්ල

මනුස්සයෙක් උනාම තියනවනෙ එක එක ජාතියෙ addictions ඒ කියන්නෙ ඇබ්බැහි වීම්, මම කියන්නෙ හැමෝටම නෙමෙයි සමහරුන්ට. මම මේ කියන්නෙ මමත් කාලයක් තිස්සෙ එහෙම ඇබ්බැහි වෙලා ඉන්න දෙයක් ගැන.
ඔන්න ඉස්සර මම හරිම අකමැති දෙයක් තමයි Trip හපෝ ඔය වචනෙ ඇහෙනකොට මම හෙමිහිට ලිස්සල යනව, ඒ ඉතිං හුගක් වෙලාවට යන පුත්ගලයො මත තමයි ඒක තීරනය උනේ. පස්සෙ උනත් ඒකෙ වෙනසක් නම් නෑ. ඔහොම ඉන්නකොට තමයි මම මල් ගැහිල්ලට පුරුදු උනේ ඒ කියන්නේ Trip ගිහින් කට්ටිය විනෝද වෙන අතරෙ මම කරන්නේ ෂේප් එකේ හෙමිනි හෙමින් එතනින් මාරුවෙලා මල් ගහනවා.
මේ තියෙන්නෙ ගහපු මල්


මේ මල (උඩ තියන මල) අපේ ගේ ලඟ පිපුනේ කොල නෑ අවුරුද්දකට සැරයක් පිපෙන්නෙ මම හිතන්නෙ අලේ ඇති

මලට බඹරෙකු සේ (මං ආසම එක)

තව නොදාපු මල් වගේම අමුතුම ජාතියෙ Photos ගොඩාක් තියනවා ටික ටික දාන්න................ ඔක්කොම එකපාර දැම්මම අගයක් නෑනේ. තව දෙයක් මේ ඔක්කොම පිංතූර මගෙ Sony Ericsson P990i එකෙන් ගත්ත ඒවා. ඒ කියන්නෙ මෙගා පික්සෙල් 2කින්

Posted by සහන් සටහන්
Tag :

අකුරු වලින් Image එකක් හදමුද - "Photoshop සිංහලෙන්"

මට අද උදේ Matrix ‍ෆිල්ම් එකේ වෝල් පේපර් එකක් හම්බ උනා text efect එකකින් ලස්සනට හදපු. පොඩ්ඩක් හදන්න ට්‍රයිකරන්න ඕන කියල හිතුන නිසා අපි කවුරුත් දන කියන Adobe photoshop වලින් තමයි හදන්න උත්සාහ කලේ, ටිකක් දඟලනකොට පොඩ්ඩක් ඒ ෂේප් එකට image එකක් හදාගන්න පුලුවන් උනා. හුඟක් අය නම් මේක දන්නවත් ඇති. මේ විදිහට නැත්නම් වෙනත් ක්‍රමයකට (එහෙම කෙනෙක් ඉන්නව නම් මටත් කියන්න)


මේ තියෙන්නෙ Matrix ‍ෆිල්ම් එකේ image එක
මේන්න මේ විදිහට තමයි හැදුවෙ..


1. ඉස්සරලාම ටිකක් පැහැදිලි Image එකක් ‍තෝරගෙන Phtoshop වලින් open කරගෙන අනවශ්ය කොටස් Crop tool (c) එකෙන් Crop කරගන්න





2. Layer pallet එකට (F7) ගිහින් අලුත් layer එකක් ඇඩ් කරගන්න(Ctrl + Shift + n)

3. ඊලඟට foreground color එක set කරගන්න ඕන මම black ඒ කියන්නේ default color එක ගත්තෙ (D)

4. දැන් Edit > Fill එහෙමත් නැත්නම් (Shift + F5) ඔබල අලුතෙන් ගත්ත layer එක අපි ගත්ත foreground color එකෙන් fill කරගන්න ඕන

5. දැන් තමයි අකුරු type කරන්න තියෙන්නේ. ඒකට Type tool (T) අරගෙන Font එක Font color එක වගේම Font size එකත් අවශ්්‍ය ප්‍රමානෙට හදාගෙන සම්පූර්ණ image එකම select කරගන්න ඕන.

6. type tool එකෙන් select කර ගත්ත කොටස පිරෙන්නම අකුරු type කරල හරි copy කරල හරි දාගන්න මෙන්න මේ වගේ

7. Text layer එක select කරල vector mask එකක් දාගන්න ඕන මේ විදිහට

8. Text layer එක මතට Alt key එකත් සමග click කරල ඊලඟට අපි ‍තෝර ගත්ත background image එක ( Ctrl + a) select කරල Ctrl +c මගින් copy කරගෙන Text layer එක silect කරල past (Ctrl+v) කරල බලන්න කලු සුදු image එකක් පෙනෙයි මේ වගේ

9. Text layer එක මත ඇති කලු සුදු image thumbnail එක මත නැවත වතාවක් Alt key සමග click එකක් දැම්මම අපිට ඕන කරන විදිහට පිංතූරයක් ලැබෙනවා

මම හදපු sources file එක මෙතන තියනවා මේ ඉන්නේ මම කොහොමද ලස්සනයිද?

මම Adobe Photoshop සහ Adobe Flash සිංහලෙන් Tutorials ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා ලැබෙන ප්‍රතිචාර අනුව තමයි ඉතිං.......
Aug 19, 2009
Posted by සහන් සටහන්
Tag :

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -