සහන් සටහන් - හරියටම අවුරුද්දයි.....

ඔන්න අද ඒකියන්නේ 2010.07.22 වන දින 6:55 ප.ව වෙනකොට මගෙ බ්ලොග් කෙරුවාවට හරියටම අවුරුද්දයි.





මුලින්ම "සහන්ගේ බ්ලොග් සටහන" කියල www.myblog,lk එකේ පටන් ගත්ත බ්ලොග් එක පස්සෙ බ්ලොගර් වලට ගෙනාවා... බ්ලොග් කෙරුවාව කීවට නං වැරදී මොකද බ්ලොග් ලියන්න ගත්තෙ හරියටම අවුරුද්දකට කලින්.... බ්ලොග් කියවන්න අරගත්තෙ ඊට කලින්.


Jul 22, 2010
Posted by සහන් සටහන්

My Phone History & what's next

ඔන්න කාලෙකිං මේ පැත්තේ ආවේ..... මොකද ලාංකීය සිතුවිලි එකෙන් වෝර්නිං එකක් දාල තිබ්බනේ . ඒ නිසාත් කාලෙකිං ගෙදර ඉඳං කරන්න දේකුත් නැතුව ඉද්දී හිතුනා මොකුත් ලියන්න ඕනෙ කියල, ඉතිං මොනවද ලියන්නෙ කියල ඉන්නකොට හිතුන මම කාලයක් තිස්සෙ පාවිච්චි කරපු මොබයිල් ෆෝන් ගැන ලියන්න ඕන කියල , ඒත් එක්කම දැනට පාවිච්චි කරන ෆෝන් එක දැකල දැකලම එපා වෙලා ඉන්න නිසා අලුතෙන් එකක් ගන්නත් කම්පනා කලා ඒකට අයිඩියාවක් දැනගන්නත් එක්ක ඕං මේ ලියන්නේ. එහෙනං ඉස්සරලම කියන්නං මට ෆෝන් පිස්සුව ගැහුවෙ කොහොමද කියල පලවෙනියටම ගත්තේ Motorola a130 එකක්
ඒක ගත්තෙ අප්පච්චි ඊට පස්සෙ Motorola Startac ⇙
Ericsson T10 එක මාස හයක් විතර ⇙
ඊලඟට Sony Ericsson T105 ⇙
5900ට තමා ගත්තේ . ඒ අස්සෙ තව කැමරා ෆෝන් බලන්න කඩවල් ගානෙ යන්නත් අමතක කොලේ නෑ. ඒ අතරේ ෆෝන් එක අවුරුද්දක් විතර තියං ඉඳලා 5600කට වික්කා. ඒත් කැමරා ෆෝන් එකක් ඒ දවස්වල රු 20000ක් විතර වෙනවනේ... ඒ වෙනකොට අතේ 4000ක්වත් නෑ. පස්සෙ ට්‍රිප් එකක් යන්න සෙට්වෙලා අප්පච්චිට කියල ඉතුරු සල්ලි ගෙන්නන්ගෙන ගත්තා
Samsung X620 එකක් ඒ වෙනකොට A/L ඉවර වෙලා සතියක් වත් නෑ..... ඒත් ගත්ත ෆෝන් එකේ (X620 උනාට යාලුවගෙ තිබ්බ X600 තරම්) ෆොටෝ පැහැදිලි නෑ. ඔන්න සති දෙකකට විතර පස්සෙ ගිහින් X620 ඒ කඩේටම දීල X640 එකක් ගත්ත , ඒක කියල වැඩක් නෑ නියමයි....... හැබැයි වීඩියෝ නෑ මෙමරි card නෑ ඒත් ෆොටෝ කොලිටියනම් නියමයි.

ඔය අතරෙ එකෙක් කියපි Nokia 6630 වගයක් තියනව වෙන රටකින් ගෙනැත් මෙහෙ අන්ලොක් කරල විකුනනව 9000ට කියල..... යකෝ ඒ දවස්වල 22000ක් වෙච්ච එක 9000ට තියනවනං ඉතිං කවර කතාද? මට දෙකක් ඕනෙ කියල ගියා අර මෑන්ස්ව මාට්ටු වෙන්න. මෙන්න බුවා කියපි මගෙ නෙවෙයි ෆෝන් මම දන්න කෙනෙක්ගෙ කියල පහුවෙනිද දෙන්නං කියල. ඔන්න පහුවෙනිද එලිවෙනකොට උගෙ ගේ ඉස්සරහ..... ඒපාර මූ කියපි අද පන්තියෙදි ෆෝන් ගේන කෙනා හම්බෙනව පන්තිය ඇරෙන වෙලාවට එන්න කියල. මක් කොරන්නද ආපහු ගෙදර ඇවිත් ගියා 4ට විතර අරූගෙ පන්තිය ලඟට. ඒපාර මූ කියනව යාලුව ආවෙ නෑ කියල............. පස්සෙ 9000හෙ 6630 පැත්තක දාල ආව ගෙදරට. ඒ වෙනකොට මට 6630ක් ඕනෙම වෙලා හිටියෙ ඒ නිසා Samsung X640 විකුනල කඩෙන්ම Nokia 6630ක් 20000කට.
ඒකත් perfect ෆෝන් එක මම කාලයක් ආසාවෙං පාවිච්චි කරා 😍. ඔන්න ඒ අතරෙ ආපහු වෙන ෆෝන් එකක් ගන්න හිතිල පින්තූර එකතු කරන්න පටන් අරගෙනයි තිබ්බේ...... ඒ අතරේ 6630 වික්කා යාලුවෙක්ගෙ අයිය කෙනෙකුට. ඒත් පිංතූර එකතුකොලාට කෝ සල්ලි අලුත් එකක් ගන්න. ඒ අතරේ එක එක ජල්ටොං නානාප්‍රකාර ෆෝන් පාවිච්චි කලා..... ඒ අතරෙ Nokia 3230 ⇙
එකක් තිබ්බා අකමැත්තෙන් හරි පාවිච්චි කලා (ඒත් ඒකෙ තිබ්බ මරු කාර් ගේම් එකක් මම ෆෝන් වල ගේම් ගහන්න කැමති නැති උනත් ඒකනම් මට අල්ලල ගියා). ඊලඟට Nokia 1100 හප්පා ගින්දර ෆෝන් එක වැටෙනව පොලවෙ ගහනව සින්ක් එකට වැටුන කිසි ලෙඩක් නෑ. නෑ බෑ කියන්නෑ එකපාරක්වත් කිසි කරදරයක් දුන්නෑ. ඔන්න ඒ අස්සෙ අර පින්තූර එකතුව සෑහෙන්න ලොකු වෙලා තිබුනෙ ඒකෙ N73, N93, W810i, K800i, K810i, වගේ ජාති ඒත් එක්කම කැෆේ එකක් පැත්තෙ ගියොත් www.gsmarena.com එකෙන් ටැබ් 5ක්වත් ඕපන් කරල තමා වෙන වැඩක් කරගන්නේ. ඒ අතරෙ යාලුවෙකුගෙ තිබ්බා Sony Ericsson P990i කියල එකක් පොඩ්ඩක් කරකවල එහෙම බැලුවම මාරයි කියල හිතුන ඔන්න පින්තූර කලෙක්ෂන් එකට තව සාමාජිකයෙක් සෙට් උනා........ පස්සෙ ඒ යලුවගෙන් එහෙම ඇහුවම කීව නියමයි කියල (ඒ වෙනකොට එයාගෙ ෆෝන් එක එකෙක් උස්සල). තීරනය කලා P990i එක ගන්න. ගියා ෆෝන් කඩේකට ඇහුව ගාන 47000යි කිව. හෆොයි තව තැනකින් ඇහුවම කීව 39000යි කියල ඔන්න එකක් දෙන්න කීවම සතියකින් දෙන්නම් කීව පස්සෙ සතියක් තිස්සෙ එතෙන්ට කෝල් දිදී ඉඳල ගියා ගත්ත. 2GB මෙමරි කාඩ් එකටත් එක්ක 42000ක් උනා ඔන්න ෆෝන් එක.
අවුරුද්දයි මාස ගානක් කිසි ලෙඩක් කරදරයක් නෑ බැස්ටිය සතියක් තියනව. ඕන්න ආපහු පින්තූර එකතු කරන්න ගත්තා මේ දවස්වල වෙන එකකට පනින්න............. මොකක්ද හොඳ ඇපල් iPhone 3Gs or 4, Samsung Omnia 2, Nokia වලටනම් දැං මම කැමති නෑ මොකද නොකිය ගෙයි චීන කොපි (චීන කීවට ඒව චීන නෙවෙයි අරාබි වගේ 😂 ) වලයි වෙනසක් නෑනේ. වැඩියෙන්ම කැමති Sony වලට මොකද කොපි නෑ ලෙඩ නෑ පහසුකම් අපරිමිතයි යූසර් ෆ්‍රෙන්ඩ්ලි, ඒ නිසා මේව ගැන පොඩ්ඩක් හොයනව Sony Ericsson satio,Vivaz,ඒ අතරින් හිත ගියෙ Sony XPERIA neo එකට (ඒ වෙනකොට Sony Eeicsson නෑ Sony වෙලා තිබුනෙ) ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකත් එක්ක ඉන්ටර්ෆේස් එක එහෙම මාරම මාරයි.
ඒ අතරෙ හොඳ Phone එකක් තියනව Googleලගෙ කියල මල්ලි කීව පස්සෙ බලද්දි Google nexus series එකේ Samsung device එක ඇවිල්ල Galaxy Nexus 🤗
ලංකාවට ආවම අලුත 65000/= කීවා.... කොහොම හරි ගත්ත ඒකත්. (තවමත් Phone එක වැඩ).... ඒ අතරෙ මට හිතුන මම ගත්ත Phone ආයෙ විකුණන්නෙ නෑ හැම එකම එකතු කරන්න ඕන කියල ඒ නිසා Nexus එක තියාගෙනම අලුත් ෆෝන් එකට යන්න තීරණය කලා, OnePlus One ආව මුල් කාලෙ නමත් අලුත් කා අතරත් ජනප්‍රිය නැති අමුතු ෆෝන් එකක්, මුලදි invitation වලට විතරයි ගන්න පුලුවන් උනේ, හැබැයි wow.lk එකෙන් credit card promotion එකක් දාල කැම්පස් එකේ මගෙ යාලුව Order එකක් දාල තිබුන දැක්ක,එවෙලෙම order කලා, සතියකින් device එක ආවා 😍.
Sandstone Black දැක්කම ආස හිතෙන දකින අය මොකක්ද මේ කියල අහන, පට්ට ෆෝන් එක cyanogenmod OS එකත් එක්ක ආවෙ (පස්සෙ oneplusම OS එකක් දුන්න Oxigen කියල මෙලෝ රහක් නැති... ඒ නිසාම ආයෙ OnePlus ගන්න අදහස නැති උනා ඒත් එක්කම ඉංදියාවෙ හදන්න අරගත්ත නිසා දැන් නම් දෙක පහට වැටිල වගේ ඒකත්. OnePlus One එකත් තවම මගෙ ලඟ තියනව (හිතාගෙන ඉන්නෙ ඒකෙන් Teardown Frame එකක් හදන්න
ඒකෙන් පස්සෙ ගන්න ෆෝන් එකක් බැලුව ඇපල් iphone 7 ඒ වෙද්දි තිබුනෙ 2017දී ඒක සෙට් උනේම නැති නිසා අන්තිමට තීරණය කලා Samsung Galaxy S8එක ගන්න, Release කලා විතරයි නිසා යාලුවො කීව ටිකක් බලල ඉන්න ලෙඩ තිබුනොත් හොයල ගන්න පුලුවන් කියල, ඒ නිසා iphone 8 ආව අලුත වගේ... ඒකත් බලල ගත්තෙ Samsung Galaxy S8 එක. 2017 November ඉඳන් තාමත් වැඩ දවසක් battery තියනව.... (ආ ඒකත් එක්කම වගේ ගත්ත Nokia 3310 අලුත් version එක,
පරණ 3310ට තිබුන ආසාවටතත් එක්ක, ඒකෙ sim detect කැන්නැති අවුලක් ඇවිල්ල හදන්න දුන්න දුන්නමයි phone එක මිසිං)...
අවුරුදු 6කුත් මාස 2ක් සුපිරියටම වැඩ ගත්ත S8 එක තියෙද්දිම S23 එක ගන්න හිතුන හැබැයි ඒකෙ කිසි වෙනසක් නෑ Ultra එක ලොකු වැඩි වගෙම කිසි හැඩයක් නෑ, ඒත් එක්කම ආයෙ සැරයක් ඇපල් දිහා බලන්න හිතුනේ යන්තමට ඇපල් ෆෝන් අනිත් ඒව ලඟට ඇවිල්ල නිසා අඩුගානෙ USB Type C port එකවත් ආවනෙ 🫢 ඉතිං ඔන්න ඔහෙ ගත්ත අයිපෝන් 15pro එකයි එයාපොඩ් pro 2nd gen එකයි, දැනට ඉතිං battery මදි එක තමයි කියන්න තියෙන්නෙ..... මේ තියෙන්නෙ ගත්ත ඒව ආයෙ විකුනන්නෑ කියල තීරණය කලාට පස්සෙ එකතු කරගත්ත ටික....
(පරන ඒව ටිකත් යොයල එකතුවක් හදාගන්න අසහසකුත් තියනව)...
Jun 14, 2010
Posted by සහන් සටහන්

Flash animation සහ ඒ ආශ්‍රිත වැඩ දමන්නන්ට

මේක මම ෆ්ලෑශ් ඉගෙන ගන්න කාලෙ දාපු පොඩි සෙල්ලමක්.... අනිත් කාරනේ තමා මේ දවස්වල මට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ වගේම මොන්ව ලියන්නද කියල හිතා ගන්න බැරුව හිටියේ ඒත් එක්කම මට මතක් උනා බ්ලොග් මැරතන් එකේ ලියපු පෝස්ට් වලින් කීපයක් පල කරන්න.... ඔන්න එහෙනම්...................

May 19, 2010
Posted by සහන් සටහන්

Im a FOSS rock සහ එතනින් ඔබ්බට


අද මට මේක ලියන්න හිතුනේ මෙන්න මේ නිසා... මම බැලුවනේ Antitrust ඒක ගැන විස්තර කියන්න ඕන නෑ මොකද ඔය ලින්ක් එකෙන් ඒගැන ඇන්ත්‍රැක්ස් සොහොයුරා බයිස්කෝප්.lk එකට ලියපු ලිපිය තියන නිසා. ඒ ෆිල්ම් එක බලනකොට මට හැගුන දෙයක් තමා මේක ලියන්න මුල් වෙච්ච කාරනේ,ලෝකේ වානිජ මෘදුකාංග නිපදවන්නෙක් සහ නිදහස් මෘදුකාංග ලෝලීන් අතර ගැටුමක් තමා යන්නේ... මෙතෙන්දී මට හැගුන දේ තමා මම ලියන්නේ මොකද දැං නිදහස් මෘදුකාංග හුගාක් ජනප්‍රිය වේගන යන නිසා අපේ රට වගේ ආර්ථික මට්ටමෙන් අඩු රටවල පරිගණක පරිශීලකයන්ට බොහෝ සතුටට කරුනක් ඒ නිසාම අපේ රටේත් FOSS rock ලා ගීක්ලා බිහිවෙලා...
Mar 11, 2010
Posted by සහන් සටහන්

Barn Buddy cheates - බාන්බඩියේ හොරවැඩ


මේකනම් කියන්න හිත හදාගත්තේ ටිකක් අමාරුවෙන් මොකද මේකෙන්නේ බඩගෝස්තරේ රැකගත්තේ :P . මම මේක ඔයාලට විතරයි කියන්නේ වෙන කාටවත්ම කියන්නේ නෑ ඔයගොල්ලොත් දන්න කියන හොදම යලුවෙකුට ඇරුනම මේක ප්‍රසිද්ධ කරන්න එපා :D
මම කියන්න යන්නේ කොහොමද බාන්බඩියෙ extra point (XP) වැඩිකරගන්නෙ කියන එකයි (ගොඩාක් නම් නෙවෙයි ශක‍්‍යතාව අනුව වෙනස් වෙනවා ;) අනික තමා කොහොමද බඩුමුට්ටුවලින් හේන වහගෙන ඉන්න අයගෙන් හොරෙන් කඩන්නේ කියලා....
නොමිලේ සීඩ් ගන්න විදිහත් කියන්නම් ඒකනම් ඔයගොල්ලො දන්නව ඇති

Feb 27, 2010
Posted by සහන් සටහන්

ගේම් දෙකක්, රටවල් දෙකක්, එක කතාවක්.........!!

එංගලන්තෙ Foot Ball (soccer) කන්ඩායමක්.......... ඉංදියාවෙ cricket කන්ඩායමක්....... මේ දෙකේ එක පොදු ලක්‍ෂණයක් තියනවා ඒ ගැන කියන්න තමා මේ හදන්නෙ.



කාලෙකට පස්සෙ බ්ලොග් එකේ මොනවද ලියන්නෙ කියල හිත හිතා ඉන්නකොට තමා අහම්බෙන් වගේ මේ කතා දෙක සෙට් උනේ.
Feb 25, 2010
Posted by සහන් සටහන්
Tag :

පෑනෙන් ජනෙල් සවි කිරීම Win to flash

Netbook එකකට හ‍රි optical drive එකක් නැති ප‍රිගණකයකට හ‍රි windows 7 (මොකක් හෝ OS එකක්) දාන්න උනොත් ? මොකද ක‍රන්නේ ඒසදහා microsoft ආයතනයෙන් නොමිලේ දෙන Windows 7 USB/DVD Download Tool යොදාගතහැකීයි. ඒත් පොඩි අවුලක් තියනවා ඒ සදහා windows 7 නම් එහි නියම ISO එකමයි යොදාගතයුත්තේ, අපි DVD එකේ කොපියක් දුන්නොත් කෙලින්ම බෑ කියනවා.
එතකොට කොහෙන්ද අපිට original windows 7 iso එකක්. ඒක ඉතිං හැමෝටම තියන ගැටලුවක්. ඔන්න ඔය පුරස්නෙට නැටි හලාගෙන උත්ත‍ර හොයනකොට තමයි මතක් උනේ කණියව මොකද කණිෂ්ක මීට කලින් ලියපු පෝස්ට් එකක් හ‍රහා තමා මම windows 7 බාගත්තේ, ඒත් ඒක දැං මගේ ලග නැති නිසා තමා කණියගෙන් ආපහු ඉල්ලගන්න හැදුවේ නමුත් ඒකත් USB/DVD Download Tool එකට හ‍රි ගියේ නෑ.....
පස්සෙ තමා මේ ගැජමැටික් එක ගැන කිව්වෙ.
Feb 22, 2010
Posted by සහන් සටහන්

Flash analog clock for blog widget



හුගක් අය තම තමන්ගෙ බ්ලොග් වලට ෆ්ලෑෂ් වලින් හදපු clock දාගෙන තියනවා නමුත් එම විජට්ටුවල දැක්ක අඩුපාඩුවක් නිසා තමා මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. අඩුපාඩුව තමයි ඒ ඔරලෝසුව ලගට cursor එක ලං කලාම එක එක ඇඩ් දාන එක. එහෙම නැතුව තමන්ගෙම flash clock එකක් හදාගෙන තමන්ගෙ බ්ලොග් එකේ පැත්තකින් තියාගන්න ඕන නම් මෙන්න ක්‍රමේ.
මේ සදහා මම බාවිතා කලේ Adobe Flash CS3 වෙලුම තුල එන Action Script 2.0 තමා. ඉස්ස‍රවෙලාම බලමු clock එක හදන විදිහ.
මුලින්ම ෆ්ලෑෂ්වල Action Script 2.0 file එකක් open ක‍රගෙන


ඔරලෝසු මුහුනතට තමන්ට ඕන ක‍රන සයිස් එකක් දෙන්න ඕන.
Jan 17, 2010
Posted by සහන් සටහන්
Tag : ,

This update will make you safer on the web.

ඔන්න අවුරුද්දකට පස්සෙ සහන් ආවා බ්ලොගේ පැත්තෙ (ඒකත් අහම්බෙන්) . හැමෝටම සුභ නව වස‍රක් කියල ප්‍රාර්ථනා ක‍රන ගමන් කියන්නම් මොකක්ද මේ Title එක කියලා, ආ මම මේ බ්ලොග් පෝස්ට් එක හිටිහැටියේ ලීවේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක් අත‍රමග නවත්තලා, ෆිල්ම් එක ගැන නම් පෝස්ට් එකක් ලියන්නම හිතෙනවා මොකද කියනව නම් ඒක මටම හදපු එකක් කියල හිතෙනවා... anyway කියන්න හිටපු එක නෙවෙයිනේ දැං මේකා කියවන්නේ කියල බලනව ඇති(බලන අය).
දැං එමු Title එකට මම මේ දැන් ෆිල්ම් එක pause ක‍රලා ගිනින‍රියට ක්ලික් එකක් දැම්මා මගේ හේනේ (barn buddy) පලදාව නෙලන්න කියලා මොකද අප්පා ඩිංග බැරි වෙනකොට කොලු රැල පනිනවනේ ඒකට .
ආපහු Title එකට........ ගිනින‍රියා open ක‍රනකොටම කියපි You’ve been updated to the latest version of Firefox . කියලා.. මම හිතන්නේ ඔයගොල්ලන්ගෙත් න‍රිය අප්ඩේට් වෙන්න ඇති. ඒ කියන්නේ 3.5.7 වෙලා මම නම් බලාගෙන ඉන්නේ ඕක කවදද 4.0 වෙන්නෙ කියල එතකොටනම් හුගාක් වෙනස්කම් වෙයි කියලයි කියන්නේ. Mozilla Firefox 4 Design challenge කියල තමයි ඒ අයනම් මේකට කියන්නේ.
බලන්නකෝ අලුත් ගිනින‍රියා එනවයි කියන්නේ මෙහෙමයි.

Jan 6, 2010
Posted by සහන් සටහන්
Tag :

අලුත් අවුරුද්දට අලුත් වැඩක්

අලුතෙන් Blog එකේ ක‍රන්න දෙයක් කල්පනාක‍ර ක‍ර ඉන්නකොට තමා මල්ලී මට මේ අදහස දුන්නේ, වැඩේ මේකයි මගේ බ්ලොග් එකේ පෙනුම ගැන කස්ටිය මොකද හිතන්නේ (මගේ දේශීය ක‍රණ වැඩේ). ඒ වගේ බ්ලොගර් තීම් ටිකක් අලුත් අවුරුද්ද වෙනුවෙන් කට්ටියට දෙන්න තමා හිතුවෙ..... වැඩේට ටික කාලයක් යයි මොකද ඉස්ස‍රවෙලාම ටිකක් වැඩිපුර දෙන්න ඕන නිසාත් (මලයට නිවාඩු කාලෙ නිසාත්) අපි දෙන්නට මේක ක‍රගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසාත් තමා මේ ගැන කලින් කියන්නෙ.



Dec 11, 2009
Posted by සහන් සටහන්

Google Wave

ඔන්න දැං සහන්ටත් පුලුවන් wave ආරාධනා යවන්න.



ඒත් මට නං පේන්නෙ රැල්ල දැන් ටිකක් අඩු වෙලා වගේ, මුල් දවස්වල තිබුණු කික් එක දැං බැහැල. ඒත් තාමත් wave නොලැබුණු අය ඉන්නවනම් මට කියන්න 16 දෙනෙකුට අවස්ථාව තියනවා,


Google wave ආවෙ නැති අය මට ඊ-මේල් ලිපිනය දෙන්න (comment එකකින්) මම ආරාධනාවක් එවන්නම්
Nov 27, 2009
Posted by සහන් සටහන්

Localization

හැමෝම දේශීයක‍රණය ගැන කතාක‍රන නිසා මටත් හිතුනා ඔන්න දේශීයක‍රණය වෙන්න. හැබැයි ඒ සිංහල Vista වත් සිංහල Office වත් දාලනං නෙවෙයි.අපි සිංහලෙන් බ්ලොග් ලියනවා ඒ වගේම මට හිතුනා මාත් නිකම්ම සම්පූරණයෙන්ම ඉන්ටර්නෙට් සිංහල වෙලා නේද කියලා, මොකද මම කාලෙකිං ඉංග්‍රීසි වෙබ් සයිට් එකකට ගිහින් නෑ, හේතුව නම් ඉගෙන ගන්න දෙයක් උනත් මට මේ බ්ලොග් අත‍රින් හොයාගන්න පුලුවන් උන නිසා ඒ ත‍රමටම අපේ කට්ටිය ලංකාවෙ සිංහල බ්ලොග් ප්‍රචලිත ක‍රල තියනවා.ඔන්න ඔය හේතූන් නිසා මට හිතුනා මගේ බ්ලොග් එකේ තීම එකත් අපිටම අනන්‍ය එකක් උනොත් මොකද කියලා
ඒ නිසා ඔන්න මම මගේ බ්ලොගේ තීම් එක වෙනස් කලා How is That අපේ කම සහ අපේ උරුමය තමා දැන් මගේ බ්ලොගේ පුරාවටම, ප‍රන තීම එක නිකං සුකුරුත්තං වැඩී කියල නිත‍රම හිතුනා ඒකත් හේතු උනා අලුත් තීම් එකට බහින්න, හොඳයිද කියල කියන්න.


Nov 26, 2009
Posted by සහන් සටහන්

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.

ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.

ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.

BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).

තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

(මගේ අදහස: මා අසා ඇති ආකාරයට සම්මානයක් සහතිකයක් ත්‍යාගයක් පිරිනමන්නේ ජයග්‍රහනයකදී හෝ සේවයක් ඇගයීමේදී වැනි අවස්ථාවකදීය, එහෙත් මා අසා නැති දෙයනම් සම්මානය සදහා සම්මාන ලාභියාගෙන් ඒ සඳහා මුදල් ලබාගැනීමයි. මෙය මහම මහ විලි ලැජ්ජා නැති ක්‍රියාවකි,විහිලුවකි, සම්මාන ලාභියාටත් කල අවමානයකි. එයට මාගේද බලවත් විරුද්ධත්වය)

Nov 18, 2009
Posted by සහන් සටහන්
Tag :

ඇවිල්ලා ඇවිල්ලා.......!!

ඔන්න කාලෙකට පස්සෙ එක ලඟම post දෙකක්ම දැම්මා, මේක දාන්න හේතු උනේ මොකද මගේ පරිගණකෙ පිස්සුනටන්න ගත්තා (හේතුව Registry clean කරන්න යෑම) දැන් දවස් දෙක තුනක ඉඳලා, Format කරන්න තියන කම්මැලිකම නිසාම කල්දදා ඉඳලා අසාධ්‍යම උනාම ඔන්න අද දවල් format කරලා Windows 7 RC දැම්මා. වෙනද නම් PC එක format කරලා ඉස්සරවෙලාම මම ඉන්ස්ටෝල් කරන software තමයි AVG නමුත් මේපාර දැම්මේ අපේ බිල් මාමගේ Virus guard එක(Microsoft Security Essential). ඔන්න ඊලඟට AVG Download කරන්න කියලා ගියා මෙන්න බොලේ AVG 9.0 ඇවිල්ලා...!!




මට මාරම හැපී..... පස්සේ හැපි හැපී AVG Internet Security 9.0 (trial) බාගත්තා උනුවෙන්ම (හැබැයි හිතපු තරම් Interface එකේ නම් වැඩි වෙනසක් නෑ).

ඉන්ස්ටෝල් වෙන්න දාලා ඊලඟ වැඩේ තමයි මගේ AVG Internet Security 8.5 serial එක තවම 2010 මැයි වෙනකල් තියන නිසා ඒක මේ AVG 9.0 ට වැඩද බලන එක. ඒකත් ඇල් වතුරට උල්පිහියෙන් ඇන්නා වගේ හරි. මම දැනට AVG free 7.5 / AVG free 8.0 / AVG free 8.5 / AVG Internet Security 8.5 භාවිතා කරලා තියනවා 2006 අවුරුද්දෙ විතර ඉඳලා මේ වෙනතුරුත් Virus වලින් නම් කරදරයක් වෙලාම නෑ. දැන් ඉතින් බලමු අලුත් පොරගේ වැඩ සහ කිඩ.... ඒත් පොඩි අලයක් නම් තියනවා AVG Internet Security 8.5 වලදී memory usage එක 800MB වලට වඩා ගිහින් නෑ ඒත් VG Internet Security 9.0 වල නම් memory usage එක 1400MB විතර වෙනවා.

ඕන කස්ටියට මෙන්න ලින්ක් තියනවා බාගන්න


Oct 19, 2009
Posted by සහන් සටහන්
Tag :

මේ කොපිකිරීමේ කලාවද? නැත්නම් කලාව කොපි කිරීමද?

මට මීට හුඟක් කාලෙකට ඉස්සර (දැනට අවුරුදු දෙකකට වගේ කලින්) හම්බුනා ලස්සන video song එකක්.






(K.I.S.S. LIVE Peformance on KMTV's )

මේක කොරියාවෙ එකක්, මේකෙ නම තමයි because i'm a girl K.I.S.S එහෙමත් නැත්නම් KISS කියන කොරියානු සංගීත කන්ඩායමක Mini,Jini සහ Umji කියන තුන්දෙනා තමයි මේ සිංදුව කියන්නේ. මේ සිංදුවම භාෂා 9 කින් තියනවා (නමුත් කොපි නෙමෙයි එකම සින්දුව) මේ තියෙන්නේ ඒවා.

1.English version : "Because I'm A Girl" by Jini (Kiss member)
2.Mandarin version :(Mei You Ni De Mei Yi Tian) ("Days Without You")
3.Cantonese version : (Yi Chong Zhi) ("Wild Seed") by Bobo Chan
4.Tagalog (Philippines) version : "Kung Alam Mo Lang" by Roxanne "Roxie" Barcelo
5.Vietnamese version : "Noi Dau Muon Mang" by Anh Tie
6.Portuguese version : "Se você disser que sim"
7.Japanese version : "Onna Da Kara" by Azuki
8.Turkish version : "Görmez Olsun(bizim şarkımız)"
9.Spanish version : "Because I'm A Girl"


නමුත් මේ ඊයෙ පෙරේදා අපේ මල්ලී මට youtube වල පෙන්නුවා අර මුලින් කියපු වීඩියෝ එක අනුකරනය කරල හදපු කොපියක්. හැබැයි ඒක කරල තියෙන්නෙ නම් තමන්ගේම නිර්මාණයක් විදිහට සමහරවිට මේකෙ ඔරිජිනල් වීඩියෝ එක ලංකාවෙ වැඩිය ජනප්‍රිය නැති නිසා බලන අය හිතන්නේ හැමදාම ෂාරුක් ඛාන්ගේ ‍ෆිල්ම් වල කෑලි කොපි කරකර ඉඳල දැන්වත් තමන්ගෙම නිර්මාණයක් කොලා කියලා. කව්ද දන්නේ මේක කොරියාවෙන් කොපි කලා කියලා...(උඩින්ම තියන වීඩියෝ එකයි මේකයි හොඳින් බලන්න වෙනස පෙනෙයි)



මේ post එක කිසිවෙකුට පහර ගැසීමක් නෙමෙයි. මේ වගේ තව ගොඩාක් තියනවා ඉස්සර කාලෙ ඉදලම වෙන රටවල (ඉන්දියාවෙ) නිර්මාණ නිර්දය ලෙස අනුකරණය ලංකාවෙ කලාකරුවන් කියාගන්නා පිරිසක් විසින් කරන දෙයක්, මේ එක් උදාහරණයක් විතරයි.
Oct 16, 2009
Posted by සහන් සටහන්
Tag :

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -